Pages

Thursday, September 17, 2015

iOS 9 නිකුත් වේ...නිවැරදිව iOS 9 වෙත Update කරමු.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවේ Apple ගැන පෝස්ට් එකක්.  ඇපල් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්දතිය වන  ios 9 ඊයේ නිකුත් කරා.[ 2015 / 09 16 ] අලුත් අලුත් විශේශාංග සහ තිබුණූ ඒවා තවත් වැඩි දියුණූ කරලා සුපිරිම විදිහට තියනවා.  News , Wallet , iCloud Drive App , Multitasking , සහ වැඩි දියුණූ කල Siri වගේම වැඩිදියුණූ කල security , performance , longer battery life වගේ සහ මිට අමතර ගොඩක් Features තියනවා. ඉතින් මේ ලිපියෙන් කියවෙන්නේ ඔබගේ ඇපල් උපාංගය නිවැරදිව  iOS 9 වෙත යාවත්කාලීන කරන ආකාරය ගැනයි.


 * iOS 9 සහය දක්වන ඇපල් උපංග


ios 9  හී විශේශතා කිහිපයක්..
 
Smarter Siri
Apple Pay *
Apple Maps
Apple News app
Multitasking for iPad
New iOS 9 keyboard
Search Setting
Battery Widget
Back to App
Low Power mode
iCloud Drive app
Select multiple photos
Faster and More responsive
Quick Reply to Messaging apps
Picture-in-Picture
Split View
Improved Text Selection


* iOS 9 වෙත Update කිරීමට පෙර

    ඔබගේ ඇපල් උපංගය iOS 8.1 වෙත යාවත්කාලීන කිරීමේ දී එම උපාංගය iCloud Lock නම් සියල්ලට ම ප්‍රථමයෙන් එය Unlock කර ගන්න ඔබගේ උපාංගය iCloud Lock වී ඇතිදැයි දැන ගැනීමට මෙම අඩවියට පිවිස එහි Serial Number එක හෝ IMEI එක යොදා සොයා බලන්න.

    ඔබගේ උපාංගය R-Sim වැනි සිම් පතක් භාවිතයෙන් Unlock කර තිබේ නම් එය iOS 9 වෙත සහය දක්වනවා ද යැයි තහවුරු වන තෙක් Update කිරීමෙන් වැළකී සිටින්න.තව ද ඔබගේ අයිෆෝනය Factory Unlock කර නොමැතිනම් මෙමඟින් එය නැවත Lock විය හැකි ය.

    එමෙන් ම ඔබ Jailbreak කර ඇතිනම් සහ තවදුරටත් ඔබට Jailbreak කිරීම අවශ්‍ය නම් iOS 9 සඳහා සහය දක්වන තෙක් Update කිරීමෙන් වැළකී සිටින්න.


* iOS 9 වෙත යාවත්කාලීන කරන ආකාරය

මේ යාවත්කාලීන කිරිම ක්‍රම කිහිපකටම කරගන්න පුලුවන්.

1 ] ඇ‌පල් උපාංගයෙන් ම යාවත්කාලීන කර ගැනීමට (OTA Update).
2 ] I Tunes හරහා යාවත්කාලීන කර ගැනීම.
3 ] IPSW එක Direct Download කරගෙන  I Tunes හරහා යාවත්කාලීන කර ගැනීම.

මෙතනදි අපි කරන්නේ 2 වන ක්‍රමයට.  (  I Tunes හරහා යාවත්කාලීන කර ගැනීම. )

** ප්‍රථමයෙන් ඔබගේ I Tunes මෘදුකාංගය Latest Version එකට Update කරගන්න.

** ඔබගේ ඇපල් උපංගය Data Cable එක මගින්  පරිගණකයට සම්බන්ධ කොට iTunes Open කරගන්න. iTunes මඟින් ඔබගේ ඇපල් උපංගය Detect කරගත්  පසු අදාළ උපාංගය තෝරා Backup Now යන්න Click කරන්න.අදාළ ක්‍රියාවලිය නිමවන තෙක් මඳක් රැදී සිටින්න.මෙහිදී ඔබට Backup එක පරිගණකයේ හෝ iCloud  හි save කරගත හැකි ය.


