ඔන්න කලික් ලිපියෙන් Xiaomi ෆෝන් එක්ක Bootloader එක Unlock කරගන්න විදිහ කියලා දුන්නනේ. අපි අද බලමු මේ Unlock කරගතු ෆෝන් එකට Custom Recovery එකක් දාගන්නේ කොහොමද කියලා. අපිට Custom Rom එකක් Flash කරගන්න වගේම Magisk වලින් Root කරන්නත් අපිට අනිවාරෙන්ම Custom Recovery එකක් අවශ්‍ය වෙනවා. අපේ ෆෝන් එකට එන Stock Recovery එකෙන් අපිට ඒ වැඩ කරගන්න බෑ. අපිට ඒ සදහා ඊට වඩා වැඩි පහසුකම් හා විශේශාංග ඇතුලත් Custom Recovery එකක උදව් ගන්න වෙනවා. ඒ සදහා දැනට " TWRP " , " OrangeFox " , " PitchBlack " වැනි Custom Recovery එකක් යොදාගන්න පුලුවන්.
Friday, May 8, 2020
Monday, May 4, 2020
Xiaomi , Redmi ෆෝන් එකක Bootloader Unlock කරමු.
Posted on 2:02 AM by podipodidhewal
ඔන්න අද ගොඩක් දවසකට පස්සේ ලිපියක් අරගෙන ආවා. අද අරගෙන ආවේ Xiaomi දුරකථනයක Bootloader එක Unlock කරගන්නේ කොහොමද කියලයි. මේ Bootloader එක අපි Phone Shop එකෙන් Phone එක මිලදි ගද්දිම Lock කරලමයි තියෙන්නේ. එසේ කිරිමට ප්‍රදානතම හේතුව වන්නේ දුරකථනයේ ආරක්ශාවයි. ඒ මොකද Bootloader එක Unlock ෆෝන් එකක User Data පහසුවෙන් වෙනස්කම් කිරිමේ හැකියාව ලැබෙනවා. එවැනි හේතු නිසා තමයි Bootloader Lock කරලා Device එක එවන්නේ. අපිට Custom Recovery එකක් දාන්න , Custom Rom එකක් දාන්න Phone එක Root කරගන්නත් අවශ්‍ය මුලිකම කරුණ මේ Bootloader එක Unlock කිරිමේ ක්‍රියාවලියයි.
Tuesday, April 25, 2017
Torrent File Direct ගන්න පුලුවන් අලුත් සයිට් එකක්.
Posted on 8:41 AM by podipodidhewal

ඔන්න යාලුවනේ ගොඩ දවසකට පස්සේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ අපිට Torrent ගොනුවක් IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින් Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැන. මේ සයිට් එකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ කෙලින්ම බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක දෙන්න විතරයි තියෙන්නේ. අපිට දාන්න පුලුවන් උපරිම Torrent එකක ධාරිතාව 2GB. අදාල ගොනුව රදවා ගන්න කාල සීමාව ගැන නම් සදහනක් නෑ... IDM එකේ Resume Support කරනවා. ට්‍රයි කරලාම බලන්නකෝ.......
Tuesday, November 29, 2016
Burning වලට පට්ටම බාන්ඩයක් වන Ashampoo Burning Studio 18 නවතම සංස්කරණය උණූ උණූවෙම Download කරගන්න.
