Sunday, September 27, 2015

සුපිරියටම Video Edit කරගන්න CyberLink PowerDirector අලුත්ම එක මෙන්න.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා සුපිරිම Software එකක්. මේ මෘදුකාංගය ගැන නම් කට්ටියට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නෑ. හැමෝම දන්නවා. ඒ තමයි අපි Video Editing වලට පාවිච්චි කරන Cyberlink PowerDirector මෘදුකාංගය. අපිට ඉතින් Video එකක් බොහොම ලේසියෙන් Edit කරගන්නනම් ඉතින්  PowerDirector තමයි. බාවිතය හරිම පහසුයි ,  ඒ වගේම CyberLink PowerDirector එකෙන් වැඩ කරන්න Video Editing පිළිබඳ පෙර දැනුමක් අවශ්‍යත් නෑ. ඉක්මනින්ම වැඩේ අල්ලගන්න පුලුවන්. අනිත් එක මේකේ තියන සුපිරි Effect , Transitions ,  සහ අනෙකුත් ටූල්ස් එහෙම බාවිතා කරගෙන අපේ Video එකට හොද නිමාවක් දෙන්න පුලුවන්. ඒත් එක්කම මේ දීලා තියෙන්නේ CyberLink PowerDirector මෘදුකාංගයේ අලුත්ම Version එකයි. [ CyberLink PowerDirector Ultimate Suite 14 ]. අපි ලග Photo සෙට් එකක් එකතු කරලා මේකෙන් සුපිරියටම Slide Show එහෙමත් හදාගන්න පුලුවන්. තව Desktop හී ක්‍රියාකරකම් Record කරගන්න " CyberLink Screen Recorder " එකත් තියනවා. වැඩි කතා ඕන නෑ CyberLink PowerDirector 14 Ultimate බාගෙනම බලන්නකෝ කොහොමද කියලා.

Saturday, September 26, 2015

DVDFab Media Player [ Giveaway ] Sep. 10 to 28


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා Giveaway එකක්. මේ  Giveaway Media Player එකක් ගැනයි. මේ Media Player එකේ  Blu-rays Disks බලනවනම් පට්ට විදිහටම බැලුවැකි. ඒත් එක්කම HD Videos බලන්නත් හොදයි. ඒත් එක්කම සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට බලන අයට මේකේ .IDX සබ් ෆෝමැට් එකට සහය දක්වනවා.  මේ  DVDFab Media Player Giveaway එක තියෙන්නේ තව දවසක් වගේ තමයි.... හොදයි නම් ටක්ගාලා Download කරගන්න.

Friday, September 25, 2015

BitDefender Internet Security 2016 Free 6 Months License Giveaway [Official]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි දෙයක්. Bitdefender කියන්නෙ ලෝකයේ හොදම වයිරස්  ගාඩ්  එකක්නේ.  Bitdefender Internet Security 2016 අපේ සිස්ටම් එක අවම විදිහට ගෙන මන්දගාමී නොවී වෙනත් බාදා  නොමැතිව අපිට අන්තර්ජාල  බාවිතයේදි අපිට උපරිම ආරක්ශාවක් ලබාදෙන පහසුවෙන් බාවිතා කරන්න පුලුවන් සුපිරිම අන්තර්ජාල ප්‍රතිවයිරස මෘදුකාංගයක්. ඉතින් මේ  BitDefender Internet Security 2016 මෘදුකාංගය මාස 6 ක කාලසීමකට නොමිලේ දෙන Giveaway එකක් මේ දිනවල තියනවා. කරන්න  තියෙන්නේ BitDefender Giveaway Page එකට ගිහින් අපේ Email ලිපිනය ලබා දෙන එක විතරයි. ඊට පස්සෙ  කරන්න ඕණ ටික අපේ Email එකට  එනවා. මෙහෙමයි වැඩේ කරගන්නේ.

Thursday, September 24, 2015

මෙන්න නියම Audio Player එකක්. [ AIMP Audio Player ]


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා පොඩි  Media Player එකක්.. මේක ගැනනම් ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. මේක Audio Player එකක්. සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන එකක්. බොහෝම පහසු අතුරු මුහුණතක් සහ තෝරා ගැනීමට විවිද වූ ලස්සන Skin සෙට් එකක්ම මේකට තියනවා. ඒ වගේම Powerful Equalizer එකකුත් තියනවා. ඒවගේම Mp3 Tag කරන්න , Internet radio , Audio Converter , Alarm Clock , Auto shutdown the computer වගේ පහසුකම් කීපයකිනුත් සමන්විතයි..  මේ AIMP Audio Player එක Windows පරිගණක සහ Android App එකකුත් තියනවා. අරගෙන EQ එකේ Setting හදලා බලන්නකෝ Sound Quality එක කොහොමද කියලා.

Tuesday, September 22, 2015

Google Play App Store එකෙන් Android App Direct Download කරගන්න පුලුවන් සයිට් ටිකක්...


