Saturday, May 31, 2014

ඕනෑම Android Device එකක් 1-Click ROOT කරගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන ලිපියක්. අද ලිපියෙන් කියලා දෙන්න යන්නේAndroid device එකක් නිවැරදිව ආරක්ශාකාරීව කොහොමද Root කරගන්නේ කියලයි. අපිට සමහරක් App වල තියන යම් යම් Features වලින් වැඩ ගන්න නම් අපිට අනිවාරෙන්ම Root Permission අවශ්‍ය වෙනවනේ. හරි දැන් මේ දෙන Tool එකෙන් පුලුවන් ලේසියෙන්ම Root  කරගන්න. මේ Tool එක 8000 කට වැඩි Android device ප්‍රමාණයකට සහය දක්වනවා. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ..

Sunday, May 25, 2014

ලොකු සයිස් මූවීස් පොඩි සයිස් වලට Rip කරගමු.


ඔන්න සහෝ අදත් තියනවා පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැනත් ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ඒත් නොදන්න කට්ටියත් ඉන්න නිසයි දාන්නේ.මේක ගැන කියනවනම් මේකේ නම " HandBrake " මේක  Open Source Video Transcoder සොෆ්ට්වෙයා කෑල්ලක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපි ගාව තියන ලොකු ලොකු සයිස් වල  DvD චිත්‍රපට හා Hard Disk එකේ තියන චිත්‍රපටි එහෙම පොඩි සයිස් එකකට Rip කරගන්න. මේකේ තියන තවත් විශේශත්වයක් තමයි චිත්‍රපටියේ ගුණාත්මකබාවයට ලොකු හානියක් වෙන්නැතුව පොඩි සයිස් එකකට Rip කරගන්න පුලුවන් වීම. මේකේදි Output Container Format එක නම් mp4 , mkv වලින් එකකටතමයි තමයි ගන්න වෙන්නේ .... හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

Saturday, May 17, 2014

IDM එකෙන් Resume කරන්න බැරි Files ආයෙත් Resume කරලා Download කරමු.


අපි ගොඩ දෙනෙක් අපේ Download Manager මෘදුකාංය විදිහට පාවිච්චි කරන්නේ IDM එකනේ. ( Internet Download Manager ). ඒත් සමහර වෙලාවට යම් ගොනුවක් අපිට එක දිගටම Download කරන්න බැරි අවස්තා තියනවනේ, අපි හිතමුකො අපි 700MB වගේ ෆිල්ම් එකක් බානවා කියලා. නමුත් ඕක කුමන හෝ හේතුවකට අන්තර්ජාල සබදතාවය විසන්දි කරන්න උනා කියමුකෝ. සමහර වෙලාවට ඩොන්ගල් පාවිච්චි කරන අයගේ ඩොන්ගල් එක ඉබේම Disconnet වෙනවනේ. ඉතින් එහෙම උනාම සමහර වෙලාවට IDM එකේ Resume Capability එක " Yes " කියලා තියන ඒවත් Resume කරන්න බැරිවෙන අවස්තා ඕණ තරම් ඔයාලට සෙට් වෙලා ඇතිනේ. 700 MB මුවීයකින් 500 MB විතර Download වෙලා නෙට් කනෙක්ශන් එක කරුමෙට හර Disconnet වෙලා කලින් දාපු මුවීය ආයේ Resume කරන්න බැරි උනොත් කොහොමදටොපිය. බාපන්කෝ ආයෙත් මුල ඉදන්. ඉතින් අද කියන්න යන්නේ ඒවගේ සීන් එකකදි නැවතත් අර File නතර වෙලා තිබුන තැන ඉදන්ම ආපහු Resume කරගන්න පුලුවන් විදිහක් ගැනයි. මේ ක්‍රමේ නම් ගොඩක් සයිට්වලට වැඩ කරනවා. ( මේ ක්‍රමය Torrent Direct බාන සයිට් වලටත් වැඩ කරනවා.)