Posted on 5:04 PM by podipodidhewal
කොහොමද යාලුවනේ. ඔන්න අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ගැන ලිපි කිහිපයක්ම කලිනුත් පල කරලා තියනවා. ඉතින් අද දෙන්න අරගෙන ආවේ මේ මෘදුකාංගයේ අලුතෙන්ම එන සංස්කරණයයි. මේකේ නම තමයි " Ashampoo Burning Studio 18 ". මේක ( Version 18.0.0, 2016/11/28 ) වෙනිදා තමයි නිකුත් උනේ. මේක ගැන පොඩි හැදින්වීමක් කරනවනම් මේක Burning Software එකක්. තවමත් ගොඩක් දෙනෙක් තමන්ට අවශ්‍ය කරන Data Backup කිරීමට යොදා ගන්නේ CD / DvD වලට Burn කරලා තියාගන්නවනේ. ඉතින් ඒ විදිහට අපිට Data Burn කරන්න මේක හොදම මෘදුකාංගයක් කියලා කියන්න පුලුවන්. මොකද කියනවනම් Nero එකේ අලුත් Version එකක් සාමාන්‍ය පරිගණකයකට Install කරොත් ඉතින් ඒකෙන් වෙන වැඩක් කරගන්න බැහැනේ. පරිගණකය ස්ලෝ වෙනවා වැඩියි. මොකද Nero එකට ඕණ කරන Syesten Requiment එක ගොඩක් වැඩි හින්දා. ඉතින් අද අරගෙන ආව Ashampoo Burning Studio 18 එහෙම ප්‍රශ්ණයක් නොවී අපිට අවශ්‍ය ඕණම Disc එකක් ලේසියෙන්ම පරිගණකය ස්ලෝ වෙන්නෙත් නැතිවම වැඩ කරගන්න පුලුවන්. තව එකක් මේක සල්ලි
දීලා ගන්නවනම් $59.99 ක් වෙනවා. මම දීලා තියන ලින්ක් එකෙන් නොමිලේම ගන්න පුලුවන්.
දීලා ගන්නවනම් $59.99 ක් වෙනවා. මම දීලා තියන ලින්ක් එකෙන් නොමිලේම ගන්න පුලුවන්.
Thursday, November 17, 2016
Prisma App එකෙන් වගේ පරිගණකයෙන් Photo Edit කරමු.
Posted on 9:15 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. කට්ටියම දන්නවනේ පසුගිය දවස්වල Facebook ඇතුලු Social Media වල ලැවිගින්නක් වගේ පැතිරිලා ගිය Prisma App එකෙන් Photo Edit කිරීම. ඉතින් ඔය Prisma App එක තිබ්බේ Apple ios සහ Android කියන Smartphone Platform දෙකට විතරනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න යන්නේ අපේ Windows පරිගණකයෙන්ම Prisma App එකෙන් වගේම Photos / Videos Edit කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකකුයි. මේ නම තමයි " NeuralStyler ". මේක Windows සහ Ubuntu 64-bit සංස්කරණ සදහා හදුන්වා දී තියනවා. මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දෙන නිදහස් මෘදුකාංගයක්. එහෙනම් ඉතින් මේකත් පාවිච්චි කරලා බලලා හොද නරක කියන්නකෝ. 💙👌👍
Wednesday, October 26, 2016
මන්දගාමී උන පරිගණකය නැවතත් වේගවත් කරගන්න මෙන්න " Advanced SystemCare " අලුත්ම එක.
Posted on 8:54 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද අරගෙන ආවා තවත් සුපිරි මෘදුකාංගයක අලුත්ම Version එකක්. මේ මෘදුකාංගයේ නම " Advanced SystemCare Pro ". මේ මෘදුකාංගය ගැන කෙටි හැදින්වීමක් කරනවනම් ඕනෑම පරිගණකයක් මෙහෙයුම් පද්දතිය අලුතින් ස්තාපනය කර ටික කලක් යන විට හා කාලයක් පරිගණකය බාවිතා කරනකොට පරිගණකය මන්දගාමි වෙන බව අපිට හොදටම තේරෙනවානේ. OS එකේ , Registry , Software වල තියන පොඩි පොඩි ගැටලු සහ පරිගණකය කාලයත් සමග බාවිතා කරනකොට එකතු වෙන Temporary Files හා Malware වැනි Virus වර්ගද මෙයට හේතුවනවා. ඉතින් මේ කරදර ඔක්කොම ලේසියෙන්ම Fix කරගන්න පුලුවන් ලෝකේ තියෙන ජනප්‍රියම පරිගණක වැඩසටහනක් තමයි " Advanced System Care " කියන්නේ. කරන්න තියෙන්නේ මේ මෘදුකාංගය Install කරගෙන Scan එකක් කරන එක විතරයි. ඊට පස්සේ ඔයාගේ පරිගණකයේ තිබෙන දෝශ ටික පෙන්වයි. ඊට පස්සේ " FIX " බොත්තම ඔබන්න විතරයි තියෙන්නේ. දෝශ ටික Automatically Fix කරලා දානවා. ඒ වගේම Computer එක Boot වෙන්න ගතවන කාලයත් අඩුකරනවා. ඒ වගේම මේ අලුත් Version එකෙන් තව වැඩ ගොඩක් කරගන්න පුලුවන්.
