Sunday, September 14, 2014

පරිගණකයේ කුණූ අයින් කරන්න.



ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. ඔයාගේ පරිගණකය කාලයක් වැඩ කරන කොට සහ විවිද වු මෘදුකාංග වලිනුත් ඔයාගේ පරිගණකයේ වේගය අඩු වෙනවනේ. ඔය Tempory File , Junk File කේස් එක හින්දා. කට්ටිය කලින් නම් ඔය Tempory File , Junk File ක්ලීන් කරගන්න පාවිච්චි කරන්න ඇත්තේ CCleaner කියන මෘදුකාංගය වෙන්න ඕනේ. ඉතින් අද දෙන්න ගෙනාවේ ඔය CCleaner කියන මෘදුකාංගයටත් වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් අඩංගු YAC PC Cleaner කියන මෘදුකාංගයයි. මේකේ අඩංගු දේවල් ටිකක්. Virus Detection , Junk , Privacy Cleanup , Adware Cleanup , System SpeedUp , Startup Menu . Syestem Menu Control  ( SendTo , Right Click ) Unnistaller Program , Network Monitor වගේ වැඩ කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ. 100% ක් නොමොලේ දෙන මෘදුකාංගයක්

Wednesday, September 10, 2014

සුපිරියටම Photo Edit කරගන්න. [ Ashampoo Photo Commander 12 ]


ඔන්න සහෝලා අදත් අරගෙන ආවා තවත් වටිනා කියන මෘදුකාංගයක්. මේක Photo Editing මෘදුකාංගයක්. මේක Photo Shop වගේ ලොකු Advanced මෘදුකාංගයක් නම් නෙමෙයි. ඒත් මේකෙන් පුලුවන් අපි ගාව තියන Photos වල කොලිටි එක වැඩි කරගන්න , Effect , Text , Panorama , Collage වැනි දේවල් පහසුවෙන්ම මේ Ashampoo Photo Commander කියන මෘදුකාංගය හරහා කරගන්න පුලුවන්. මේකේ නොමිලේ දෙන සංස්කරණයක් සහ Pro Version එකකුත් තියනවා. දැන් මේ දීලා තියෙන්න්නේ Ashampoo Photo Commander 12 Pro Version එකයි. ඒක $34.99 වටිනා මෘදුකාංගයක්. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා. වැඩි දැනුමක් අවශ්‍ය නෑ. ඕනම කෙනෙකුට අල්ලගන්න පුලුවන්.

Tuesday, September 2, 2014

Bootable USB Flash Drive එකක් හදාගමු. ( Pen එකෙන් OS එක දාමු. )


ඔන්න සහෝලාට අදත් වැදගත් වෙන ලිපියක් අරගෙන ආවා. අද ලිපියෙන් කියන්න යන්නේ Bootable USB Flash Drive එකක් හදන්නේ කොහොමද කියලයි. මේ ටික කියන්නේ නොදන්න කට්ටියටයි Bootable USB Flash Drive එකක් කියන්නේ  Bootable CD එකක්ම තමයි. වෙනසකට තියෙන්නේ වැඩේ වෙන්නේ Pen Drive එකක් හරහා. මේ ක්‍රමය ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා Netbook එකක් , එහෙමත් නැත්නම් පරිගණකයේ තිබෙන CD / DvD ධාවකයේ ප්‍රශ්ණ තියන කට්ටියට නම් මේක ගොඩක්ම වැදගත් වෙනවා. මේ වැඩේට අපි දැන් පාවිච්චි කරන්නේ  WindowsToUSB Lite කියන කුඩා මෘදුකාංගයයි. මේ මෘදුකාංගය බාවිතා කරලා පුලුවන් අපිට ලේසියෙන්ම Windows 8 / 7 / XP යන සංස්කරණ වල  Bootable USB Flash Drive එකක් හදාගන්න. හරි අපි දැන් බලමු කොහොමද Bootable USB Flash Drive එක හදාගන්නේ කියලා.