Wednesday, October 26, 2016

මන්දගාමී උන පරිගණකය නැවතත් වේගවත් කරගන්න මෙන්න " Advanced SystemCare " අලුත්ම එක.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා තවත් සුපිරි මෘදුකාංගයක අලුත්ම Version එකක්. මේ මෘදුකාංගයේ නම " Advanced SystemCare Pro ". මේ  මෘදුකාංගය ගැන කෙටි හැදින්වීමක් කරනවනම් ඕනෑම පරිගණකයක් මෙහෙයුම් පද්දතිය අලුතින් ස්තාපනය කර ටික කලක් යන විට හා කාලයක් පරිගණකය බාවිතා කරනකොට පරිගණකය මන්දගාමි වෙන බව අපිට හොදටම තේරෙනවානේ. OS එකේ , Registry , Software වල තියන පොඩි පොඩි ගැටලු සහ පරිගණකය  කාලයත් සමග බාවිතා කරනකොට  එකතු වෙන Temporary Files හා Malware වැනි  Virus වර්ගද මෙයට හේතුවනවා. ඉතින් මේ කරදර ඔක්කොම ලේසියෙන්ම Fix කරගන්න පුලුවන් ලෝකේ තියෙන ජනප්‍රියම  පරිගණක වැඩසටහනක් තමයි " Advanced System Care " කියන්නේ. කරන්න තියෙන්නේ මේ මෘදුකාංගය Install කරගෙන Scan එකක් කරන එක විතරයි. ඊට පස්සේ ඔයාගේ පරිගණකයේ තිබෙන දෝශ ටික පෙන්වයි. ඊට පස්සේ " FIX " බොත්තම ඔබන්න විතරයි තියෙන්නේ. දෝශ ටික Automatically Fix කරලා දානවා. ඒ වගේම Computer එක Boot වෙන්න ගතවන කාලයත් අඩුකරනවා. ඒ වගේම මේ අලුත් Version එකෙන් තව වැඩ ගොඩක් කරගන්න පුලුවන්.