Saturday, June 14, 2014

KMPlayer AdBox එක Disable කරමු.


ඔන්න සහෝලා අදත් ගෙනාවා පොඩි ට්‍රික් එකක්. අපේ පරිගණකයේ අනිවාරෙන්ම තියන සොෆ්ට්වෙයා කෑල්ලක්නේ Media Player කියන්නේ.ඒ Media Player අතරින් ගොඩක් දෙනෙක් කැමති Player එකක්නේ  KMPlayer කියන්නේ. විශේශයෙන් සිංහල උපසිරැසිත් සමග චිත්‍රපටබලන අය වැඩි දෙනෙක් බාවිතා කරන්නේ මේ  KMPlayer එකනේ. ඒ ඕනෑම උපසිරැසි ගොනු වර්ගයක් ඉතා හොදින්  KMPlayer හී සහයදක්වන නිසයි.... හරි හරි දැන් මේ කියන්න යන්නේ  KMPlayer අලුත් Version වලදි අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා සිටින විට KMPlayerOpen කරපුවම KMPlayer හී පැත්තකින් AdBox එකක් එනවනේ. ( ස්ක්‍රින් ශොට් එක බලන්න ) මේක වෙලාවකට හෙන ඇණයක්නේ. ඉතින්දැන් මේ කියලා දෙන්න යන්නේ මේ KMPlayer එකේ AdBox එක පහසුවෙන්ම Block ( Remove ) කරගන්න පහසුක්‍රම දෙකකුයි.

Thursday, June 12, 2014

Android Device වලට සුපිරිම Pc Suite Set එකක්ම.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන අපේ යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.මේක ගැන කියනවනම් මේක Smartphone Manager [ Pc Suite ] මෘදුකාංගයක්. කට්ටිය දන්නවා ඇතිනේ මොකක්ද  Pc Suite එකක්කියන්නේ හා ඒ මගින් කරගන්න පුලුවන් වැඩ ටික. කෙටි හැදින්වීමක් කරොත් මේ Pc Suite එකක් මගින් පුලුවන් Pc එක හා Device එක අතර පහසුවෙන් File හුවමාරු කරගන්න , Device එක සම්පුර්ණයෙන්ම Backup කරගන්න. Apps Download කරගන්න , Apps Update කරගන්න වගේ වැඩකටයුතු පහසුවෙන්ම කරගන්න පුලුවන්. ඉතින් දැන් මේ දෙන්න යන්නේ ඔය කිව්ව වැඩටික කරගන්න පුලුවන් සුපිරිමAndroid Smartphone Manager මෘදුකාංග කීපයකුයි. අර්ගෙනම බලන්නකෝ.

Tuesday, June 10, 2014

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක [ Jun 09, 2014 ] 100% ක් Working


ඔන්න යාලුවනේ ටික දවසකට පස්සේ ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත් Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්මUpdate එක වෙන  Version 6.20 Build 2 ( Released: Jun 09, 2014 ) අරගෙන. මේක 100% ක්ම ආරක්ශිතව Patch කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්......  පහතින් Download කරගන්න.

Saturday, May 31, 2014

ඕනෑම Android Device එකක් 1-Click ROOT කරගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන ලිපියක්. අද ලිපියෙන් කියලා දෙන්න යන්නේAndroid device එකක් නිවැරදිව ආරක්ශාකාරීව කොහොමද Root කරගන්නේ කියලයි. අපිට සමහරක් App වල තියන යම් යම් Features වලින් වැඩ ගන්න නම් අපිට අනිවාරෙන්ම Root Permission අවශ්‍ය වෙනවනේ. හරි දැන් මේ දෙන Tool එකෙන් පුලුවන් ලේසියෙන්ම Root  කරගන්න. මේ Tool එක 8000 කට වැඩි Android device ප්‍රමාණයකට සහය දක්වනවා. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ..

Sunday, May 25, 2014

ලොකු සයිස් මූවීස් පොඩි සයිස් වලට Rip කරගමු.