Monday, May 12, 2014

IMDb Android App එක


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට Android App එකක්. IMDb ( Internet Movie Database ) කිව්වම ඉතින් කව්ද නොදන්නේ. ඉතින් අද දෙන්න ගෙනාවේ මේ IMDb එකේ Android App එකයි.සහෝලා චිත්‍රපට සහ Tv Series ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්න කෙනෙක් නම් මේ App එක අනිවාරෙන්ම ඔයාගේ Device එකේ තිබියයුතුම App එකක් කියලා කියන්න පුලුවන්. මේ App එක හරහා පුලුවන් Upcoming movies ගැන දැනගන්න ,  movies , TV shows Rate කරන්න ,  Movie trailers බලන්න , movies , TV shows Review කරන්න , Box office මූවීස්  සහ චිත්‍රපට වලට අදාල සියලුම විස්තර බලාගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

Sunday, May 11, 2014

Android Phone එකෙන් ස්කෑන් කරමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Android Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන App එකක්. මේකේ නම තමයි CamScanner -Phone PDF Creator. මේකෙන් පුලුවන් අපිට හදිසි අවස්තාවක අපේ  Android Device එක Scanner එකක් විදිහටපාවිච්චි කරන්න. ඒ කිව්වේ ඕනෑම Document එකක් මේ CamScanner කියන App එකෙන් සාමාන්‍ය විදිහට Capture කරගත්තම මේ App එකෙන් ඒ Document එක Auto Crop වෙලා jpg හෝ pdf එකක් විදිහට සේව් කරගන්න පුලුවන්. ජායාරූප , ලිපිගොනු , පුවත් පත් , සගරා වගේ ඒවා ලේසියෙන්ම Scan කරගන්න පුලුවන්. ගත්තුවා Edit කරගන්නත්පුලුවන්. මේක නම් අනිවා වැදගත් වෙන App එකක් කියලා කියන්න ඕනේ. මේ  App එක Android 2.3 සිට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. මම මේ App එක ගැන කිව්ව  එව්වා තේරුන් නෑ වගේනම් අනිවා මේ App එකේ Intro Video එක බලන්න.

Tuesday, May 6, 2014

Ad කරදරයෙන් බේරිලා අන්තර්ජාලයේ සැරිසරමු.

Surf the web without annoying ads!

ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට අනිවාරෙන්ම වැදගත් වෙන පොඩි ට්‍රික් එකක්. අන්තර්ජාලය බාවිතා කරන අපි නොයෙකුත් ආකාරයේ වෙබ් අඩවි වලට යනවනේ. ඉතින් ඔහොම යන වෙබ් අඩවි ගොඩකම නොයෙකුත් ආකාරයේ Ad ( දැන්වීම් ) තියනවනේ. සමහර දැන්වීම් තියනවා වෙබ් බ්‍රව්සර් එකේ වෙනම Window එකක් ඕපන් වෙලා දැන්වීම් යනවා , You Tube Videos Play වෙනවා. Limited Data Package එකක් පාවිච්චි කරන කෙනෙකුගේ ඉක්මනින්ම Data ප්‍රමාණය ඉවර වෙන්නත් මේ Ad කේස් එක ලොකුවටම බලපානවනේ. ඉතින් දැන් මම මේ දෙන්න යන්නේ ඔය  වෙනම Window එකක් ඕපන් වෙලා PopUp වෙන දැන්වීම් කරදරෙන් බේරෙන්න පුලුවන් බොහෝම සරල ක්‍රමයක්. මේක ගැන කියනවනම් මේක browser extension එකක්. කරන්න තියෙන්නේ මම දෙන සයිට් එකට ගිහින් ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකට ගැලපෙන browser extension එකබ්‍රව්සර් එකට Install කරගන්න.

Friday, May 2, 2014

Android Phone එකෙන්ම Photos වලට පට්ට Effect ටිකක් දාගමු.


ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන යාලුවන්ට වැදගත් වෙන හොද Android App එකක්... මේ App එක ගැන කියනවනම් මේක Photo Editing App එකක්. මේකෙන් පුලුවන් අපේ Device එකේ තියන Pictures වලට පට්ට පට පට ලස්සන එකිනෙකට වෙනස් Effects ටිකක් දාලා ඡායාරෑපය ලස්සනටම හදාගන්න පුලුවන්.  මේ App එකේ නම " Pho.to Lab PRO " . මේක Android O/S : 2.1+ සිට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. මේ App එක Play එකෙන් ගන්නවනම් $ 3.99 ක් වෙනවා. ඒත් ඔයාලට Download කරගන්න දීලා තියෙන්නෙත් මේ App එකේ " PRO " Version එකම තමයි. එහෙනම් Android App එක බාගෙනම බලන්නකෝ...

Wednesday, April 30, 2014

IDM Fake Serial Number කරදරෙන් බේරෙන්න.


