Saturday, August 30, 2014

USB Drive එකට Password එකක් Set කරගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට අවශ්‍යම කරන තවත් මෘදුකාංගයක්. සාමාන්‍යයෙන් Pen Drive එකක් හෝ Portable HDD එකක් අපි නිතරම වගේ පාවිච්චි කරනවනේ. සාමාන්‍යයෙන් Pen Drive එකක් නැති වීමට තියන ඉඩ ගොඩක් වැඩියිනේ. එතකොට ඉතින් ඒකේ වැදගත් හෝ පුද්ගලික ගොනු එහෙම තිබ්බොත් ඒවා අන් අතට පත්වෙනවනේ. ඒ නිසා ඒ අනාරක්ශිත බව නැති කරන්න තියන හොදම ක්‍රමයක් තමයි එවැනි Flash Drive Password එකක් හරහා ආරක්ශා කරන එක. ඒ සදහා තිබෙන සුපිරිම මෘදුකාංගයක් තමයි USB Secure කියන මෘදුකාංගය. මේ මෘදුකාංගයෙන් PenDrive , Portable HDD එකක් වැනි Removeble Device වලට ලේසියෙන්ම Password එකක් Set කරගන්න්න පුලුවන්.  මෙම මෘදුකාංගයේ නව සංස්කරණයේ තිබෙන නව පහසුකමක් තමයි USB Drive එකේ තියන Files වලින් අපිට අවශ්‍ය ගොනු පමණක් තෝරා ගෙන ආරක්ශිතව Password එක හරහා Protect කරගැනීමේ හැකියාව. ඔයාගේ Device එකට password එකක් දැම්මට පස්සේ එම Drive එක කුමන පරිගණකයකට සම්බන්ද කලත් එහි තිබෙන දත්ත බලන්න පුලුවන් Password එක දීලා Open කරගත්තට පස්සේ විතරයි. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.

Wednesday, August 27, 2014

සුපිරියටම Logo එකක් Design කරගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා නියම  සොෆ්ට්වෙයා කෑල්ලක්.මේකෙන්  පුලුවන් අපිට පට්ටම විදිහට Logo Design කරන්න. Logo එකක් කිව්වම ඉතින් අපිට නොයෙක් අවශ‍‍‍යතාවයන්
 වලට ඕණ වෙනවානේ. උදාහරනයක් විදිහට ඔයාගේ බ්ළොස් අඩවියට , Forum එකක Thread එකක් දානකොට Screen Shot
එහෙම දානවනම් ඒ Screen Shot වලට දාන්න , ගෘප් page එකට Logo එකක් Design කරගන්න ඒ වගේම  ඔයාව ලේසියෙන් හදුන ගන්න Logo එකක් පවිච්චි කරන්න පුලුවන්නේ. ඉතින් අන්න ඒ වැඩ වලට බොහෝම ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයා එකක් තමයි EximiousSoft Logo Designer කියන්නේ. මෙහි තිබෙන විවිධ වූ Category යටතේ ඇති Template බාවිතා කරලා සහ ඒවා සංස්කරණය කරමින් ඉතා
 උසස් Creative Logo එකක් බොහෝම ලේසියෙන්ම Design කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

Thursday, August 21, 2014

BitTorrent Plus Version එක



ඔන්න යාලුවනේ අරගෙන ආවා අපි Torrent Download කරන්න බාවිතා කරන BitTorrent මෘදුකාංගයේ සල්ලි දීලා ගන්න ඕණ Version එක. ඒ කිව්වේ BitTorrent Plus Version එක.  මේකේ Free Version එකට වඩා යම් යම් පහසුකම් ටිකක් තියනවා. හැබැයි BitTorrent Plus Version එක දාගත්තා කියලා Download Speed එක නම් වැඩි වෙන්නේ නෑ. BitTorrent Plus Version එකේ Ads නෑ , Antivirus Protection , HD Media Player එකක් වගේ විශේශතා තමයි තියෙන්නේ. Free & Plus Version Features Compare එක පහත රූප සටහනේ තියනවා. කැමති නම් අරගන්න.