Monday, September 5, 2016
Torrent File Search කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.
Posted on 8:25 AM by podipodidhewal

ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙය් කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Torrent Search කරන්න පුලුවන් පොඩි Software එකක්. සමහරක් වේලාවට අපිට ඕණ කරන Torrent එකක් හොයාගන්න ET , Piratebay , 1337x , Ahashare වැනි ජනප්‍රිය Torrent සයිට් කිහිපයකටම ගිහින් Search කරනවනේ. ඉතින් අද මේ දෙන " Bit Che " කියන කුඩා මෘදුකාංගය හරහා අපිට අවශ්‍ය Torrent ගොනුවක් බොහෝම පහසුවෙන්ම Search කරලා Torrent සයිට් ගොඩක Search Result එක එකම තැනකින් බලාගන්න පුලුවන්. ඒ වගේම ඒ Torrent එකට අදාල # Hash එක , Seeders & Leechers ප්‍රමාණය , Trackers වගේම Magnet Link එකත් අවශ්‍ය නම් කොපි කරගන්න පුලුවන්.
ඔයලා බයිස්කෝප් සයිට් එකෙන් සිංහල උපසිරැසි ගන්න කෙනෙක් නම් දැන් දන්නවා ඇතිනේ බයිස්කෝප් සයිට් එකෙන් දැන් Torrent Link දෙන්නේ නෑ කියලා. ඉතින් ඒක නිසා සමහර කට්ටිය උපසිරැසි පිටපතට ගැලපෙන්නේ නැති ඒවත් Download කරගෙන Data ටික නාස්ති කරගන්නවා. ඉතින් ඒ කට්ටියටත් අනිවාරෙන් මේ " Bit Che " කියන කුඩා මෘදුකාංගය වැදගත් වෙනවා. කරන්න තියෙන්නේ බයිස්කෝප් සයිට් එකෙන් දීලා තියන චිත්‍රපටයේ පිටපතේ නම කොපි කරගෙන ( Ex :- Jason.Bourne.2016.HC.HDRip ) Bit Che මෘදුකාංගයෙන් පොඩි Search එකක් දාන එක විතරයි.
ඔයලා බයිස්කෝප් සයිට් එකෙන් සිංහල උපසිරැසි ගන්න කෙනෙක් නම් දැන් දන්නවා ඇතිනේ බයිස්කෝප් සයිට් එකෙන් දැන් Torrent Link දෙන්නේ නෑ කියලා. ඉතින් ඒක නිසා සමහර කට්ටිය උපසිරැසි පිටපතට ගැලපෙන්නේ නැති ඒවත් Download කරගෙන Data ටික නාස්ති කරගන්නවා. ඉතින් ඒ කට්ටියටත් අනිවාරෙන් මේ " Bit Che " කියන කුඩා මෘදුකාංගය වැදගත් වෙනවා. කරන්න තියෙන්නේ බයිස්කෝප් සයිට් එකෙන් දීලා තියන චිත්‍රපටයේ පිටපතේ නම කොපි කරගෙන ( Ex :- Jason.Bourne.2016.HC.HDRip ) Bit Che මෘදුකාංගයෙන් පොඩි Search එකක් දාන එක විතරයි.
Tuesday, August 23, 2016
Films , TV Series , Torrent , Softwares , Games Download කරන්න සුපිරි සයිට් සෙට් එකක්.
Posted on 9:27 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද ලිපියෙන් අරගෙන ආවා අන්තර්ජාලය හරහා Films , TV Series Download කරන අපේ කට්ටියට වැදගත් වෙන ලිපියක්. ඒ කිව්වේ අද ලිපියෙන් දෙන්න යන්නේ Films , TV Series , Torrent , Softwares , Android App , Games වගේම තවත් ගොඩක් දේවල් Download කරගන්න පුලුවන් නියම සයිට් ලිස්ට් එකක්. මේ සයිට් වලින් 1080 / 720 P වගේම දැන් ගොඩක් දෙනෙක් බාන්න පුරුදු වෙලා ඉන්න x 265 HEVC Encode සයිට් ටිකක් වගේම Torrent Link + Direct Link දෙන සයිට් සෙට් එකක්ම තියනවා. අනිවා ඔයාලට මේ සයිට් ටික වැදගත් වෙයි....
