Monday, September 5, 2016

Torrent File Search කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.


 ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙය් කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Torrent Search කරන්න පුලුවන් පොඩි Software එකක්. සමහරක් වේලාවට අපිට ඕණ කරන Torrent එකක් හොයාගන්න ET , Piratebay , 1337x , Ahashare වැනි ජනප්‍රිය Torrent සයිට් කිහිපයකටම ගිහින් Search කරනවනේ. ඉතින් අද මේ දෙන " Bit Che " කියන කුඩා මෘදුකාංගය හරහා අපිට අවශ්‍ය Torrent ගොනුවක් බොහෝම පහසුවෙන්ම Search කරලා Torrent සයිට් ගොඩක Search Result එක එකම තැනකින් බලාගන්න පුලුවන්. ඒ වගේම ඒ Torrent එකට අදාල # Hash එක , Seeders & Leechers ප්‍රමාණය , Trackers වගේම Magnet Link එකත් අවශ්‍ය නම් කොපි කරගන්න පුලුවන්.

ඔයලා බයිස්කෝප් සයිට් එකෙන් සිංහල උපසිරැසි ගන්න කෙනෙක් නම් දැන් දන්නවා ඇතිනේ බයිස්කෝප්  සයිට් එකෙන් දැන් Torrent Link දෙන්නේ නෑ කියලා. ඉතින් ඒක නිසා සමහර කට්ටිය උපසිරැසි පිටපතට ගැලපෙන්නේ නැති ඒවත් Download කරගෙන Data ටික නාස්ති කරගන්නවා. ඉතින් ඒ කට්ටියටත් අනිවාරෙන් මේ " Bit Che " කියන කුඩා මෘදුකාංගය වැදගත් වෙනවා. කරන්න තියෙන්නේ බයිස්කෝප් සයිට් එකෙන් දීලා තියන චිත්‍රපටයේ පිටපතේ නම කොපි කරගෙන ( Ex :- Jason.Bourne.2016.HC.HDRip ) Bit Che මෘදුකාංගයෙන්  පොඩි Search එකක් දාන  එක විතරයි.

Tuesday, August 23, 2016

Films , TV Series , Torrent , Softwares , Games Download කරන්න සුපිරි සයිට් සෙට් එකක්.


ඔන්න යාලුවනේ අද ලිපියෙන් අරගෙන ආවා අන්තර්ජාලය හරහා Films , TV Series Download කරන අපේ කට්ටියට වැදගත් වෙන ලිපියක්. ඒ කිව්වේ අද ලිපියෙන් දෙන්න යන්නේ Films , TV Series , Torrent , Softwares , Android App , Games වගේම තවත් ගොඩක් දේවල් Download කරගන්න පුලුවන් නියම සයිට් ලිස්ට් එකක්. මේ සයිට් වලින්  1080 / 720 P වගේම දැන්  ගොඩක් දෙනෙක් බාන්න පුරුදු වෙලා ඉන්න x 265 HEVC Encode සයිට් ටිකක් වගේම Torrent Link + Direct Link දෙන සයිට් සෙට් එකක්ම තියනවා. අනිවා ඔයාලට මේ සයිට් ටික වැදගත් වෙයි....

Thursday, August 18, 2016

Torrent Schedule Download කරමු.


ඔන්න Torrent Download කරන කට්ටියට ටිකක් වැදගත් වෙයි කියලා හිතන ලිපියක් අද අරගෙන ආවා.  ගොඩක් දෙනෙක් Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරාට ඒකේ තියන මෙන්න මේ Feature එකනම් ගොඩක් දෙනෙක් පාවිච්චියට ගන්නේ නෑ. ඒ තමයි Torrent Schedule Downloading කියන එක. මේ Feature එක අපිට විවිද අවස්තා වලදි ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. විශේශයෙන්ම මාසික ගාස්තු සහිත Data Package වලට හම්බවෙන Night Time Data උපරිම වශයෙන් බාවිතයට ගන්න මෙන්න මේ Torrent Schedule Downloading කියන පහසුකම ගොඩක් වැදගත් වෙනවා.  මේ Schedule Downloading පහසුකමේදි අපිට Download වෙන්න දාලා තියන Torrent එක යම් කාලසීමාවක සිට තවත් කාලසීමාවකට අපිට අවශ්‍ය ලෙසට Download වීම / Seeds කිරිම  අපිට පාලනය කරගන්න පුලුවන්. මේ Schedule Downloading පහසුකම  μTorrent , Bittorrent , Vuze , BitComet , qBittorrent , Tixati වැනි සියලුම Torrent Client මෘදුකාංග වල මේ Schedule Downloading පහසුකම තියනවා. හරි මෙහෙමයි Torrent Schedule Downloading Setting හදාගන්නේ.....

Saturday, July 30, 2016

සුපිරියටම ලේසියෙන් Video Edit කරන්න මෙන්න Wondershare Filmora අලුත්ම එක.