ඔන්න සහෝ අදත් තියනවා පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැනත් ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ඒත් නොදන්න කට්ටියත් ඉන්න නිසයි දාන්නේ.මේක ගැන කියනවනම් මේකේ නම " HandBrake " මේක  Open Source Video Transcoder සොෆ්ට්වෙයා කෑල්ලක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපි ගාව තියන ලොකු ලොකු සයිස් වල  DvD චිත්‍රපට හා Hard Disk එකේ තියන චිත්‍රපටි එහෙම පොඩි සයිස් එකකට Rip කරගන්න. මේකේ තියන තවත් විශේශත්වයක් තමයි චිත්‍රපටියේ ගුණාත්මකබාවයට ලොකු හානියක් වෙන්නැතුව පොඩි සයිස් එකකට Rip කරගන්න පුලුවන් වීම. මේකේදි Output Container Format එක නම් mp4 , mkv වලින් එකකටතමයි තමයි ගන්න වෙන්නේ .... හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

Saturday, May 17, 2014

IDM එකෙන් Resume කරන්න බැරි Files ආයෙත් Resume කරලා Download කරමු.


අපි ගොඩ දෙනෙක් අපේ Download Manager මෘදුකාංය විදිහට පාවිච්චි කරන්නේ IDM එකනේ. ( Internet Download Manager ). ඒත් සමහර වෙලාවට යම් ගොනුවක් අපිට එක දිගටම Download කරන්න බැරි අවස්තා තියනවනේ, අපි හිතමුකො අපි 700MB වගේ ෆිල්ම් එකක් බානවා කියලා. නමුත් ඕක කුමන හෝ හේතුවකට අන්තර්ජාල සබදතාවය විසන්දි කරන්න උනා කියමුකෝ. සමහර වෙලාවට ඩොන්ගල් පාවිච්චි කරන අයගේ ඩොන්ගල් එක ඉබේම Disconnet වෙනවනේ. ඉතින් එහෙම උනාම සමහර වෙලාවට IDM එකේ Resume Capability එක " Yes " කියලා තියන ඒවත් Resume කරන්න බැරිවෙන අවස්තා ඕණ තරම් ඔයාලට සෙට් වෙලා ඇතිනේ. 700 MB මුවීයකින් 500 MB විතර Download වෙලා නෙට් කනෙක්ශන් එක කරුමෙට හර Disconnet වෙලා කලින් දාපු මුවීය ආයේ Resume කරන්න බැරි උනොත් කොහොමදටොපිය. බාපන්කෝ ආයෙත් මුල ඉදන්. ඉතින් අද කියන්න යන්නේ ඒවගේ සීන් එකකදි නැවතත් අර File නතර වෙලා තිබුන තැන ඉදන්ම ආපහු Resume කරගන්න පුලුවන් විදිහක් ගැනයි. මේ ක්‍රමේ නම් ගොඩක් සයිට්වලට වැඩ කරනවා. ( මේ ක්‍රමය Torrent Direct බාන සයිට් වලටත් වැඩ කරනවා.)

Monday, May 12, 2014

IMDb Android App එක


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට Android App එකක්. IMDb ( Internet Movie Database ) කිව්වම ඉතින් කව්ද නොදන්නේ. ඉතින් අද දෙන්න ගෙනාවේ මේ IMDb එකේ Android App එකයි.සහෝලා චිත්‍රපට සහ Tv Series ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්න කෙනෙක් නම් මේ App එක අනිවාරෙන්ම ඔයාගේ Device එකේ තිබියයුතුම App එකක් කියලා කියන්න පුලුවන්. මේ App එක හරහා පුලුවන් Upcoming movies ගැන දැනගන්න ,  movies , TV shows Rate කරන්න ,  Movie trailers බලන්න , movies , TV shows Review කරන්න , Box office මූවීස්  සහ චිත්‍රපට වලට අදාල සියලුම විස්තර බලාගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

