Sunday, February 22, 2015

Web Site එකක Photos ඔක්කොම එකපාර Download කරගමු.


ඔන්න මචන්ලා ගෙනාවා අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක්.  අද ගෙනාපු එක Downloading කරන සොෆ්ට්වෙයා එකක්.  Internet Download Manager වගේ එකක් නම් නෙමෙයි. මේක Image
Download කරන එකක්. ඒ කිව්වේ Web Page එකක් තියන පින්තූරු සෙට් එකක්ම එකපාර  Download කරගන්න පුලුවන්. අපි සාමාන්‍යයෙන් කරන්නේ අපිට Save කරගන්න ඕණ Image එකේ  Right Click >>
Save Image as ගිහින්  Save කරගන්න එකනේ.  පින්තූරු සෙට් එකක්ම  Download කරගන්න තියනවනම් ඒක ටිකක් එපා වෙනවනේ.  මේ මෘදුකාංගය ඒකට හොද විසදුමක් වෙයි.  වැඩෙත් කෙරෙනවා , වේලාවත් ඉතුරුයි. මේ  මෘදුකාංගයේ නම තමයි " Bulk Image Downloader ". අරගෙනම බලන්නකෝ.

Friday, February 20, 2015

Desktop එක GIF විදිහට Record කරමු.


ඔන්න මචන්ලා ගෙනාවා අදත් පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අපිට මේකෙන් පුලුවන් අපේ Desktop එකේ සිදුවන ක්‍රියාකාරකම් .gif [ Graphics Interchange Format ] එකෙන් Record කරගන්න පුලුවන්. මේක අපිට සමහර වේලාවන් වලට වැදගත් වෙන  සොෆ්ට්වෙයා කෑල්ලක්. සමහර වෙබ් අඩවි වල කට්ටිය දැකලා ඇති පොඩි පොඩි Animated gif පින්තූර තියනවා. ඒවා Record කරගන්න , තව පොඩි .gif Tutorial එකක් හදාගන්න එහෙම වැදගත් වෙනවා. මෙවැනි .gif  Recording සොෆ්ට්වෙයා කිහිපයක්ම තිබුනත් මේකේ ඒ ඔක්කොටම වඩා පහසුකම් කීපයක්ම අඩංගුයි.  ඒවා තමයි අපි Record කරගන්න  .gif Clip එකට  Text එකක් , Frame එකක් වගේම Filter එකකුත් දාගන්න පුලුවන් වීම. මේක 1 MB වගේ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකේ නම තමයි ScreenToGif.  වැදගත් වෙනවනම් අරගෙනම බලන්නකෝ.

Sunday, February 15, 2015

µTorrent , BitTorrent වල තියන Ads Bar එක 1 Click අයින් කරමු.


ඔන්න මචන්ලා පොඩි Trick එකක් ගෙනාවා. අපි හැමෝම Torrent Download කරනවනේ. ඉතින් ගොඩ දෙනෙක් Torrent Download කරන්න බාවිතා කරන්නේ µTorrent හෝ BitTorrent  මෘදුකාංගයනේ.
ඉතින් පාවිච්චි කරන කට්ටිය දන්නවා ඇතිනේ මේ  අලුත් µTorrent , BitTorrent Version වල තියන මල කරදර Ads Bar දෙකක් තියනවා. ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ µTorrent හෝ  BitTorrent මෘදුකාංගයේ තියන Ads Bar එක Disable කරගන්නේ කියලා.
මේ ක්‍රමයේදි වෙනදා කරනවා වගේ Option >> Preferences >> Advanced ගිහින් Setting හද හද ඉන්න අවශ්‍ය නෑ. මම දෙන සයිට් එකට ගිහින් 1 Click එකක් දෙන්නකෝ. වැඩේ ගොඩ. මේක වෙන්නේ JavaScript එකක් හරහා.

Wednesday, February 11, 2015

YouTube Videos MP3 විදිහට Download කරමු.


ඔන්න මචන්ලා ගෙනාවා තවත් වැදගත් වෙයි කියලා හිතන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අපි හැමෝම වගේ You Tube එකෙන් Videos Download කරනවනේ. නමුත් සමහර වෙලාවට අපි Video එක නැතුව Audio එක විතරක් ගන්න අවස්තාත් තියනවනේ. සමහරු Video එක අරගෙන Mp3 වලට Convert කරනවා අපරාදේනේ Data. තව විදිහක්නේ Video එක Mp3 වලට Convert කරලා දෙන සයිට් එකක් පාවිච්චි කරන එක. කොච්චර සයිට් තිබ්බත් ඒකත් කරදර වැඩක්නේ. ඉතින් දැන් මේ දෙන්න ගෙනාවේ You Tube Video ලේසියෙන්ම Mp3 විදිහට ගන්න  පුලුවන් නියම සොෆ්ට්වෙයා කෑල්ලකුයි. මේකෙන් You Tube Playlist එකක් උනත් ලේසියෙන්ම Download කරගන්න පුලුවන්. මට නම් මේක පට්ට විදිහට ඕණ වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. කරන්න තියෙන්නේ Mp3 විදිහට ගන්න ඕනේ කරන You Tube Video එකේ Link එක කොපි කරගෙන මේ දීලා තියන 4K YouTube to MP3 කියන මෘදුකාංගයට කොපි කරගත්තු Link එක Paste කරන්න.

Monday, February 9, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක [ Windows 10 Support ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත් Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන version 6.22 Build 1 (Released: Feb 05, 2015).  මේකේ තියන ප්‍රදානම විශේශත්වයක් තමයි දැනට නිකුත් කර තිබෙන Windows 10 Technical Preview එක සදහාත් සහය දැක්වීම. මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක් පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Thursday, February 5, 2015

Derana Dell Studio සම්පූර්ණ Mp3 Set එකම Mediafire Links වලින් බාගන්න.


ඔන්න යාලුවනේ අරගෙන දෙරණ නාලිකාවේ විකාශය වන Derana Dell Studio වල මේ වනතෙක් විකාශය උන සියලු කොටස් වල සම්පූර්ණ Mp 3 සෙට් එකම. මහේශ් දෙනිපිටියගේ නිර්මාණාත්මක නව සංගීතයෙන්  Dell Studio හැඩගැන්වේ.

Tuesday, February 3, 2015

$ 399 ක් වටිනා Google Earth PRO නොමිලේම ගන්න.


ඔන්න යලුවනේ අදත් වටිනා පෝස්ටුවක් අරගෙන ආවා. Google සමාගම අපි හැමොම දන්න එකක්නේ. ඉතින් Google සමාගමේ තවත් වටිනාම සේවාවක්නේ  සිතියම්  ආශිත සේවාව වන Google Earth කියන්නේ. ඉතින් මේ Google Earth Enterprise සංස්කරණය වසරක් පුරාවට නොමිලේ ලබාදීමට  Google සමාගම තීරණය කරලා. මේක මිලදි ගන්නවනම් $399 ( රු . 52000 ක් පමණ ) වගේ විශාල මුදලක් වෙනවා. Torrent සයිට් වල නම් මේකේ Crack , Patch Version ඕණ තරම් තියනවා. ඒත් Google සමාගමෙන්ම ඒක නොමිලේ දෙද්දි මොකටද Crack Version ගන්නේ.  Google Earth නොමිලේ ගන්න කරන්න තියෙන්නේ පොඩි දෙයයි. පහත දීලා තියන Link එකට ගිහින් නිවැරදි තොරතුරු සහ Email ලිපිනයක් දෙන්න. ඊට පස්සේ License Key එක ඔයාලා ලබාදුන්න   Email ලිපිනයට එවනවා.

Ad කරදරයෙන් බේරිල Internet යමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට අනිවාරෙන්ම වැදගත් වෙන පොඩි ට්‍රික් එකක්. අන්තර්ජාලය බාවිතා කරන අපි නොයෙකුත් ආකාරයේ වෙබ් අඩවි වලට යනවනේ. ඉතින් ඔහොම යන වෙබ් අඩවි ගොඩකම නොයෙකුත් ආකාරයේ  Ad ( දැන්වීම් ) තියනවනේ. සමහර දැන්වීම් තියනවා වෙබ් බ්‍රව්සර් එකේ වෙනම Window එකක් ඕපන් වෙලා දැන්වීම් යනවා , You Tube Videos Play වෙනවා. Limited Data Package එකක් පාවිච්චි කරන කෙනෙකුගේ ඉක්මනින්ම Data ප්‍රමාණය ඉවර වෙන්නත් මේ Ad  කේස් එක ලොකුවටම බලපානවනේ. ඉතින් දැන් මම මේ දෙන්න යන්නේ ඔය  වෙනම Window එකක් ඕපන් වෙලා PopUp වෙන දැන්වීම් කරදරෙන් බේරෙන්න පුලුවන් බොහෝම සරල
 ක්‍රමයක්. මේක ගැන කියනවනම් මේක Browser Extension එකක්. කරන්න තියෙන්නේ මම දෙන සයිට් එකට ගිහින් ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකට ගැලපෙන Browser Extension එක බ්‍රව්සර් එකට Install  කරගන්න එක විතරයි. මේකේ නම තමයි µBlock ලගදි තමයි Firefox වලට  හදුන්වා දුන්නේ.

Sunday, February 1, 2015

Films & Tv Series Download කරගන්න නියම සයිට් ටිකක්.


අපි හැමෝම වගේ අන්තර්ජාලය හරහා චිත්‍රපට Download කරනවනේ. ඒ නිසා අද අරගෙන ආවා Films & Tv Series බාන්න පුලුවන් හොද සයිට් කීපයක්. මේ දෙන්නේ H.265 HEVC ( High Efficiency Video Coding ) Codec එකෙන්  Encode කරපු  Films / Tv Series පුලුවන් පට්ට සයිට් එකක්. H.265 එකෙන් Encode කරපුවා සයිස් එකෙන් අඩුයි  කොලිටි එකේ  සවුන්ඩ් වල කිසිම අවුලක් නෑ. 720 p Film එකක් ගන්න පුලුවන් 300 +  MB වලට වගේ. Tv Series එකක් නම් 480 P , 720 P තියනවා 100 - 250 MB වගේ සයිස් එකට.  Direct Link වලින් තමා Download කරන්න තියෙන්නේ. Link එක ගද්දි clicknupload Link එකක් ගන්න. ඒකේ  Waiting Time නෑ , කැප්චා නෑ  , Full Speed එක දෙනවා.  H.265 Film එකක් Play කරාම Picture එක නැතුවSound එක විතරක් එනවනම් Player එක Update කරගන්න.