Thursday, August 18, 2016

Torrent Schedule Download කරමු.


ඔන්න Torrent Download කරන කට්ටියට ටිකක් වැදගත් වෙයි කියලා හිතන ලිපියක් අද අරගෙන ආවා.  ගොඩක් දෙනෙක් Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරාට ඒකේ තියන මෙන්න මේ Feature එකනම් ගොඩක් දෙනෙක් පාවිච්චියට ගන්නේ නෑ. ඒ තමයි Torrent Schedule Downloading කියන එක. මේ Feature එක අපිට විවිද අවස්තා වලදි ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. විශේශයෙන්ම මාසික ගාස්තු සහිත Data Package වලට හම්බවෙන Night Time Data උපරිම වශයෙන් බාවිතයට ගන්න මෙන්න මේ Torrent Schedule Downloading කියන පහසුකම ගොඩක් වැදගත් වෙනවා.  මේ Schedule Downloading පහසුකමේදි අපිට Download වෙන්න දාලා තියන Torrent එක යම් කාලසීමාවක සිට තවත් කාලසීමාවකට අපිට අවශ්‍ය ලෙසට Download වීම / Seeds කිරිම  අපිට පාලනය කරගන්න පුලුවන්. මේ Schedule Downloading පහසුකම  μTorrent , Bittorrent , Vuze , BitComet , qBittorrent , Tixati වැනි සියලුම Torrent Client මෘදුකාංග වල මේ Schedule Downloading පහසුකම තියනවා. හරි මෙහෙමයි Torrent Schedule Downloading Setting හදාගන්නේ.....



මම පාවිච්චි කරන්නේ μTorrent Client එක නිසා මේ තියෙන්නේ ඒකෙන් කරගන්න විදිහ.. අනෙක් Torrent Client වල මෙය සුලු වශයෙන් වෙනස් වෙන්න පුලුවන්.

Options -> Preferences යන්න.


Scheduler ක්ලික් කරලා " Enable Scheduler " කියන තැන " " සලකුණ දාන්න.


ඊට පස්සේ සතියේ දින 7 පෙන්වනවා. ඔබට අවශ්‍ය ලෙසට දින ටික Schedule කරගන්න පුලුවන්. මෙතනදි Download වීම පාලනය කරන්න තියෙන්නේ වර්ණ 4ක් මගිනුයි..


තද කොළ = Full Speed
ලා කොළ = Limited ( Setting වලින් Limited Download / Upload Rate එක ලබාදෙන්න. )
සුදු = Turn Off ( Stop Torrent Download )
ලා රෝස = Torrent Seeding Only

අපි උදාහරණයකට අපේ Night Time Data වලින් විතරක් Torrent Schedule Download කරගන්න ඕණනම් මේ විදිහට Setting හදන්න. ( Thursday )


නිවැරදිව Schedule කරලා Download වෙන්න දාලා තියන Torrent ටික " Start Torrent " කරන්න. එතකොට " Queued " කියලා තමයි පෙන්වන්නේ. ඔයාලා Schedule කරපු වේලාව ආපුවම Torrent ටික ඉබේම Start Download වෙනවා...