Thursday, April 28, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Sonicseedbox.com ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා  Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැනයි. මේක Seedbox එකක්. මේකේ නම තමයි " Sonicseedbox ". මේකේදි Free Account එකක් හදාගන්න අපිට  4 GB Free Space එකක් හම්බවෙනවා. Account එකක් හදන්න Email ලිපිනයක් සහ මුරපදය පමණයි දෙන්න තියෙන්නේ.  Free Acc කට්ටියගේ  Max Torrent Size එක 2 GB තමා. එකවර රැදවිය හැකි Torrent File ගණන 4යි. රදවා ගන්නා කාල සීමාව 24 hours. Download කරද්දි  Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා.

Sunday, April 24, 2016

Data ප්‍රමාණය ගැන හරියටම දැනගන්න නියම Network Monitoring සොෆ්ට්වෙයා කෑල්ලක්. " Glass Wire "


ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා ටිකක් වැදගත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. මේ සොෆ්ට්වෙයා කෑල්ල ගැන කියනවනම් මේක Network Monitoring සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් අපි අන්තර්ජාලයේ සැරිසරන කාලය තුලදි අපේ Data බාවිතය ගැන හරියටම දැනගන්න පුලුවන්. මේකේ තියන ලොකු වාසියක් තමයි අපි නොදැනුවත්ව අපේ පරිගණකයෙන් මොනයම් හෝ දෙයක් Upload හෝ Download වෙනවද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම පරිගණකයට Install කරලා තියන  මෘදුකාංග කොච්ච්ර Data ප්‍රමාණයක් පාවිච්චි කරලද කියලත් බලාගන්න පුලුවන්. මේකේ නම තමයි " Glass Wire ". මේකේ නොමිලේ දෙන සංස්කරණයක් වගේම මුදල් ගෙවා ලබාගත යුතු PRO සංස්කරණයකුත් තියනවා. හැබැයි අපිට නම් නොමිලේ දෙන සංස්කරණය ප්‍රමාණවත්. එහෙනම් අරගෙනම බලන්නකෝ...

Wednesday, April 20, 2016

Screen Shot එකක් ගන්න සුපිරිම මෘදුකාංගයක් [ Ashampoo Snap 9 උණූ උණූවෙන්ම Download කරගන්න )


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. අපිට අපේ පරිගණකයේ Screen Shot එකක් ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen Shot එකක් පට්ටම  කොලිටියට ගන්න හොදම සහ ලේසිම මෘදුකාංගය වන Ashampoo Snap මෘදුකාංගයේ නවතම සංස්කරණය වන Ashampoo Snap Version 9 එකයි. මේක නම් ටිකක්  විතර උණු උණූ බාන්ඩයක්. මොකද Version 9 එක Release කරේ  2016/04/18  වෙනිදා. මේ මෘදුකාංගය ගැන හැදින්වීමක් කරනවනම් අපිට මේ මෘදුකාංගය මගින් අවශ්‍ය නම් Full Screen , Active Window , Capture Free Region , Free Style , Timed Capture , Capture Multiple Windows , Capture Video වගේ විවිදාකාර ලෙස අපිට අවශ්‍ය Screen Shot එක ගන්න පුලුවන්. ඒ වගේම අපි ගන්න Screen Shot Live Editing කිරිමේ පහසුකමත් තියනවා. ඒක නිසා අවශ්‍ය නම් Watermark එකක් ,  Text එකක් සහ වෙනත් අවශ්‍ය කරන ඒවා ලේසියෙන්ම Add කරගන්න පුලුවන්.  ඒවගේම ඔයාලාට  Desktop එක Recording කරලා Tutorial Video එකක් උනත් මේ Ashampoo Snap කියන මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්ම හදාගන්න  පුලුවන්. ඒ වගේම මේකෙන් මීට අමතරව තවත් අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්. එහෙනම් Download කරගෙනම බලන්නකෝ

Friday, April 8, 2016

WebTorrent Desktop ( නියම Streaming torrent client එකක් )


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේ  මෘදුකාංගය නම් බොහෝම ටික දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතන  මෘදුකාංගයක්. මේ  මෘදුකාංගය ගැන පොඩි හැදින්වීමක් කරනවනම් මේක Streaming torrent client එකක්. අපි ඉතින් Torrent එකක් Download කරලා ඉවර වෙලානේ බලන්නේ. නමුත් මේකෙන් අදාල Torrent ගොනුව ( Audio / Video ) Download වෙද්දිම අපිට බලන්න පුලුවන් විදිහේ මෘදුකාංගයකුයි. අන්න ඒක නිසා තමයි ටික දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතන  මෘදුකාංගයක් කියලා කිව්වේ. මේකේ නම තමයි "  WebTorrent Desktop ". මෘදුකාංගයට බොහෝම සරල අතුරු මුහුණතක් තමයි තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ Streaming කරන්න ඕණේ කරන Torrent එකේ  .torrent file එක හරි  magnet link එක මෙන්න මේ WebTorrent Desktop මෘදුකාංගයට ලබා දෙන එක විතරයි. මෙය දැනට Windows , Mac , Linux යන මෙහෙයුම් පද්දති සදහා සහය දක්වනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ......