Wednesday, March 5, 2014

Pen Drive එකකින් Windows 7 , 8 දාගමුද ?


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා  කෑල්ලක්.  අපි පරිගණකයට සාමාන්‍යයෙන්  Windows Install කරන්නේ Bootable Windows DvD එකකින්නේ. ඒත් Bootable Windows CD / DvD වලට වඩා ලේසියෙන්ම USB Penඑකක් බාවිතා කරලා ලේසියෙන්ම Windows දාගන්න පුලුවන්. අනිත් කාරණය තමයි Note Book පරිගණක සහ පරිගණකයේ CD  / DvD ධාවකයක් නොමැති හෝ ධාවකයයේ  ප්‍රශ්ණ තියන අයට තියන හොදම විසදුම තමා Bootable Pen Drive  එකක් පාවිච්චි කරලා පරිගණකයට Windows දාගන්න එක. මේක කරගන්න අපිට ඕණ කරන්නේ Windows 7 , 8  ස0ස්කරණකයක .iso ගොනුවක් සහ 4 , 8 GB වැනි Pen Drive එකක් සහ Windows 7 USB / DVD Download Tool කියන පොඩි සොෆ්ට්වෙයා  කෑල්ලයි. මෙහෙමයි වැඩේ කරන්නේ.




මේ වැඩේ  අපිට ක්‍රම දෙකකට කරගන්න පුලුවන්.
 
1 වන ක්‍රමය :-  Windows 7 හෝ  8 වල ISO ගොනුවක් ඇති විට
2 වන ක්‍රමය :-  Windows 7 හෝ  8 වල Bootable DvD එකක් ඇති විට ( මෙතනදි විස්තර කරන්නේ 1 වන ක්‍රමයයි.

මේක කරන්න අපිට ඕණ කරනවා Windows 7 හෝ 8 .iso ගොනුවක් සහ 4GB+ Pen Drive එකක් ( අපේ  ළග තියන Windows .iso ගොනුවේ ප්‍රමාණය අනුව Pen Drive එකේ ප්‍රමණය වෙනස්
 කරගන්න ඕනේ. ( උදා / . .iso ගොනුව 4.7 GB වගේ නම Pen Drive එක 8 GB වෙන්න ඕනේ )


ඉස්සෙල්ලම Windows 7 USB / DVD Download Tool මෘදුකාංගය මෙතනින් බාගන්න.

http://www.microsoftstore.com/store/msusa/html/pbPage.Help_Win7_usbdvd_dwnTool?ClickID=asyzkr55o9500rt5rlzzan9kzavkz09ayllr


Download  කරගත්තු Windows 7 USB / DVD Download Tool මෘදුකාංගය Install කරලා Open කරගන්න. ලැබෙන Window එකෙන් " Browse " ක්ලික් කරලා  Windows 7 , 8 ගොනුවේ .iso ගොනුවේ Path එක තෝරලා Next ක්ලික් කරන්න.




ඊලගට එන Window එකේදි අපිට තෝරගන්න පුලුවන් අපි හදාගන්නේ Bootable usb Drive එකක්ද එහෙම නැත්නම් Bootable DvD එකක්ද කියලා. ( අපි මෙතනදි හදන්නේ  Bootable usb Drive එකක්
නිසා ” USB Device ” ක්ලික් කරන්න.


ඊලගට ලැබෙන Window එකේදි Pen Drive එකත් පරිගණකයට සම්බන්ද කරලා " Begin Copying " ක්ලික් කරන්න. ( Pen Drive  එක පෙන්වන්නේ නැතිනම් Refresh කරන්න. )


මෙතනදි ඔයාගේ Pen Drive එක Format කරන්න අහනවා. ඒක නිසා Pen Drive එකේ අවශ්‍ය කරන  දත්ත  තියනවනම් අනිවාරෙන් Backup කරගන්න.



හරි දැන් අපේ Pen Drive එක  ස්වයංක්‍රීයවම Format වෙලා දත්ත ටික කොපි වෙන්න පටන් ගන්නවා.




*********************************

ඔන්න දැන් වැඩේ ඉවරයි.


*********************************

හරි දැන් අපි Bootable USB Drive එකක් හදාගෙන ඉවරනේ. ඔයාලා සිස්ටම් දාන්න යද්දි පරිගණකය ON වෙද්දිම ඔයාලගේ පරිගණකයේ Bios Setting වලට ගිහින් First Boot Device එක ” USB “ ලෙස වෙනස් කරලා   Bootable USB Drive එකෙන් පරිගණකය Boot කරලා ඔයාලට අලුතින් සිස්ටම් එක දාගන්න පුලුවන්.

ප්‍රශ්න තියනවනම් කමෙන්ට් එකක් දාන්න..


එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා...