Showing posts with label Converter. Show all posts
Showing posts with label Converter. Show all posts

Thursday, February 18, 2016

මෙන්න ConvertXtoDVD අලුත්ම Version එක.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට  ඕණ කරන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක අලුත්ම සංස්කරණයක්.  ගොඩක් දෙනෙක් දැනටමත් පාවිච්චි කරන මෘදුකාංගයක් තමයි මේක. කෙටියෙන්ම
කිව්වොත් මේක අපි අන්තර්ජාලයෙන් Download කරගන්න චිත්‍රපට ලේසියෙන්ම රූපවාහිණීයේ බලන්න පුලුවන් විදිහට Convert කරලා දෙන සුපිරිම මෘදුකාංගයක් තමයි මේක. මේකේ තියන විශේශත්වයක් තමයි අපිට තනි DvD Disk එකක චිත්‍රපට 4 - 5 ක් ම දාලා Convet කරගන්න පුලුවන්. ඒ වගේම සිංහල උපසිරැසිත් සහය දක්වනවා. .Srt උපසිරැසි ගොනුවල නම් අකුරු වල දෝශයක් තියනවා. මේ අලුත් සංස්කරණයේදි තවත් අලුත් විශේශාංග කිහිපයකම අඩංගුයි.. ඒ වගේම අපිට Play කරන්න ඕණ ෆිල්ම් එක තෝරගන්න එන DvD Menu එකත් ලස්සනට Customize කරගන්න පුලුවන්. ෆිල්ම් සෙට් එක Convert වෙලා ඉවර උනාම Empty DvD Disk එකක් Drive එකට දාලා තිබ්බොත් Disk එක Burn කරගෙනම ගන්න පුලුවන්. මේකේ නම තමයි " ConvertXtoDVD ".

Saturday, November 14, 2015

මෙන්න නියම Video Converter Set එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ පරිගණකයේ තිබිය යුතුම මෘදුකාංගයක් වන සුපිරිම  Video Converter සෙට් එකක්ම.  අපේ පරිගණකයට  ඉතින් අනිවාරෙන්ම Converter එකක්  තිබීම අවශ්‍ය වෙනවනේ. අපි ගාව තියෙන Video / Audio ගොනු යම් යම් උපංග වලට ගැලපෙන විදිහට ඒ ඒ Format වලට ගැලපෙන විදිහට Convert කරගන්න පුලුවන් සුපිරිම Video Converter සෙට් එකක්ම තියනවා. මේ ඔක්කොම Converters එකම නිශ්පාදන සමාගමක ඒවායි. ( Aiseesoft ). ඉතින් අද  දෙන්න අරගෙන ආවේ  Aiseesoft Video Converter Ultimate 9 , Aiseesoft 4K Converter , Aiseesoft MP4 Video Converter , Aiseesoft HD Video Converter , Aiseesoft Total Video Converter 8 සහ  Aiseesoft 3D Converter යන මෘදුකාංග වල Latest Version ටිකයි.  ඉතින් මේ ඕණෑම Converter එකක් මගින් දැනට භාවිතයේ පවතින ජනප්‍රිය හා එකිනෙකට වෙනස් File Format  විශාල ප්‍රමාණයකට A / V Convert කරගන්න මේකෙන් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි Convert කරන Video ගොනුවේ අතර මැදින් කෑල්ලක Cut කරගන්න ,   තිරය Crop කරගන්න. Convert කරන Video එකට Effect එකක් හා  Watermark එකක්  යෙදීමට අවශ්‍ය නම් එය දාගන්න වැනි විශේශාන්ග රැසක්ද මේ Converters වල තියනවා. වැඩි කතා නැතුව කැමති Converter එකක් තියනවනම් Download
කරගන්න.

Wednesday, July 1, 2015

මෙන්න සුපිරිම Converter එකක්. [ FonePaw Video Converter Ultimate ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා  අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි නිතරම ඕණ කරන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක Converter එකක්. මේ  Converter එක නම් අපේ යාලුවෝ වැඩිය දන්නැති එකක්. අපේ පරිගණකයට  ඉතින් අනිවාරෙන්ම Converter එකක් අවශ්‍ය වෙනවනේ. අපි ගාව තියෙන Video / Audio වැනි ගොනු යම් යම් උපංග වලට ගැලපෙන විදිහට ඒ ඒ Format වලට ගැලපෙන විදිහට Convert කරන්න පුලුවන් සුපිරිම අලුත්ම Converter එකක් තමයි අද දෙන්න ගෙනාවේ. මෙම Converter එක මගින් දැනට භාවිතයේ පවතින ජනප්‍රිය හා එකිනෙකට වෙනස් File Format  විශාල ප්‍රමාණයකට A / V Convert කරගන්න මේකෙන් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි Convert කරන Video ගොනුවේ අතර මැදින් කෑල්ලක් Cut කරගන්න ,  තිරය Crop කරගන්න. Convert කරන Video එකට  Effect එකක් හා  Watermark එකක් දාගන්න වැනි විශේශාංග කිහිපයක්ද මෙහි අඩන්ගුයි. අනිත් එක තමයි You Tube Videos Download කරගන්නත් පුලුවන්. මෙම මෘදුකාංගය මිලදී ගන්නවනම්  $39.95  ක මුදලක් වෙනවා. මෙහි Full Version එක පහත සබැදියෙන් ගන්න පුලුවන්.  මේ Converter එකේ නම " FonePaw Video Converter Ultimate ". එහෙනම්  අරගෙනම බලන්නකෝ.

Wednesday, May 13, 2015

Pictures Resize , Compress , Convert කරගන්න නියම මෘදුකාංගයක් [ Light Image Resizer ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අද අරගෙන ආවේ  Light Image Resizer කියන මෘදුකාංගය. මේ මෘදුකාංගය හරහා අපිට පුලුවන් pictures Resiz කරන්න.
Compress , Convert වගේ ඒවා කරගන්න. අපි Digital Cam එකකින් ගන්න Photo එකක් සාමාන්‍යයෙන් 3MB+ වගේ තියනවානේ. ඉතින් ඔහොම  Photo Set ටිකක් තිබ්බම සෑහේන ඉඩ ප්‍රමාණයක් යනවනේ. ඉතින් අපිට පුලුවන් මේ Light Image Resizer  මෘදුකාංගය පාවිච්චි කරලා Photo ටික අඩු MB ගණනකට  Compress , Convert කරගන්න. තව HI Resolutuion Pictures එහෙම අපිට කැමති Res අගයකට Resize කරගන්නත් පුලුවන්. ඔයාලට වැදගත් වෙන  මෘදුකාංගයක් නම් Download කරගන්න.

Tuesday, January 27, 2015

4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද. [ Updated ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. මං කලිනුත් මේ මෘදුකාංගය ගැන කියලා Post එකක් දාලා තියනවා. සොෆ්ට්වෙයා එක තමයි  " DvD Fab ' කියන එක.  මේකෙන් අපි ලග තියන 4GB වගේ තියන Movie එකක් දැන් මේ දෙන්න යන DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා 700 - 1000 MB වගේ අපි කැමති සයිස් එකකට  RIP කරගන්න පුලුවන් Movie එකේ quality  එක කිසිම අඩුවක් නැතිවම. ඉතින් දැන් මේ ගෙනාවේ ඒ DvD Fab කියන මෘදුකාංගයේ අලුත් Version එකකුයි. මේ අලුත් Version එකේ තියන ප්‍රදානම වාසියක් තමයි  H.265 codec HEVC ( High Efficiency Video Coding ) වලින් ෆිල්ම් එක හොද කොලිටි එකකින්  Mp 4 හෝ MKV Format එකට Rip කරගන්න පුලුවන්.  H.265 එකෙන් Rip කරපුවා අඩු සයිස් එකට හොදම කොලිටි එකක් ගන්න පුලුවන්. ඔයාලා Torrent වලින් Film බාද්දිත් පුලුවන් තරම් H.265 Rip කරපු කොපියක් හොයාගන්න බලන්න. 720p කොපි තියනවා 300 mb + වලට වගේ.

Monday, November 17, 2014

සිංහල උපසිරැසි සමගම DvD Burn කරගන්න පට්ටම මෘදුකාංගයක්


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් වටිනා කියන සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේක DvD Coverter එකක්. මේ Sothink Movie DVD Maker කියන මෘදුකාංගය පාවිච්චි කරලා පුලුවන් ලේසියෙන්ම අපි ලග තියන චිත්‍රපට කෙලින්ම DvD වලට Convert කරගන්න. තවත් විශේශයක් තමයි  චිත්‍රපට 4 ක් පමණ එක් කරලා ලේසියෙන්ම Collection DvD එකක් උනත් හදාගන්න පුලුවන්. තවත් විශේශයක් තමයි ඔයාලාට සිංහල  උපසිරැසි සමග චිත්‍රපට DvD Player එකේ බලන්න ඕණ විදිහට ලේසියෙන්ම හදාගන්න පුලුවන්. .srt වර්ගයේ උපසිරැසි ගොනු තමයි සහය දක්වන්නේ. අරගෙනම බලන්නකෝ. මෙහෙමයි වැඩේ වෙන්නේ.

Wednesday, August 13, 2014

නොමිලේ දෙන සුපිරිම මෘදුකාංග කීපයක්.


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි නිතරම අවශ්‍ය වෙන මෘදුකාංග කීපයක්. මෙම මෘදුකාංග වල විශේශත්වය තමයි මේවා 100% ක්ම නොමීලේම තමයි දෙන්නේ. මේ නොමිලේ දෙන මෘදුකාංග අතරට Audio , Video ගොනු කන්වර්ට් කරගන්න Media Converter එකක් , අපි ගාව තියන පින්තූර පෙලක් බාවිතා කරගෙන ඒකට Effect . Audio එකක් එහෙම දාලා ලස්සනට හදාගන්න Slideshow Maker මෘදුකාංගයක්. ඒත් එක්කම Desktop Screen Recording Software එකක්, ( මේකෙන් පුලුවන් Screen Shot ගන්න , Video Tutorial හදනවනම් ඒව හදන්න , Games Play , Skype REcording වැඩ කර ගන්න පුලුවන් ). ඊගාවට Image Resizer මෘදුකාංගයක් ( මේකත් අපිට වැදගත් වෙන මෘදුකාංගයක් ) අනිත් මෘදුකාංග තමයි Ebook Reader මෘදුකාංගයක් සහ PDF Split & Merge ( PDF Edit ) වැඩ කරගන්න මෘදුකාංගයක්. මේවා 100% ක්ම නොමීලේ දෙන ඒවා නිසා Crack , Patch , Serial හා  පරිගණකයට ඉල්ලගෙනම වයිරස් දාගන්න  කරදර ඔක්කොම ඉවරයි. Screen Shot එක්කම දාලා තියනවා. වැදගත් වෙන ඒවා තියනවනම් බාගන්න. මේ ඔක්කොම නොමිලේම දෙන්නේ " icecreamapps.com " කියන වෙබ් අඩවියයි.

