Monday, October 13, 2014

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා ( Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා ) බාගන්න පුලුවන් විදිහට හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි.  Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. දැනටමත් මේ වගේ සයිට් කීපයක්ම තියනවනේ. [ BTCloud.io , filestream.me , Furk.net , Zbigz , boxopus වගේ ඒවා. ඉතින් අද ලිපියෙන් දෙන්නෙත් ඒ වගේ පට්ටම සයිට් එකකුයි.  මේ සයිට් එක හරහා අපිට Document , Music , Videos , Photos වගේ ඕනෑම එකක් Share කරන්නත් පුලුවන්. මේකේ Acc එකක් ලේසියෙන්ම FB හෝ  GMail එකක් හරහා Log වෙලා හදාගන්න පුලුවන්. Torrent එකක් Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. තවත් එකක් මේකේ යාලුවෝ 100 වඩා ඉන්නවනම්  Premium Features FREE හම්බවෙනවලු. ඒක නිසා ගැනත් පොඩ්ඩක් බලන්න. මේක තවමත් Beta මට්ටමේ තියන එකක්. මේ සයිට් එක තමයි " Hive.im " වැඩේ කරලම බලන්නකෝ.



මෙහෙමයි Acc එකක් හදාගන්නේ.

>> මෙන්න මේ සයිට් එකට " Get Free Account " කියන එක ක්ලික් කරන්න.

https://beta.hive.im/join/2366/

>> ඊට පස්සේ FB , Google , Email වලින් කැමති ID එකක් දීලා Acc එක හදාගන්න.


 යාලුවෝ 100 කට Invite කරොත් Premium Features FREE


Features


 හරි මෙහෙමයි මේ සයිට්  එක හරහා Torrent ගොනුවක් Direct බාගන්නේ.

>> මේකේදිත් අපිට  Torrent ගොනුවක් Direct බාන්න පුලුවන් වන්නේ එම ගොනුවේ Magnant Link එක හරහා තමයි. ඒක නිසා  ඔයාලට බාගන්න ඕණ කරන  Torrent ගොනුවේ Magnant Link එක කොපි කරගෙන " Add Files To Your Hive " කියන එක ක්ලික් කරන්න.



>> ඊට පස්සේ " Paste " කියලා තියන තැන ඔයාලා කොපි කරගත්තු Magnant Link එක  Paste කරලා  " Transfer " ක්ලික් කරන්න.


>> Trandfer යටතේ " In Your Hive " කියලා තිබ්බොත් අපිට පුලුවන් දැම්මම මුවී එක Download  කරගන්න


>> Trandfer යටතේ " Pending " කියලා තිබ්බොත් ටික  වෙලාවක් යයි මුවී එක සයිට් එකට Download වෙන්න.


මෙන්න Download Speed එක.



ඉතින් යාලුවනේ මෙම ලිපිය ඔයාලට වැදගත් උනානම් ඔයාලගේ අදහසත් දාලාම යන්න.

එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
https://www.facebook.com/podipodidhewal


2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.