Pages

Tuesday, February 2, 2016

Windows Firewall එකෙන් සොෆ්ට්වෙයා එකක් Block කරන්නේ මෙහෙමයි...


ඔන්න අදත් අරගෙන ආවා ටිකක් වැදගත් වෙන පෝස්ට් එකක්... අපි සමහර වෙලාවට අන්තර්ජාලය හරහා සොෆ්ට්වෙයා Download කරගෙන ඒවා Serial Key , Cra** , හෝ Pat** කරලා සාර්තකව Register කරගන්නවනේ. නමුත් ඊට පහුවෙනිදාම අපි දීපු Serial , Cra** , Pat** එක මාට්ටු වෙලා අදාල මෘදුකාංගය නැවතත් Trial එකක් බවට ඉබේම පත්වෙනවනේ. අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා ඉන්න වෙලාවක ඒ මෘදුකාංගය Open කරගත්තම තමයි ඔහොම වෙන්නේ. ( හැම එකම නෙමෙයි ). ඉතින් ඒකට කරන්න තියෙන්නේ Windows Firewall හරහා එම මෘදුකාංගය අන්තර්ජායට සම්බනද වීම අවහිර ( Block ) කරලා දාන එකයි... වැඩේ කරගන්නේ මෙන්න මෙහෙමයි....



Control Panel එක ගන්න.. Winows Firewall ක්ලික් කරන්න.

 
“ Advanced settings ” ක්ලික් කරන්න.



ලැබෙන  “ Firewall with Advanced Security ” Window එකේ  “ Outbound Rules ” ක්ලික් කරන්න.


ක්ලික් කරාම එන Outbound Rules Window එකේ “ New Rule ” ක්ලික් කරන්න.



ඒක ක්ලික් කරාම එන " New Outbound Rule Wizard " Window එකේදි තමයි අපිට Block කිරිමට අවශ්‍ය වන Program එක දෙන්නේ. ඒක මෙහෙමයි කරගන්නේ..

 
 “ Program ” Select කරලා “ Next ” ක්ලික් කරන්න.


 
This Program Path ” එකට අපිට අන්තර්ජාලයට සම්බන්ද වීම අවහිර කිරිමට ( Block ) අවශ්‍ය වන Program එකේ  “ .exe ” එක Select කරන්න.
( මම මෙතනදි තෝරගන්නේ " CyberLink PhotoDirector " මෘදුකාංගයයි... ))
[[  අදාල  මෘදුකාංගය Install කරලා තියන Path එක Browse කරලා “ .exe ” එක Select කරන්න. ]]
උදා /- " C:\Program Files\CyberLink\PhotoDirector7\PhotoDirector7.exe "

“ Next ” ක්ලික් කරන්න.




Choose “ Block the connection ”  Next ක්ලික් කරන්න.



වෙනසක් සිදුනොකරම Next ක්ලික් කරන්න.



අවසාන පියවර වශයෙන් Name කියන තැනට කැමති එකක් දීලා “ Finish ” ක්ලික් කරන්න.
( දෙන නම මතක තියා ගන්න. අපිට මේක Delete කරන්න එහෙම උනොත් ප්‍රයෝජනවත් වෙනවා. )



දැන් මෙන්න මෙහෙම පෙනෙයි ඔයාලා Block කරපු Program එක.



░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░ 


No comments:

Post a Comment

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.