ඔන්න යාලුවනේ ගෙනාවා අද Android Device එකක් පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්.  අපේ  Android Device එකට අවශ්‍ය App අපිට බාගතකර ගන්න වෙනවනේ. නමුත් සමහර වෙලාවට අවශ්‍ය කරන App Android Device  එකෙන් Download කරන එක ඇත්තටම වෙලාවකට කරදරයි වගේම අවාසියිනේ.  ස්පීඩ් නෑ , Data ඉවරයි , අතරමගදි Errors එනවා ,  Crash වෙනවා  ඔය වගේ සීන් ගොඩයිනේ...  අනික App එක Unistall කරොත් ආයෙත් පාරක් බාගන්න ඕනේ. ඔය වගේ ලෙඩ ගොඩක් තියනවනේ.  ඉතින් ඒකට හොදම විසදුමක් තමයි Google Play Store එකේ තියන App වල Install ගොනුව හෙවත් . APK එක කෙලින්ම පරිගණකයටම Direct Download කරගන්න එක.  ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ  Google Play
 Store එකේ තියන App කෙලින්ම අපේ පරිගණකයටම Direct Download කරගන්න පුලුවන් වෙබ් අඩවි සෙට් එකක්... කරන්න තියෙන්නේ පොඩි දෙයයි...

Sunday, September 20, 2015

ටක් ගාලා බැටරි බහිනවද ? මෙන්න Apple iOS Battery Saving Tips ටිකක්.


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ ඇප ල්ස්මාට් Device පාවිච්චි කරන කට්ටියට ටිකක් වැදගත් වෙන ලිපියක්. අද  මේ ස්මාට් Device පාවිච්චි කරන කට්ටියට තියන ලොකුම ප්‍රශ්ණයක් ඉක්මනින්ම බැටරි එක බැහැලා යන එක. කොච්ච්ර අලුත් එකක් උනත් බොහෝ විට බැටරි ආයුකාලට  එක දවසක් වගේ තමයි තියෙන්නේ.  ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ මේ Apple Device එකේ සාමාන්‍ය බැටරි කාලය ටිකක් වැඩිකරගන්න පුලුවන් Tips ටිකකුයි... මේ ක්‍රම ios 9 ඇතුලු අනෙකුත් Vesion වලත් කරන්න පුලුවන්.. ඔයාගෙත් බැටරිය ඉක්මනටම අඩු වෙනවනම් මෙහෙම කරලා බලන්න....

Thursday, September 17, 2015

iOS 9 නිකුත් වේ...නිවැරදිව iOS 9 වෙත Update කරමු.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවේ Apple ගැන පෝස්ට් එකක්.  ඇපල් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්දතිය වන  ios 9 ඊයේ නිකුත් කරා.[ 2015 / 09 16 ] අලුත් අලුත් විශේශාංග සහ තිබුණූ ඒවා තවත් වැඩි දියුණූ කරලා සුපිරිම විදිහට තියනවා.  News , Wallet , iCloud Drive App , Multitasking , සහ වැඩි දියුණූ කල Siri වගේම වැඩිදියුණූ කල security , performance , longer battery life වගේ සහ මිට අමතර ගොඩක් Features තියනවා. ඉතින් මේ ලිපියෙන් කියවෙන්නේ ඔබගේ ඇපල් උපාංගය නිවැරදිව  iOS 9 වෙත යාවත්කාලීන කරන ආකාරය ගැනයි.

Wednesday, September 16, 2015

ඔක්කොම එකේ තියෙන තවත් Web Browser එකක්. [ Citrio Browser ]


ඔන්න මචන්ලා අරගෙන ආවා නියම Web Browser එකක්.  මේ බ්‍රව්සර් එකේ නම තමයි " Citrio ". මේ Browser එක All In One Web Browser එකක් කියලා කියන්න පුලුවන් මොකද Google Chrome , Firefox , වැනි  Web Browser වල නොමැති  විශේශාන්ග ගණනාවක්ම මෙම Browser  එකේ අඩන්ගුයි. කෙටියෙන් කියනවනම් මේකේ හොද  Powerful Download Manager එකක් ,  එවගේම කිසිම Torrent Client මෘදුකාංගයක් නොමැතිව මේ Citrio බ්‍රව්සර් එක හරහාම අපිට Torrent Download කරන්න පුලුවන්. මොකද මේකේ  Integrated torrent client මෘදුකාංගයක් තියනවා. ඒවගේම මේ බ්‍රව්සර් එකෙන් You Tube විඩියෝස්  Download කරන්න පුලුවන් අපි IDM එකෙන් බානවා වගේම. තවත් විශේශයක් තමයි  Smart Proxy Widget එකකුත් තියනවා.  අනික මේකත් Chromium Base බ්‍රව්සර් එකක් නිසා  Chrome Apps පවා Support කරනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ......

Monday, September 14, 2015

Windows 10 AntiSpy Features Disable කරගන්න මෙන්න නියම මෘදුකාංගයක්.


