Thursday, October 29, 2015

මෙන්න Torrent Download වලට නියම සොෆ්ට්වෙයා කෑල්ලක්.


Torrent Download කිව්වම ඉතින් අපි හැමෝම වගේ  කරන දෙයක්නේ. Torrent Download කරන්න ගොඩක් දෙන්නෙක් බාවිතා කරන්නේ μTorrent හෝ  BitTorrent Client මෘදුකාංගයනේ. ඒවායේ තියන කරදරයක් තමයි Ad Bar ටික. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා ටිකක් වෙනස් විදිහක Torrent Client මෘදුකාංගයක්. මේකේ නම තමයි " MediaGet ". මේකේ තියන විශේශතාවයන් තමයි අපිට බාගන්න අවශ්‍ය කරන Torrent එක මේ  MediaGet Smart Search Box එකේ Search පාරක්  දාලා හොයාගන්න පුලුවන්. ඒ වගේම ඉක්මන් සහ පහසුවෙන්  Download වීම. ඒත් එක්කම  MediaGet Torrent Client එකේ HD Video Player එකකුත් තියනවා. ඔයාලා සිංහල උපසිරැසි සමග චිත්‍රපට බලන කෙනෙක් නම් ඒ HD Video Player එකේ .IDX සබ් හොදට වැඩ කරනවා. ඒ වගේම මේ  MediaGet Torrent Client එකට Android App එකකුත් තියනවා. අරගෙනම බලන්නකෝ...

Sunday, October 25, 2015

බලාගෙනයි ! Google Chrome හා සමාන Malware Browser එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි පෝස්ට් එකක්. ඔයත් Google Chrome We Browser එක පාවිච්චි කරන කෙනෙක් නම් මේක ඔබට වැදගත් වෙන්න පුලුවන්.  මේක Google Chrome එකට ආපු Malware එකක් ගැනයි. මේකේ නම තමයි " eFast ". මේක Google Chrome එකට තමයි බලපාන්නේ. මේ අලුත් Malware එක ඔයාගේ Google Chrome බ්‍රව්සර් එක අයින් කරලා ඒ වෙනුවට  Chrome බ්‍රව්සර් එකට සමානම  වෙනත්  බ්‍රව්සර් එකක් Install කරනවා. ඊට පස්සේ  බ්‍රව්සර් එක ඔයාගේ Default Browser එක බවට පත්වෙලා විවෘත වන Web Link මේ හරහා තමයි  විවෘත වෙන්නේ. එමගින් ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සහ ඔබ මේ හරහා අන්තර්ජාලයට ඇතුලත් කරන තොරතුරු ලබා ගෙන වෙනත් පාර්ශවයන් වෙතට විකිණීම සිදු කරනවා.  මේ  Browser එකේ පෙනුමත්  Chrome එකට සෑම අතකින්ම සමානයි.  මේ browser එකත් open source Chromium project එකක් මුලික කරගෙන
තිබෙන නිසා හැසිරීමත් Chrome ලෙසින්ම සිදුවෙනවා.

Friday, October 23, 2015

පට්ට කොලිටියට Sound අහන්න. ( DFX Audio Enhancer අලුත්ම එක )


ඔන්න යාලුවනේ අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන ආවා.  මේක නම් දැන් ගොඩ දෙනෙක් පාවිච්චි කරලත් ඇති. මේකේ නම DFX Audio Enhancer. මේක අපේ පරිගණකයේ සාමාන්‍ය Sound Quality එක වැඩි කරලා හොද ගුණාත්මක ශබ්දයක් ලබාදෙන  මෘදුකාංගයක්. DFX Audio Enhancer   මෘදුකාංගය මගින්  Hyperbass , Dynamic  Boost , 3D Sound Ambience , Fidelity වැනි  Effect ටිකකුත් තියනවා. ඒවා අපිට කැමති විදිහට අඩු වැඩි කරලා ඕණ ගාණට හදාගන්න පුලුවන්. මේක Media Player වලට විතරක් නෙමෙයි You Tube , Itunes , Skype , Netflix , Vimeo , Hulu , Tunein වැනි Online සේවාවලටත් සහය දක්වනවා.  සාමාන්‍ය Sound එකයි  මේක දැම්මම එන Sound එකෙයි වෙනස කොහොමද  කියලා අරගෙන බලන්නකෝ.