1 Update
**  ඉහත පියවර අවසන් වූ පසු ඔබගේ උපංගය යාවත් කාලීන කිරීමට අදාළ උපාංගය තෝ‌රා Update යන්න Click කරන්න. මෙහිදී ඔබගේ ඇ‌පල් උපාංගයට අයත් IPSW  ගොනුව Download වන අතර ( 1.5 GB  හෝ ඊට වැඩි-ඔබගේ උපංගය මත තීරණය වේ ) එලෙස Download වූ පසු Update වීම ආරම්භ වේ.මේ සඳහා යම් වේලාවක් ගතවන අතර මෙහිදී ඔබගේ උපාංගයේ සියලු සැකසුම්,ගොනු දත්ත සියල්ල ම එලෙස ම පවතින අතර  (Firmware) පමණක් යාවත්කාලීන වේ.

2 Restore කිරිම

   **  ඔබට iOS 9 Clean Install කරගැනීමට අවශ්‍ය නම් ( නව ඇපල් උපාංගයක් ලෙස ) ඉහත පරිදි පරිගණකයට සම්බන්ධ කොට iTunes වලින් Update යන්න වෙනුවට Restore යන්න Click කරන්න. එහිදී Restore and Update යන්න තෝරන්න.මෙහිදී ද ඔබගේ ඇ‌පල් උපාංගයට අයත් IPSW ගොනුව Download වන අතර ( 1.5 GB හෝ ඊට වැඩි ) එලෙස Download වූ පසු Restore වී Update වේ.ඉන් පසුව ඔබට අවශ්‍ය නම් එම උපංගය කළින් Save කරගත් Backup එකකට Restore  කළ හැකි අතර නැතිනම් නව උපංගයක් ලෙස Setup කරගත හැකි ය.

මෙන්න iOS 9 Update Screen Shot











තවද ඔබට ඔබගේ උපංගයට අදාළ IPSW ගොනු මෙම වෙබ් අඩවි වලින් Direct Download කරගන්නත් පුලුවන්.



ඔබ iTunes හි Update බටනය හෝ Restore බටනය Click කරන විට ඔබ Mac එකක් භාවිත කරනවානම් Option බොත්තම ඔබාගනිමින් ද ඔබ Windows  භාවිත කරන්නේනම් Shift බොත්තම ද ඔබා ගනිමින් Restore බටනය Click කරන්න.එවිට ලැබෙන තිරයෙන් Download කරගත් iOS 9 අනුවාදයේ IPSW  ගොනුව තෝරා Restore හෝ Update කරන්න.


#  ඇ‌පල් උපාංගයෙන් ම යාවත්කාලීන කර ගැනීමට(OTA Update)

 ** ප්‍රථමයෙන් ඔබගේ ඇපල් උපාංගය Backup කර ගන්න.

   ** Settings >> General >> Software Update යන්න තෝ‌රා Download and Install යන්න Tap කරන්න.මෙහිදී Download වන්නේ iOS 9  එකට අදාළ යවත්කාලීන වීමට අවශ්‍ය දත්ත ඇතුළත් ගොනුව Download වීම ඇරබේ. ( 1 GB වගේ. ඔබගේ උපංගය මත තීරණය වේ )
    ඉන් පසු ලැබෙන ගිවිසුම හා එකඟ වූ පසු අදාළ IPSW ගොනුව Download වීම ආරම්භ වේ.


මෙන්න ios 9 Screen Shot.







ඇපල් සිංහලෙන් වෙබ් අඩවියේ කරුණූ ඇසුරින් ලිපිය සකස් කරන ලදී.





No comments:

Post a Comment

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.