Monday, August 18, 2014

Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්.


ඔන්න මචන්ලා අද ගෙනාවා Apple Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේක ගැන කියනවනම් මේක Apple iTunes එක වගේ මෘදුකාංගයක්.  මේ මෘදුකාංගයේ නම " Appandora " . මේ මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්  පරිගණකය හා Apple Device එක අතර ෆයිල් හුවමාරු  කරගන්න. ( Audio , Video , Photos ) Apps Download / Remove කරන්න. Contacts / Notes /Bookmarks / Messages Backup කරන්න වගේ ඒවා iTunes වලට වඩා ලේසියෙන් මේ Appandora කියන මෘදුකාංගය හරහා කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

Wednesday, August 13, 2014

නොමිලේ දෙන සුපිරිම මෘදුකාංග කීපයක්.


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි නිතරම අවශ්‍ය වෙන මෘදුකාංග කීපයක්. මෙම මෘදුකාංග වල විශේශත්වය තමයි මේවා 100% ක්ම නොමීලේම තමයි දෙන්නේ. මේ නොමිලේ දෙන මෘදුකාංග අතරට Audio , Video ගොනු කන්වර්ට් කරගන්න Media Converter එකක් , අපි ගාව තියන පින්තූර පෙලක් බාවිතා කරගෙන ඒකට Effect . Audio එකක් එහෙම දාලා ලස්සනට හදාගන්න Slideshow Maker මෘදුකාංගයක්. ඒත් එක්කම Desktop Screen Recording Software එකක්, ( මේකෙන් පුලුවන් Screen Shot ගන්න , Video Tutorial හදනවනම් ඒව හදන්න , Games Play , Skype REcording වැඩ කර ගන්න පුලුවන් ). ඊගාවට Image Resizer මෘදුකාංගයක් ( මේකත් අපිට වැදගත් වෙන මෘදුකාංගයක් ) අනිත් මෘදුකාංග තමයි Ebook Reader මෘදුකාංගයක් සහ PDF Split & Merge ( PDF Edit ) වැඩ කරගන්න මෘදුකාංගයක්. මේවා 100% ක්ම නොමීලේ දෙන ඒවා නිසා Crack , Patch , Serial හා  පරිගණකයට ඉල්ලගෙනම වයිරස් දාගන්න  කරදර ඔක්කොම ඉවරයි. Screen Shot එක්කම දාලා තියනවා. වැදගත් වෙන ඒවා තියනවනම් බාගන්න. මේ ඔක්කොම නොමිලේම දෙන්නේ " icecreamapps.com " කියන වෙබ් අඩවියයි.

Sunday, August 10, 2014

HD Videos බලන්න පට්ට Media Player එකක්.


ඔන්න මචන්ලා ගෙනාවා පට්ටම Media Player Software එකක්. මේ Media Player එකේ  Blu-rays Disks බලනවනම් පට්ට විදිහටම බැලුවැකි. ඒත් එක්කම HD Videos බලන්නත් හොදයි. ඒත් එක්කම සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට බලන අයට මේකේ .IDX සබ් ෆෝමැට් එකට සහය දක්වනවා. මේකේ Free Version & Pro Version කියලා දෙකක් තියනවා. කැමති එකක් බාගන්න.

Friday, August 1, 2014

Offline GPS Navigation & Maps පාවිච්චියට සුපිරි App එකක්


ඔන්න යාලුවනේ අදත් Android පාවිච්චි කරන අයට පට්ටම වටින App එකක් අරගෙන ආවා. මේක ගැන කියනවනම් මේක අන්තර්ජාල සබදතාවය නැතිව පවා ( Offline ) GPS Navigation & Maps පහසුකම් අත්විදිය හැකි සුපිරිම App එකක්.  මේකේ GPS Navigation & Maps ශ්‍රි ලංකාවටත් සහය දක්වනවා. සිතියම් තියෙන්නේ  OSM ( openstreetmap ) එකෙන්.  මේකේ Navigation with voice prompts එකත් තියනවා. වටිනවානම් අරගෙනම බලන්නකෝ.