ඔන්න යාලුවනේ අරගෙන ආවා සුපිරිම Software එකක්.  මේක ගැන කියනවම මේකත් Video Editing සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කලිනුත් ලිපි කිහිපයක්ම  දාලා තියනවා. මේකේ තවත් අලුත් Version එකක් ඇවිත් තියනවා අලුත් විශේශාංග කිහිපයකුත් එක්ක.. සාමානය්‍යයෙන් CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න  පරිගණකයේ හොද වේගයක් ,  රැම් මතකයක් අවශ‍ය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ ප්‍රදාන වාසියක් තමයි අවශ‍ය්‍ය කරන System Requirements  ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි  150 MB තියෙන්නේ.  වැඩ කරගන්නත් ලේසියි වැඩ කෑලි ගොඩයි.. තියන Effect , Transition , Filters එහෙම හොදටම තියනවා. මේකේ නම තමයි " Wondershare Filmora ". මේකේ ප්‍රදාන කොටස් 2ක් තියනවා. ඒ තමයි  Eazy mode සහ Full Feature Mode කියලා.  Eazy Mode එකෙන් අපිට බොහෝම පහසුවෙන් Photo Set එකක් දාලා ලස්සන වර්ණවත් Slide Show එකක් හදාගන්න පුලුවන්. අනිත් Full Feature Mode එක බාවිතා කරලා  කැමති Effect  , Transition Filters , Overlays , Elements බාවිතා කරලා හොද තත්වයේ Video Edit එකක් කරගන්න පුලුවන්. එහෙනම් ට්‍රයි කරලා බලන්නකෝ.....

Monday, July 25, 2016

iOS 9.3.3 - 9.2 Jailbreak කරමු. [ How to Jailbreak iOS 9.3.3 – iOS 9.2 Using Pangu Jailbreak ]


ඔන්න යාලුවනේ අද ලිපියෙන් කියන්න යන්නේ Apple සමාගමේ නවතම මෙහෙයුම් පද්දතිය වන iOS 9.2 - 9.3.3 යන සංස්කරණ Jailrake කරගන්නා ආකාරයයි.  මේ iOS 9.2 - 9.3.3 සංස්කරණ සාර්තකව  Untethered jailbreak කිරිමට Tool එකක්  නිකුත් කිරිමට Pangu Team එක ඊයේ සමත් උණා ( 07 / 24 ). දැනට නම්  මේ Tool එක තියෙන්නේ චීන භාශාවෙන් පමනයි... ඉංග්‍රිසි එකත් ලගදීම දෙනවා කියලා තමයි කියන්නේ.. ඔයාලා Jailbreak එක කරනවනම් පහලින් දාලා තියන Videos දෙක හොදට බලලාම කරගන්න. ඒක කෝකටත් හොදයිනේ. හරි දැන්  කෙටියෙන්ම Jailbreak කිරිම ගැන පැහැදිලි කලොත්   Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක (  iPhone , iPad , iPod touch , ) ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත්  කොට එය අපට අවශ්‍ය විදිහට Customize කරගැනීමයි. හරියට Android Device එකක්  Root කරනවා වගේ. මෙමගින් අපට ඇපල් Store එකේ දී වගේ ම තවත් වෙනස් පහසුකම් සහිත Cydia Tweaks  ලබා ගත හැකි අතර තේමා (Themes) ස්ථාපනය කිරීම , Pirate ඇප්ස් ස්ථාපනය කිරීම වැනි පහසුකම් ද ලබා ගන්න පුළුවන්.

Sunday, July 24, 2016

Prisma නිල වශයෙන් Android සදහා හදුන්වා දෙයි.... [ Prisma Official Android version ]


මෙි දවස්වල Facebook ඇතුලු Social Media වල ලැවිගින්නක් වගේ පැතිරිලා යන දෙයක් තමයි Prisma App එකෙන්  Photo Edit කරලා හදපු ලස්සන ෆොටෝස් FB අප් කරන එක.. ඔන්න ඉතින් ගොඩ දෙනෙකුට තිබ්බ ලොකුම ප්‍රශ්ණයක් මීට ටික වේලාවකට කලින් විසදුනා. ඒ තමයි Prisma App එක නිල වශයෙන් Android උපාංග සදහා නිකුත් කිරිම. මීට කලින් Prisma App නිකුත් කරලා තිබ්බේ Apple Ios සදහා පමණයිනේ.. ඉතින් අද නිකුත් කරපු මේ නිල Prisma Android App එක Android 4.1 හා ඊට ඉහල සංස්කරණ සමග හොදින් වැඩ කරනවා...  මෙහි විවිද 30 කට වැඩි සුපිරි Artworks Filters ප්‍රමාණයක් අඩංගුයි. එහෙනම් Download කරගෙනම බලන්නකෝ මේ නිල Prisma Android App එක කොහොමද කියලා.