Thursday, August 18, 2016
Torrent Schedule Download කරමු.
Posted on 10:22 AM by podipodidhewal
ඔන්න Torrent Download කරන කට්ටියට ටිකක් වැදගත් වෙයි කියලා හිතන ලිපියක් අද අරගෙන ආවා. ගොඩක් දෙනෙක් Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරාට ඒකේ තියන මෙන්න මේ Feature එකනම් ගොඩක් දෙනෙක් පාවිච්චියට ගන්නේ නෑ. ඒ තමයි Torrent Schedule Downloading කියන එක. මේ Feature එක අපිට විවිද අවස්තා වලදි ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. විශේශයෙන්ම මාසික ගාස්තු සහිත Data Package වලට හම්බවෙන Night Time Data උපරිම වශයෙන් බාවිතයට ගන්න මෙන්න මේ Torrent Schedule Downloading කියන පහසුකම ගොඩක් වැදගත් වෙනවා. මේ Schedule Downloading පහසුකමේදි අපිට Download වෙන්න දාලා තියන Torrent එක යම් කාලසීමාවක සිට තවත් කාලසීමාවකට අපිට අවශ්‍ය ලෙසට Download වීම / Seeds කිරිම අපිට පාලනය කරගන්න පුලුවන්. මේ Schedule Downloading පහසුකම μTorrent , Bittorrent , Vuze , BitComet , qBittorrent , Tixati වැනි සියලුම Torrent Client මෘදුකාංග වල මේ Schedule Downloading පහසුකම තියනවා. හරි මෙහෙමයි Torrent Schedule Downloading Setting හදාගන්නේ.....
Saturday, July 30, 2016
සුපිරියටම ලේසියෙන් Video Edit කරන්න මෙන්න Wondershare Filmora අලුත්ම එක.
Posted on 2:55 AM by podipodidhewal
ඔන්න යාලුවනේ
අරගෙන ආවා සුපිරිම Software එකක්. මේක ගැන කියනවම මේකත් Video Editing
සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කලිනුත් ලිපි කිහිපයක්ම දාලා තියනවා. මේකේ තවත් අලුත්
Version එකක් ඇවිත් තියනවා අලුත් විශේශාංග කිහිපයකුත් එක්ක.. සාමානය්‍යයෙන්
CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න පරිගණකයේ හොද
වේගයක් , රැම් මතකයක් අවශය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ
ප්‍රදාන වාසියක් තමයි අවශය්‍ය කරන System Requirements ඉතා අවම වීමයි. ඒක
නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක්
ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි 150 MB තියෙන්නේ. වැඩ කරගන්නත් ලේසියි වැඩ
කෑලි ගොඩයි.. තියන Effect , Transition , Filters එහෙම හොදටම තියනවා. මේකේ
නම තමයි " Wondershare Filmora ". මේකේ ප්‍රදාන කොටස් 2ක් තියනවා. ඒ තමයි
Eazy mode සහ Full Feature Mode කියලා. Eazy Mode එකෙන් අපිට බොහෝම පහසුවෙන් Photo Set එකක් දාලා ලස්සන වර්ණවත් Slide Show එකක් හදාගන්න පුලුවන්. අනිත් Full Feature Mode එක බාවිතා
කරලා කැමති Effect , Transition Filters , Overlays , Elements බාවිතා
කරලා හොද තත්වයේ Video Edit එකක් කරගන්න පුලුවන්. එහෙනම් ට්‍රයි කරලා
බලන්නකෝ.....