Sunday, May 11, 2014

Android Phone එකෙන් ස්කෑන් කරමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Android Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන App එකක්. මේකේ නම තමයි CamScanner -Phone PDF Creator. මේකෙන් පුලුවන් අපිට හදිසි අවස්තාවක අපේ  Android Device එක Scanner එකක් විදිහටපාවිච්චි කරන්න. ඒ කිව්වේ ඕනෑම Document එකක් මේ CamScanner කියන App එකෙන් සාමාන්‍ය විදිහට Capture කරගත්තම මේ App එකෙන් ඒ Document එක Auto Crop වෙලා jpg හෝ pdf එකක් විදිහට සේව් කරගන්න පුලුවන්. ජායාරූප , ලිපිගොනු , පුවත් පත් , සගරා වගේ ඒවා ලේසියෙන්ම Scan කරගන්න පුලුවන්. ගත්තුවා Edit කරගන්නත්පුලුවන්. මේක නම් අනිවා වැදගත් වෙන App එකක් කියලා කියන්න ඕනේ. මේ  App එක Android 2.3 සිට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. මම මේ App එක ගැන කිව්ව  එව්වා තේරුන් නෑ වගේනම් අනිවා මේ App එකේ Intro Video එක බලන්න.

Tuesday, May 6, 2014

Ad කරදරයෙන් බේරිලා අන්තර්ජාලයේ සැරිසරමු.

Surf the web without annoying ads!

ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට අනිවාරෙන්ම වැදගත් වෙන පොඩි ට්‍රික් එකක්. අන්තර්ජාලය බාවිතා කරන අපි නොයෙකුත් ආකාරයේ වෙබ් අඩවි වලට යනවනේ. ඉතින් ඔහොම යන වෙබ් අඩවි ගොඩකම නොයෙකුත් ආකාරයේ Ad ( දැන්වීම් ) තියනවනේ. සමහර දැන්වීම් තියනවා වෙබ් බ්‍රව්සර් එකේ වෙනම Window එකක් ඕපන් වෙලා දැන්වීම් යනවා , You Tube Videos Play වෙනවා. Limited Data Package එකක් පාවිච්චි කරන කෙනෙකුගේ ඉක්මනින්ම Data ප්‍රමාණය ඉවර වෙන්නත් මේ Ad කේස් එක ලොකුවටම බලපානවනේ. ඉතින් දැන් මම මේ දෙන්න යන්නේ ඔය  වෙනම Window එකක් ඕපන් වෙලා PopUp වෙන දැන්වීම් කරදරෙන් බේරෙන්න පුලුවන් බොහෝම සරල ක්‍රමයක්. මේක ගැන කියනවනම් මේක browser extension එකක්. කරන්න තියෙන්නේ මම දෙන සයිට් එකට ගිහින් ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකට ගැලපෙන browser extension එකබ්‍රව්සර් එකට Install කරගන්න.

Friday, May 2, 2014

Android Phone එකෙන්ම Photos වලට පට්ට Effect ටිකක් දාගමු.


ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන යාලුවන්ට වැදගත් වෙන හොද Android App එකක්... මේ App එක ගැන කියනවනම් මේක Photo Editing App එකක්. මේකෙන් පුලුවන් අපේ Device එකේ තියන Pictures වලට පට්ට පට පට ලස්සන එකිනෙකට වෙනස් Effects ටිකක් දාලා ඡායාරෑපය ලස්සනටම හදාගන්න පුලුවන්.  මේ App එකේ නම " Pho.to Lab PRO " . මේක Android O/S : 2.1+ සිට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. මේ App එක Play එකෙන් ගන්නවනම් $ 3.99 ක් වෙනවා. ඒත් ඔයාලට Download කරගන්න දීලා තියෙන්නෙත් මේ App එකේ " PRO " Version එකම තමයි. එහෙනම් Android App එක බාගෙනම බලන්නකෝ...