Monday, September 5, 2016

Torrent File Search කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.


 ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙය් කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Torrent Search කරන්න පුලුවන් පොඩි Software එකක්. සමහරක් වේලාවට අපිට ඕණ කරන Torrent එකක් හොයාගන්න ET , Piratebay , 1337x , Ahashare වැනි ජනප්‍රිය Torrent සයිට් කිහිපයකටම ගිහින් Search කරනවනේ. ඉතින් අද මේ දෙන " Bit Che " කියන කුඩා මෘදුකාංගය හරහා අපිට අවශ්‍ය Torrent ගොනුවක් බොහෝම පහසුවෙන්ම Search කරලා Torrent සයිට් ගොඩක Search Result එක එකම තැනකින් බලාගන්න පුලුවන්. ඒ වගේම ඒ Torrent එකට අදාල # Hash එක , Seeders & Leechers ප්‍රමාණය , Trackers වගේම Magnet Link එකත් අවශ්‍ය නම් කොපි කරගන්න පුලුවන්.

ඔයලා බයිස්කෝප් සයිට් එකෙන් සිංහල උපසිරැසි ගන්න කෙනෙක් නම් දැන් දන්නවා ඇතිනේ බයිස්කෝප්  සයිට් එකෙන් දැන් Torrent Link දෙන්නේ නෑ කියලා. ඉතින් ඒක නිසා සමහර කට්ටිය උපසිරැසි පිටපතට ගැලපෙන්නේ නැති ඒවත් Download කරගෙන Data ටික නාස්ති කරගන්නවා. ඉතින් ඒ කට්ටියටත් අනිවාරෙන් මේ " Bit Che " කියන කුඩා මෘදුකාංගය වැදගත් වෙනවා. කරන්න තියෙන්නේ බයිස්කෝප් සයිට් එකෙන් දීලා තියන චිත්‍රපටයේ පිටපතේ නම කොපි කරගෙන ( Ex :- Jason.Bourne.2016.HC.HDRip ) Bit Che මෘදුකාංගයෙන්  පොඩි Search එකක් දාන  එක විතරයි.