Wednesday, October 21, 2015

Windows 10 වල Login screen Image එක වෙනස් කරමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක නම් අපේ  Windows 10 බාවිතා කරන කට්ටියටයි. මේකේන් අපිට අපේ  Windows 10 වල Loginscreen Image එක ලේසියෙනම් Change කරගන්න. වෙනස් කරලා අපිට කැමති Image එකක් දාගන්න පුලුවන්.

Sunday, October 18, 2015

Collection DvD Burn කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට  ඕණ කරන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක අලුත්ම සංස්කරණයක්. ගොඩක් දෙනෙක් දැනටමත් පාවිච්චි කරන මෘදුකාංගයක් තමයි මේක. කෙටියෙන්ම
කිව්වොත් මේක අපි අන්තර්ජාලයෙන් Download කරගන්න චිත්‍රපට ලේසියෙන්ම රූපවාහිණීයේ බලන්න පුලුවන් විදිහට Convert කරලා දෙන සුපිරිම මෘදුකාංගයක් තමයි මේක. මේකේ තියන විශේශත්වයක් තමයි අපිට තනි DvD Disk එකක චිත්‍රපට 4 - 5 ක් ම දාලා Convet කරගන්න පුලුවන්. ඒ වගේම සිංහල උපසිරැසිත් සහය දක්වනවා. .Srt උපසිරැසි ගොනුවල නම් අකුරු වල දෝශයක් තියනවා. ඒ වගේම අපිට Play කරන්න ඕණ ෆිල්ම් එක තෝරගන්න එන DvD Menu එකත් ලස්සනට Customize කරගන්න පුලුවන්. ෆිල්ම් සෙට් එක Convert වෙලා ඉවර උනාම Empty DvD Disk එකක් Drive එකට දාලා තිබ්බොත් Disk එක Burn කරගෙනම ගන්න පුලුවන්. මේකේ නම තමයි " ConvertXtoDVD ".

Saturday, October 17, 2015

වේගයෙන් File කොපි කරන්න. Tera Copy අලුත්ම එක.


ඔන්න අදත් අරගෙන ආවා අපිට නිතරම වගේ ඕණ කරන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක අලුත්ම සංස්කරණයක්.  සාමාන්‍යයෙන් අපි නිතරම අපේ පරිගණකයෙන් යම් විශාල ප්‍රමාණයේ ගොනු කොපි කරනවනේ. අන්න ඒ කොපි කරන ස්පීඩ් එක වැඩි කරන මෘදුකාංගයක් තමයි අද ගෙනාවේ. මේක නම් ගොඩක් දෙනෙක් දන්න ගොඩක් දෙනෙක් පවිච්චි කරන මෘදුකාංගයක්. සාමාන්‍ය  Windows වල නම් Copy වෙන්න ෆයිල් කීපයක් වරින් වර  දැම්මම අනිවාරෙන් Data Transfer වන Speed එක අඩු වෙනවා. නමුත් මේ Tera Copy කියන මෘදුකාංගයෙන් ඕනෑම ගොනු ගණනක් සාමාන්‍ය වේගයට වඩා ඉක්මනින්ම යවාගන්න පුලුවන්. මෙහි තවත් විශේශතා කිහිපයක් තියනවා.

Wednesday, October 14, 2015

ios 9 , 9.0.2 Jailbreak කරමු.