Sunday, April 27, 2014

සිංහල උපසිරැසි සමගම DvD Burn කරමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. දැන් ගොඩක් අලුත් හෝ පරණ චිත්‍රපට වලට සිංහල උපසිරැසි ලබාදෙන ජනප්‍රිය වෙබ් අඩවි කීපයක්ම තියනවනේ. ඒක නිසා දැන් කට්ටිය ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ බලන චිත්‍රපටය සිංහල උපසිරැසි සමගම බලන්නනේ. ඒකත් එක්කම ගොඩ දෙනෙකුට තියන ලොකු ප්‍රශ්ණයක් තමයි මෙහෙම හම්බවෙන උපසිරැසි DvD යන්ත්‍රයක් මගින රූපවාහිනීයෙන්  බලන්න පුලුවන් විදිහට ඒ ෆිල්ම් එක හදාගන්න කොහොමද කියන එක. ඉතින් අද ලිපියෙනුත් කියන්න යන්නේ ලේසියෙන්ම  DVD Player එකේ සිංහල උපසිරැසි සහිතවම  චිත්‍රපටය නැරබීමට හැකි ලෙස  බොහෝම ලේසියෙන්ම සකසා ගන්න පුලුවන් තවත් හොද Video Converter. මේ Converter එක ගැන නම් ගොඩ දෙනෙක් දන්නවත් ඇති නමුත් නොදන්න කට්ටිය ඉන්න නිසයි ලිපියක් ලියන්නේ. මේ Converter එකේ නම ConvertXtoDVD. මේකෙන් පුලුවන් ලේසියෙන්ම DVD Player එකේ සිංහල උපසිරැසි සහිතවම  චිත්‍රපටය බලන්න පුලුවන් විදිහට හදාගන්න. මේකේ නව සංස්කරණ වල නම් ( Version 5 + ) පොඩි අවුලක් තියනවා. මොකද කිව්වොත් සිංහල අකුරු නිවැරදිව පෙන්නුම් කරන්නේ නෑ. Idx උපසිරැසි ගොනු කොහොමටවත් Support කරන්නේ නෑ. නමුත් මෙහි ConvertXtoDVD V 4 සංස්කරණ වල නම් මේ ගැටලු නෑ. .srt . idx උපසිරැසි ගොනු ඕනෑම එකකට හොදින් සහය දක්වනවා. මම දැන් දෙන්නේ ConvertXtoDVD මෘදුකාංගයේ V4  පරණ සංස්කරණයකුයි.

Wednesday, April 9, 2014

නොමිලේ දෙන සුපිරි Video Converter එකක්.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා Freeware Software කෑල්ලක්. මේක Video Converter එකක්. මේකේ තියන විශේශත්වය තමයි සල්ලි දීලා ගන්න අවශ්‍ය Video Converter එකක තියන සියලුම පහසුකමුත් මේ Free දෙන Video Converter එකේ අඩංගුයි. මේ මගින් AVI, MP4, WMV, MKV, 3GP, DVD, MP3, iPad, iPhone,  Android phones හා තවත් 200+ වැඩි Formats සංඛ්‍යවකට Convert කරගන්නත් පුලුවන්.  මෙහි තියෙන තවත් විශේශතාවක් නම් ඔයාලාට සිංහල උපසිරැසි සමගම චිත්‍රපට Convert කරගන්න අවශ්‍ය නම් මේ Freemake Video Converter එක ඊට හොද එකක් කියලා කියන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

Saturday, April 5, 2014

Converter එකක්ද හෙව්වේ. එහෙනම් මෙන්න සුපිරිම Converter එකක්. [ Aiseesoft Total Video Converter Platinum ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා  අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි නිතරම ඕණ කරන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක Converter එකක්. අපේ පරිගණකයට ඉතින් අනිවාරෙන්ම Converter එකක් අවශ්‍ය වෙනවනේ. අපි ගාව තියෙන Video / Audio වැනි ගොනු යම් යම් උපංග වලට ගැලපෙන විදිහට ඒ ඒ Format වලට ගැලපෙන විදිහට Convert කරන්න පුලුවන් සුපිරිම Converter එකක් තමයි දෙන්න ගෙනාවේ. මෙම Converter එක මගින් දැනට භාවිතයේ පවතින ජනප්‍රිය හා එකිනෙකට වෙනස් File Format  විශාල ප්‍රමාණයකට A / V Convert කරගන්න මේකෙන් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි Convert කරන Video ගොනුවේ අතර මැදින් කෑල්ලක Cut කරගන්න ,  තිරය Crop කරගන්න. Convert කරන Video එකට Effect එකක් හා Watermark එකක් දාගන්න වැනි විශේශාන්ග කිහිපයක්ද මෙහි අඩන්ගුයි. අනිත් එක 2D Videos 3D වලටත් Convert කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය මිලදී ගන්නවනම්  $39.00 ක මුදලක් වෙනවා. මෙහි Full Version එක පහත සබැදියෙන් ගන්න පුලුවන්. මේ Converter එකේ නම Aiseesoft Total Video Converter Platinum. එහෙනම් අරගෙනම බලන්නකෝ.