Monday, July 25, 2016
iOS 9.3.3 - 9.2 Jailbreak කරමු. [ How to Jailbreak iOS 9.3.3 – iOS 9.2 Using Pangu Jailbreak ]
Posted on 9:31 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද ලිපියෙන් කියන්න යන්නේ Apple සමාගමේ නවතම මෙහෙයුම් පද්දතිය වන iOS 9.2 - 9.3.3 යන සංස්කරණ Jailrake කරගන්නා ආකාරයයි. මේ iOS 9.2 - 9.3.3 සංස්කරණ සාර්තකව Untethered jailbreak කිරිමට Tool එකක් නිකුත් කිරිමට Pangu Team එක ඊයේ සමත් උණා ( 07 / 24 ). දැනට නම් මේ Tool එක තියෙන්නේ චීන භාශාවෙන් පමනයි... ඉංග්‍රිසි එකත් ලගදීම දෙනවා කියලා තමයි කියන්නේ.. ඔයාලා Jailbreak එක කරනවනම් පහලින් දාලා තියන Videos දෙක හොදට බලලාම කරගන්න. ඒක කෝකටත් හොදයිනේ. හරි දැන් කෙටියෙන්ම Jailbreak කිරිම ගැන පැහැදිලි කලොත් Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක ( iPhone , iPad , iPod touch , ) ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත් කොට එය අපට අවශ්‍ය විදිහට Customize කරගැනීමයි. හරියට Android Device එකක් Root කරනවා වගේ. මෙමගින් අපට ඇපල් Store එකේ දී වගේ ම තවත් වෙනස් පහසුකම් සහිත Cydia Tweaks ලබා ගත හැකි අතර තේමා (Themes) ස්ථාපනය කිරීම , Pirate ඇප්ස් ස්ථාපනය කිරීම වැනි පහසුකම් ද ලබා ගන්න පුළුවන්.
Sunday, July 24, 2016
Prisma නිල වශයෙන් Android සදහා හදුන්වා දෙයි.... [ Prisma Official Android version ]
Posted on 11:40 AM by podipodidhewal
මෙි දවස්වල Facebook ඇතුලු Social Media වල ලැවිගින්නක් වගේ පැතිරිලා යන දෙයක් තමයි Prisma App එකෙන් Photo Edit කරලා හදපු ලස්සන ෆොටෝස් FB අප් කරන එක.. ඔන්න ඉතින් ගොඩ දෙනෙකුට තිබ්බ ලොකුම ප්‍රශ්ණයක් මීට ටික වේලාවකට කලින් විසදුනා. ඒ තමයි Prisma App එක නිල වශයෙන් Android උපාංග සදහා නිකුත් කිරිම. මීට කලින් Prisma App නිකුත් කරලා තිබ්බේ Apple Ios සදහා පමණයිනේ.. ඉතින් අද නිකුත් කරපු මේ නිල Prisma Android App එක Android 4.1 හා ඊට ඉහල සංස්කරණ සමග හොදින් වැඩ කරනවා... මෙහි විවිද 30 කට වැඩි සුපිරි Artworks Filters ප්‍රමාණයක් අඩංගුයි. එහෙනම් Download කරගෙනම බලන්නකෝ මේ නිල Prisma Android App එක කොහොමද කියලා.
Friday, July 15, 2016
R-Sim එකක් මගින් Iphone එකක් නිවැරදිව Unlock කරගන්නේ මෙහෙමයි.
Posted on 5:19 PM by podipodidhewal
ඔන්න මචන්ලා අද අරගෙන ආවා අපේ Apple Iphone පාවිච්චි කරන යාලුවන්ට වැදගත් වෙන පෝස්ට් එකක්. ඉස්සෙල්ලම කියන්න ඕණේ මේ ලිපියේ ගොඩක් කරුණූ tipzlk සයිට් එකෙන් උපුටා ගත් ටිකක් කයලා. ඒ කිව්වේ අද ලිපියෙන් කියන්න යන්නේ Network Carrier Lock Iphone එකක් R-SIM එකක් හරහා Unlock කරගන්න ආකාරයයි. i phone එකක් පාවිච්චි කරන ගොඩක් දෙනා ලග තියෙන්නේ මේ R-SIM Unlock කරපු Phone එකක්. මොකද මේ IPhone එක Factory Unlock IPhone එකක් හා සසදා බලද්දි මිල ගණන් අඩුයි. Ikman එකේ විකුණන්න දාලා තියන ගොඩක් Iphone R-SIM Unlock කරපුවා සහ ඒවා මිලෙන් අඩුයි නේද ? මේ R-SIM එකක් Phone Shop එකකට දීලා දාගන්නවනම් රු 3000 - 4000 ක් වගේ මුදලක් යන වැඩක්. අනික R-SIM එකක් ගහන්න ඔච්චර ලොකු ගාණක් ගෙවන්න ඕණ වැඩක් නෙමෙයි. බොහෝම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. කරන්න තියන හොදම වැඩේ තමයි R-SIM එකක් Ebay හරහා Order කරන එක. R-SIM එකක් Ebay එකේ 4$ සිට වගේ ගන්න පුලුවන් ( ශ්‍රී ලංකා රු 700 ක් වගේ ). නැත්නම් Ikman එකෙත් තියනවා හැබැයි ගාණ ටිකක් වැඩියි.