Windows 10 Auto Update වෙන එක එහෙම නවත්වගෙන ඇතිනේ.  ඉතින් අද දෙන්න ගෙනාවෙත්  මේ Windows 10 වල තියන AntiSpy Features ලේසියෙන්ම Disable කරගන්න පුලුවන් කුඩා මෘදුකාංගයක්. මේකෙන්  Windows 10 වල  අපිට අනවශ්‍ය කාර්යයන් හා පෞද්ගලිකත්වයට හානි වන security settings , privacy settings , location services පහසුවෙන්ම Enable / Disable කරගන්න පුලුවන්. මෙය browsing, updates, location features, webcam/ microphone access, Cortana, Contacts and Calendar, assorted telemetry settings වැනි 40+  වැඩි  tweak ප්‍රමාණයකට සහය දක්වනවා. මේ  මෘදුකාංගය ජනප්‍රිය මෘදුකාංග සමාගමක් වන ashampoo සමාගමේ එකක්. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ... මේ මෘදුකාංගයේ නම Ashampoo AntiSpy for Windows 10. අරගෙනම බලන්නකෝ..

Thursday, September 10, 2015

Keerthi Pasquel @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 28-08-2015 සිකුරාදා දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ අපේ රටේ සිටින තවත් ප්‍රවීනතම කලාකරුවෙක් වන ගායන ශීල්පී කීර්තී පැස්කුවල් මහත්මයා. ( Keerthi Pasquel ). ඉතින් එදා  Dell Studio වැඩසටහනේ  කීර්තී පැස්කුවල් මහතා  තමන්ගේ ලස්සනම ගීත 7ක් ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Link වලින්ම. Dell Studio නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය. අරගෙනම බලන්නකෝ.......

Wednesday, September 9, 2015

UC Browser එක Pc එකට දාගන්න


ඔන්න මචන්ලා අරගෙන ආවා නියම Web Browser එකක්.  Smart Phone පාවිච්චි කරන කට්ටිය නම් UC Browser කිව්වම ගමන්ම දන්නවානේ පට්ටම බ්‍රව්සර් එකක් කියලා.  ඔන්න UC Browser එක Pc Version එක ගැන තමයි මේ කියන්නේ. මේ බ්‍රව්සර් එකෙන් You Tube විඩියෝස්  Download කරන්න පුලුවන් අපි IDM එකෙන් බානවා වගේම. ඒ වගේම  UC Browser එකේ Data Compression technology එක නිසා අපේ Data ඉතුරු වෙනවා කියලා තමයි කියන්නේ. අනික මේකත් Chromium Base බ්‍රව්සර් එකක් නිසා  Chrome Apps පවා Support කරනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ......

Tuesday, September 8, 2015

Android Apps Pc එකේම Run කරමුද ? [ Bluestacks නෙමෙයි ]


ඔන්න මචන්ලා අද අරගෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කෙටියෙන්ම කිව්වොත් මේක  Android OS Emulator  එකක්. අපි කවුරුත් දන්න Bluestacks App Player එක නෙමේ අලුත් එකක්.
Android Emulator එකක් කිව්වම ඉතින් කට්ටිය දන්නවනේ Android Apps අපිට Pc එකේම Run කරගන්න පුලුවන් විදිහේ  වැඩසටහනක් කියලා.  Android Device එකක් නැති කට්ටියට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. හරි මේකේ නම තමයි  " Nox App Player " මේකේ  Run වෙන්නේ Android 4.4.2 සංස්කරණය. අලුත් Version එකක් Run වෙන නිසා ගැටලුවක් නැතුව අලුත්  Apps පවා Run කරගන්න පුලුවන්. මේක පාවිච්චි වෙන්නෙත් Android Device එකක් වගේම තමයි Play Store එකට Gmail ලිපිනයක් දීලා  Play Store එකේ තියන Apps Download කරගන්න පුලුවන්.
මේක අවශ්‍ය නම් Tab හෝ Phone Mode එක දාන්නත් පුලුවන්. එහෙනම් වැඩි කතා නැතුව කැමති නම් ට්‍රයි එකක් දීලා බලන්න.

Monday, September 7, 2015

පරිගණකයට මෙන්න නියම Icon Set එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන  ආවා  පෝස්ට් එකක්. අද අරගෙන ආවේ නියම Icon Set එකක්.  අපේ පරිගණකයේ තියන සාමාන්‍ය Folder එකේ මුහුණත වෙනස් කරගන්න පුලුවන්. Folder එකේ අන්තර්ගතයට ගැලපෙන Icon එකක් මෙමගින් තෝරලා දෙන්න. මේකේ අයිකන් 1350 ක් තියනවා. කැමති නම් Download කරගන්න.

Wednesday, September 2, 2015

Windows 10 Dark Theme එක Enable කරගමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන  ආවා  පෝස්ට් එකක්. දැන් නම්  මේ  වෙනකොට ගොඩක් කට්ටිය Windows 10 වලට මාරු වෙලානේ තියෙන්නේ. ඉතින් අද ලිඉපියෙන් කියන්න යන්නේ  Windows 10 වල Dark Theme එක Enable කරගන්නේ කොහොමද කියලා. හැමදාම   Windows 10 සුදුපැහැ පසුබිම දැකලා වෙනසකටත් එක්ක මේක ට්‍රයි කරලා බලන්න. මෙහෙමයි වැඩේ කරගන්නේ.