ඔන්න යාලුවනේ අද ලිපියෙන් කියන්න යන්නේ Apple සමාගමේ නවතම මෙහෙයුම් පද්ද්තිය වන ios 9 , 9.0.2 යන සංස්කරණ Jailrake කරගන්නා ආකාරයයි. මෙම ios 9 , 9.0.2 සංස්කරණ සාර්තකව Untethered jailbreak කිරිමට Tool එකක්  නිකුත් කිරිමට Chinese Hacker කණ්ඩායමක් වන  Pangu Team එක සමත් උණා. කෙටියෙන්ම Jailbreak කිරිම ගැන පැහැදිලි කලොත්   Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක (  iPhone , iPad , iPod touch , ) ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත්  කොට එය අපට අවශ්‍ය විදිහට Customize කරගැනීමයි. හරියට Android Device එකක්  Root කරනවා වගේ. මෙමගින් අපට ඇපල් Store එකේ දී වගේ ම තවත් වෙනස් පහසුකම් සහිත Cydia Tweaks  ලබා ගත හැකි අතර තේමා (Themes) ස්ථාපනය කිරීම , Pirate ඇප්ස් ස්ථාපනය කිරීම වැනි පහසුකම් ද ලබා ගන්න පුළුවන්.

Tuesday, October 13, 2015

Free VPN Service එකක්. ( Web Sites බ්ලොක් ද ? මෙන්න එහෙනම් IP Hide කරන් Anonymous web යන්න කියාපු බාන්ඩේ. )


මේ කියන්න යන්නේ නොමිලේ ලබාදෙන සුපිරිම VPN එකක් ගැනයි. ( VPN = Virtual Private Network ) අන්තර්ජාලය තුල ආරක්ශිතව හා Privacy එක රැකගෙන බ්‍රව්ස් කරන්නනේ ගොඩ දෙනෙක් VPN පාවිච්චි කරන්නේ. අපේ කට්ටිය නම් ගොඩක් බ්ලොක් කරපු ඒවාට රිංගන්නත් පාවිච්චි කරනවා. ඒ කොහොම උනත් අද දෙන්න ගෙනාවේ Totally Free VPN සේවාවක් සපයන සයිට් එකකුයි. මේකේ තියන විශේශත්වයක් තමයි Registration නෑ , Loging නෑ , Limits නෑ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම Add වැටෙන්නත් නෑ. මේ සර්විස් එක දෙන්නේ Betternet සයිට් එකෙනුයි. මෙය දැනට Windows , iOS , Google Chrome , Mozilla Firefox , Android යන ඕන එකකට දාගන්න පුළුවන්. සරල අතුරු මුහුණතක් හමයි තියෙන්නේ. බ්ලොක කරපුවට රිංගන්න Anonymous නෙට් යන්න ඕණනම් Download කරගෙනම බලන්නකෝ.

Monday, October 12, 2015

ලේසියෙන්ම කල් පැනපු Drivers ටික Update කරගන්න. [ IObit Driver Booster අලුත්ම එක ]


ඕනෑම පරිගණකයක ඇති Hardware වලට අදාල වන විවිද Drivers වර්ග තියනවානේ. ඒ VGA Drivers , Sound Drivers , Network Drivers වගේ ඒවා. ඉතින් එම Hardware වලට අදාළ Drivers update කිරීමත් පරිගණකයේ කාර්යක්ෂමතාවට ඉතා වැදගත් කටයුත්තක්නේ. ඉතින් අද අරගෙන ආවේ අපේ පරිගණකයේ දැනට ස්තාපනය කරලා තියන Drivers වල Outdated උන Drivers බොහොම පහසුවෙන් මවුස් ක්ලික් කීපයකින් නිවැරදිව update කරගන්න පුළුවන් සුපිරිම මෘදුකාංගයක් තමයි අද ගෙනාවේ. මේකේ නම් Driver Booster Pro… මේ මගින් අපේ පරිගණකයේ පරණ Drivers තියනවද කියලා බලලා තියනවනම් ඒවා දැනට තියන Latest Version එකෙන්ම බොහෝම ලේසියෙන්ම නිවැරදිව Update කරගන්න පුලුවන්.මේ දීලා තියෙන්නේ IObit Driver Booster 3 නවතම සංස්කරණයයි. අරගෙනම බලන්නකෝ..

Friday, October 9, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Oct / 08 / 2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.25 Build 1 වන සංස්කරණය.  (Released: Oct 08, 2015). අන්තිමට ආව IDM සංස්කරණය තමයි V 6.23 Build 23. ඒකේ ඉදන් කෙලින්ම Version 6.25 මාරු වෙලා තියනවා. මේකේදි  IDM download engine එක  Improved කරලා තියනවා කියලා තමයි කියන්නේ. තව තිබ්බ Bugs වගේකුත් හදලලු. මේකට හරියන  ***** එක  දීලා තියනවා.  Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Thursday, October 8, 2015

IDM එකට ලස්සන් Toolbar Set එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි වැඩක්. Internet Download Manager ( IDM ) අනිවාරෙන්ම අපේ පරිගණකයේ තියන මෘදුකාංගයක්නේ. ඉතින් අද දෙන්න අරගෙන ආවේ ඔය IDM එකට දාගන්න පුලුවන් ලස්සන Toolbar Set එකකුයි. එකම IDM Toolbar එක දැකලා දැකලා එපා වෙලා වගේනම් වෙනසකටත් එක්ක Toolbar එක ටිකක් වෙනස් කරගෙන බලන්නකෝ. මෙන්න තියනවා සෙට් එකක්ම. කැමති නම් අරගන්න.

Tuesday, October 6, 2015

ඕනම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත්කරගමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට ටිකක් වැදගත් වෙන තවත් කුඩා මෘදුකාංගයක්. අපි හැමෝම වගේ අන්තර්ජාලය හරහා චිත්‍රපට Download කරගන්නවනේ.  ඉතින් එහෙම චිත්‍රපට Download කරහම ගොඩක් කට්ටිය ෆිල්ම් එක බලන්නේ සිංහල උපසිරැසියත් එක්කනේ. ඉතින් අද දෙන්න ගෙනාවේ ඒ කට්ටියට වැදගත් වෙන මෘදුකාංගයකුයි. මේ මෘදුකාංගයේ නම තමයි " Sinhala Sub Machine ". කරන්න තියෙන්නේ වෙනත්  බාශාවක  " .srt " වර්ගයේ උපසිරැසි ගොනුවක් හොයාගෙන Sinhala Sub Machine මෘදුකාංගය හරහා Open කරගෙන " Convert " බට්න් එක ක්ලික් කරන එක විතරයි. ඊට පස්සේ උපසිරැසිය Convert වෙන්න පටන් ගන්නවා. වැඩේ වෙන්නේ " Google Translate " Tool එක හරහයි. ඒ නිසා මේ වැඩේට අන්තර්ජාල සබදතාවක් ඕණ කරනවා. තව එකක්  Google Translate හරහා පරිවර්තනය වන නිසා ඇතැම් සිංහල වචන  නම් නිවැරදිව පෙන්නුම් කරන්නේ නෑ. මෙය 350 KB තරම් වන කුඩා  මෘදුකාංගයක්. මෘදුකාංග Devolop කරන්නේ " Sadeepa Ravishan " කියලා කෙනෙකුයි. අරගෙනම ට්‍රයි කරලා බලන්නකෝ.

Sunday, October 4, 2015

Sunil Edirisinghe @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 25-09-2015 වන සිකුරාදා දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ අපේ රටේ සිටින තවත් ප්‍රවීනතම කලාකරුවෙක් වන සුනිල් එදිරිසිංහ මහතා. ( Sunil Edirisinghe ). ඉතින් එදා  Dell Studio වැඩසටහනේ   සුනිල් එදිරිසිංහ  මහතා  තමන්ගේ ලස්සනම ගීත 7ක් ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Link වලින්ම. Dell Studio නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය. අරගෙනම බලන්නකෝ.......