Thursday, July 7, 2016
Torrent වලින් Download කරන Film එක කොලිටි එක බලාගන්න.
Posted on 10:35 AM by podipodidhewal
ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් කරුණක්. Torrent අපි හැමෝම වගේ Download කරනවනේ. අද ලිපියෙන් කියන්න යන දේ වැදගත් වෙන්නේ µTorrent / BitTorrent වැනි Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරන කට්ටියටයි. මේ කියන්න යන දේ නම් ගොඩක් දෙනෙක් දන්න දෙයක්. ඒත් ඉතින් නොදන්න පිරිසකුත් ඉන්න නිසා තමයි ලිපිය දාන්නේ. අපේ සමහර යාලුවෝ තවමත් චිත්‍රපටයක් Download කරද්දි පටලව ගන්න දෙයක් තමා ඒ චිත්‍රපටයේ පිටපතේ ගුණාත්මකබාවය. ඒ කිව්වේ චිත්‍රපටය Download කරලා බලද්දි බාලා තියෙන්නේ කැමරා කොපියක්. එහෙම නැත්නම් වැඩි ප්‍රසිද්ද නැති සයිට් එකකින් බාලා Film එක Play කරාම ඒක Fake Movie එකක්. එක එක Error එනවා Download Codec තව මේ වගේ Error කිහියකම එනවා. ඉතින් දැන් කියන්න යන්නේ µTorrent / BitTorrent මෘදුකාංගය හරහා Torrent එකක් Download කරද්දි ඒකේ කොලිටි එක ලේසියෙනම බලාගන්න පුලුවන් ක්‍රමයක් ගැන.. මෙහෙමයි වැඩේ කරගන්නේ..
Saturday, July 2, 2016
මෙන්න Phone එකට නියම HD Wallpapers Set එකක්.
Posted on 9:52 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද ගෙනාවා ඔයාලගේ Smart Phone එකට ලස්සන HD Wallpapers ටිකක්. Home Screen එකට , Lock Screen එකට දාගන්න පුලුවන් සුපිරි Wallpapers ටිකක් තියෙන්නේ සම්පූර්ණයෙන්ම HD කොලිටි එකෙන් තියෙන්නේ ( 1080 x 1920 . Wall Papers 300 ක් විතර තියනවා. කොටස් 2 කට තමා අප්ලෝඩ් කරලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.
Monday, June 27, 2016
Potplayer එකට නියම Skin එකක්.
Posted on 5:39 AM by podipodidhewal
Potplayer කියන්නේ හුගක් දෙනෙකුගේ පරිගණකයේ තියන Media Player එකක්නේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ Potplayer එකට නියම Skin එකක්. ඒ Skin එක තමයි Mirillis Splash කියන HD Player එකේ Skin එක. මේ Skin එක දාගත්තම අපේ Potplayer එකේ පෙනුම Mirillis Splash HD Player එක වගේ වෙනවා. බොහෝම පහසුවෙන් දාගන්න පුලුවන්..
Saturday, June 25, 2016
Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Getmytorrent ]
Posted on 10:43 AM by podipodidhewal
ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ අපිට Torrent ගොනුවක් IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින් Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැන. මේ සයිට් එකේ නම තමයි " Getmytorrent ". මේ සයිට් එකේදි අපිට 5 GB Free Space එකක් හම්බ් වෙනවා. තව Referral Link එක Share කරලා ඒ හරහා 10 දෙනෙක් ආවොත් එක්කෙනෙකුට 512 MB ( 512 x 10 = 5 GB ) ගානේ තව 5 GB Size එකක් අපිට ලේසියෙන්ම හදාගන්න පුලුවන්. Max Torrent Size එක , එකවර රැදවිය හැකි Torrent File ගණන , රදවා ගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. හැබැයි Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා. එහෙනම් ට්‍රයි කරලම බලන්නකෝ.