Friday, July 15, 2016

R-Sim එකක් මගින් Iphone එකක් නිවැරදිව Unlock කරගන්නේ මෙහෙමයි.


ඔන්න මචන්ලා අද අරගෙන ආවා අපේ Apple Iphone පාවිච්චි කරන යාලුවන්ට වැදගත් වෙන පෝස්ට් එකක්. ඉස්සෙල්ලම කියන්න ඕණේ මේ ලිපියේ ගොඩක් කරුණූ tipzlk සයිට් එකෙන් උපුටා ගත් ටිකක් කයලා. ඒ කිව්වේ අද ලිපියෙන් කියන්න යන්නේ Network Carrier Lock Iphone එකක් R-SIM එකක් හරහා Unlock කරගන්න ආකාරයයි. i phone එකක් පාවිච්චි කරන ගොඩක් දෙනා ලග තියෙන්නේ මේ  R-SIM Unlock කරපු Phone එකක්. මොකද මේ IPhone එක Factory Unlock IPhone එකක් හා සසදා බලද්දි මිල ගණන් අඩුයි. Ikman එකේ විකුණන්න දාලා තියන ගොඩක් Iphone R-SIM Unlock කරපුවා සහ  ඒවා මිලෙන් අඩුයි නේද ? මේ  R-SIM එකක් Phone Shop එකකට දීලා දාගන්නවනම් රු 3000 - 4000 ක් වගේ මුදලක් යන වැඩක්. අනික R-SIM එකක් ගහන්න ඔච්චර ලොකු ගාණක් ගෙවන්න ඕණ වැඩක් නෙමෙයි. බොහෝම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. කරන්න තියන හොදම වැඩේ තමයි R-SIM එකක් Ebay හරහා Order කරන එක. R-SIM එකක් Ebay එකේ 4$ සිට වගේ ගන්න පුලුවන් ( ශ්‍රී ලංකා රු 700 ක් වගේ ). නැත්නම් Ikman එකෙත් තියනවා හැබැයි ගාණ ටිකක් වැඩියි.

Thursday, July 7, 2016

Torrent වලින් Download කරන Film එක කොලිටි එක බලාගන්න.

ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් කරුණක්. Torrent අපි හැමෝම වගේ Download කරනවනේ.  අද ලිපියෙන් කියන්න යන දේ වැදගත් වෙන්නේ µTorrent / BitTorrent වැනි Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරන කට්ටියටයි. මේ කියන්න යන දේ නම් ගොඩක් දෙනෙක් දන්න දෙයක්. ඒත් ඉතින් නොදන්න පිරිසකුත් ඉන්න නිසා තමයි ලිපිය දාන්නේ. අපේ සමහර යාලුවෝ තවමත් චිත්‍රපටයක් Download කරද්දි පටලව ගන්න දෙයක් තමා ඒ චිත්‍රපටයේ පිටපතේ ගුණාත්මකබාවය. ඒ කිව්වේ චිත්‍රපටය Download කරලා බලද්දි බාලා තියෙන්නේ කැමරා කොපියක්. එහෙම නැත්නම් වැඩි ප්‍රසිද්ද නැති සයිට් එකකින් බාලා Film එක Play කරාම ඒක Fake Movie එකක්. එක එක Error එනවා Download Codec තව මේ වගේ Error කිහියකම එනවා. ඉතින් දැන් කියන්න යන්නේ µTorrent / BitTorrent මෘදුකාංගය  හරහා Torrent එකක් Download කරද්දි ඒකේ කොලිටි එක ලේසියෙනම බලාගන්න පුලුවන් ක්‍රමයක් ගැන.. මෙහෙමයි වැඩේ කරගන්නේ..

Saturday, July 2, 2016

මෙන්න Phone එකට නියම HD Wallpapers Set එකක්.


ඔන්න මචන්ලා අද ගෙනාවා ඔයාලගේ Smart Phone එකට ලස්සන  HD Wallpapers ටිකක්. Home Screen එකට , Lock Screen එකට දාගන්න පුලුවන් සුපිරි Wallpapers ටිකක් තියෙන්නේ සම්පූර්ණයෙන්ම HD කොලිටි එකෙන් තියෙන්නේ ( 1080 ‍ x 1920 . Wall Papers 300 ක් විතර තියනවා. කොටස් 2 කට තමා අප්ලෝඩ් කරලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

Monday, June 27, 2016

Potplayer එකට නියම Skin එකක්.


Potplayer කියන්නේ හුගක් දෙනෙකුගේ පරිගණකයේ තියන Media Player එකක්නේ.  ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ Potplayer එකට නියම Skin එකක්. ඒ Skin එක තමයි Mirillis Splash කියන HD Player එකේ Skin එක.  මේ Skin එක දාගත්තම අපේ Potplayer එකේ පෙනුම  Mirillis Splash HD Player එක වගේ වෙනවා. බොහෝම පහසුවෙන් දාගන්න පුලුවන්..