Showing posts with label We Browser. Show all posts
Showing posts with label We Browser. Show all posts

Tuesday, February 3, 2015

Ad කරදරයෙන් බේරිල Internet යමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට අනිවාරෙන්ම වැදගත් වෙන පොඩි ට්‍රික් එකක්. අන්තර්ජාලය බාවිතා කරන අපි නොයෙකුත් ආකාරයේ වෙබ් අඩවි වලට යනවනේ. ඉතින් ඔහොම යන වෙබ් අඩවි ගොඩකම නොයෙකුත් ආකාරයේ  Ad ( දැන්වීම් ) තියනවනේ. සමහර දැන්වීම් තියනවා වෙබ් බ්‍රව්සර් එකේ වෙනම Window එකක් ඕපන් වෙලා දැන්වීම් යනවා , You Tube Videos Play වෙනවා. Limited Data Package එකක් පාවිච්චි කරන කෙනෙකුගේ ඉක්මනින්ම Data ප්‍රමාණය ඉවර වෙන්නත් මේ Ad  කේස් එක ලොකුවටම බලපානවනේ. ඉතින් දැන් මම මේ දෙන්න යන්නේ ඔය  වෙනම Window එකක් ඕපන් වෙලා PopUp වෙන දැන්වීම් කරදරෙන් බේරෙන්න පුලුවන් බොහෝම සරල
 ක්‍රමයක්. මේක ගැන කියනවනම් මේක Browser Extension එකක්. කරන්න තියෙන්නේ මම දෙන සයිට් එකට ගිහින් ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකට ගැලපෙන Browser Extension එක බ්‍රව්සර් එකට Install  කරගන්න එක විතරයි. මේකේ නම තමයි µBlock ලගදි තමයි Firefox වලට  හදුන්වා දුන්නේ.