Friday, June 24, 2016
පට්ට කොලිටියට Sound අහන්න. ( DFX Audio Enhancer අලුත්ම එක )
Posted on 8:08 AM by podipodidhewal
ඔන්න
යාලුවනේ අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන ආවා. මේක නම් දැන් ගොඩ දෙනෙක්
පාවිච්චි කරලත් ඇති. මේකේ නම DFX Audio Enhancer. මේ ගෙනාවේ DFX එකේ තවත් අලුත් Update එකක්. මේක අපේ පරිගණකයේ
සාමාන්‍ය Sound Quality එක වැඩි කරලා හොද ගුණාත්මක ශබ්දයක් ලබාදෙන
මෘදුකාංගයක්. DFX Audio Enhancer මෘදුකාංගය මගින් Hyperbass , Dynamic
Boost , 3D Sound Ambience , Fidelity වැනි Effect ටිකකුත් තියනවා. ඒවා
අපිට කැමති විදිහට අඩු වැඩි කරලා ඕණ ගාණට හදාගන්න පුලුවන්. මේක Media
Player වලට විතරක් නෙමෙයි You Tube , Itunes , Skype , Netflix , Vimeo ,
Hulu , Tunein වැනි Online සේවාවලටත් සහය දක්වනවා. සාමාන්‍ය Sound එකයි
මේක දැම්මම එන Sound එකෙයි වෙනස කොහොමද කියලා අරගෙන බලන්නකෝ.
Tuesday, June 21, 2016
American Truck Simulator - Arizona [ ඇමරිකාවේ ට්‍රක් එකක් එලවමු. ]
Posted on 10:11 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද ලිපියෙන් දෙන්න අරගෙන ආවේත් නියම ගේම් එකක්. මතක ඇතිනේ දවස් දෙකකට කලින් දුන්නා " Euro Truck Simulator 2 " කියන ගේම් එක. ඉතින් අද ගෙනාවේ ඒකෙම " American Truck Simulator Arizona " කියන ගේම් එකයි. මේකත් Simulation කාණ්ඩයටම අයත් ගේම් එකක්. ගේම් එක රීලීස් කරලා තියෙන්නේ February 2, 2016 වෙනිදායි. මේකේ කරන්න තියෙන්නේ ඉතින් ට්‍රක් එක එලවන එක තමයි. මේකේදි අපිට එලවන්න හම්බවෙන්නේ තඩි ඇමරිකානු ට්‍රක් රත ටිකකුයි. ඒ වගේම අපිට යන්න තියෙන්නේ කාන්තාර , වනාන්තර , කදු සහ ජනාකීර්ණ නගර හරහා තමයි. ඒ වගේම ඒ ඒ තැන්වල පාරිසරික ලක්ශණත් හොදටම පෙන්නුම් කරලා තියනවා. Graphics , Sounds එහෙමත් හොදටම තියනවා ඒ වගේම මේකත් සාමාන්‍ය Dual Core පරිගණකයක හොදට සෙල්ලම් කරන්න පුලුවන්. අනිත් සියලුම කාරණා Euro Truck Simulator 2 ගේම් එකකට සමාණයි. එහෙනම් කැමති කට්ටිය අරගෙනම බලන්නකෝ.
Monday, June 20, 2016
Online Radio අහන්න මෙන්න නියම Software එකක්.
Posted on 8:39 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අද අරගෙන ආවේ Online Radio අහන්න සුපිරි මෘදුකාංගයක් වන " RarmaRadio " කියන එකයි. මේකෙන් ලෝකේ ගොඩක් රටවල් වල Radio අහන්න පුලුවන්. ලංකාවේ ඒවාත් තියනවා. අහන ගමන් Record කරගන්නත් පුලුවන්. අවශ්‍ය නම් Schedule Record එකක් උනත් කරගන්න පුලුවන්. වැදගත් වෙන කට්ටිය අරන් බලන්නකෝ.
Subscribe to:
Posts (Atom)
