Internet Download Manager [ IDM ] කිවුවහම කවුද නොදන්නේ. මේ ලගදි ඉදන් කට්ටියට IDM එක Update කරාම සමහරුන්ට අර " FAKE SERIAL NUMBER " කේස් එකක් එනවනේ Full Featured Product Purchase කරගන්න කියලා. මමත් IDM එක Update කරලා Patch කරගත්තට පස්සෙ මෙන්න හැමතිස්සෙම PopUP වෙනවා අර කලින් කිව්ව Message එක. Close කරන්න කරන්න ආයේ ආයේ එනවා. ඊට පස්සෙ මෙන්න මේ ක්‍රමේට ට්‍රයි කරලා බැලුවා. බඩු හරි ගියා. තාමත් IDM වල FAKE SERIAL NUMBER Error එක PopUp වෙන කට්ටිය මේක ට්‍රයි කරලා බලන්න. ගොඩක් දුරට සාර්තකයි.

Tuesday, April 29, 2014

Mkv Video එකකට Subtitle Track එක අලව ( Muxed ) කරගමු.

ඔන්න යාලුවනේ ගෙනාවා අදත් අපිට වැදගත් වෙයි කියලා හිතන සොෆ්ට්වෙයා කෑල්ලක්. අපි හැමෝම අන්තර්ජාලය හරහා චිත්‍රපට බාගත කරගන්නවනේ. ඉතින් ඔහොම බාන චිත්‍රපට .mkv කියන Format එකෙන් තියන තියන චිත්‍රපටත් තියනවනේ. ඔයාලා දැකලා ඇති .mkv Format එකෙන් තියන තියන Film එකක් Play කරාම Film එකේ උපසිරැසියත් ඉබේම වැඩකරනවා. ඒත් උපසිරැසි ගොනුව ෆෝල්ඩර් එකේ තිබ්බේ නෑනේ. එහෙම වෙන්න හේතුව තමයි ඒ Subtitle එක mkv Video එකටම අලවලා (  Muxed ) කරලා තමයි තියෙන්නේ. ඉතින් අද ලිපියෙන් කියලා දෙන්න යන්නේ කොහොමද .mkv Video එකක තියන අලවලා තියන Subtitle එකක් Remove කරගන්නේ සහ .mkv Video එකකට අලුතෙන් Subtitle ෆයිල් එකක් අලව ගන්නේ කොහොමද කියලයි.  කරන්න තියෙන්නෙ පොඩි දෙයක්. මේ වැඩේ කරගන්න ලොකු වේලාවක් යන්නේ නෑ. යන්නේ තත්පර් 10 , 15 ක් වගේ වෙලාවක්. පහල තියන විදිහට කරන්න.

Sunday, April 27, 2014

සිංහල උපසිරැසි සමගම DvD Burn කරමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. දැන් ගොඩක් අලුත් හෝ පරණ චිත්‍රපට වලට සිංහල උපසිරැසි ලබාදෙන ජනප්‍රිය වෙබ් අඩවි කීපයක්ම තියනවනේ. ඒක නිසා දැන් කට්ටිය ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ බලන චිත්‍රපටය සිංහල උපසිරැසි සමගම බලන්නනේ. ඒකත් එක්කම ගොඩ දෙනෙකුට තියන ලොකු ප්‍රශ්ණයක් තමයි මෙහෙම හම්බවෙන උපසිරැසි DvD යන්ත්‍රයක් මගින රූපවාහිනීයෙන්  බලන්න පුලුවන් විදිහට ඒ ෆිල්ම් එක හදාගන්න කොහොමද කියන එක. ඉතින් අද ලිපියෙනුත් කියන්න යන්නේ ලේසියෙන්ම  DVD Player එකේ සිංහල උපසිරැසි සහිතවම  චිත්‍රපටය නැරබීමට හැකි ලෙස  බොහෝම ලේසියෙන්ම සකසා ගන්න පුලුවන් තවත් හොද Video Converter. මේ Converter එක ගැන නම් ගොඩ දෙනෙක් දන්නවත් ඇති නමුත් නොදන්න කට්ටිය ඉන්න නිසයි ලිපියක් ලියන්නේ. මේ Converter එකේ නම ConvertXtoDVD. මේකෙන් පුලුවන් ලේසියෙන්ම DVD Player එකේ සිංහල උපසිරැසි සහිතවම  චිත්‍රපටය බලන්න පුලුවන් විදිහට හදාගන්න. මේකේ නව සංස්කරණ වල නම් ( Version 5 + ) පොඩි අවුලක් තියනවා. මොකද කිව්වොත් සිංහල අකුරු නිවැරදිව පෙන්නුම් කරන්නේ නෑ. Idx උපසිරැසි ගොනු කොහොමටවත් Support කරන්නේ නෑ. නමුත් මෙහි ConvertXtoDVD V 4 සංස්කරණ වල නම් මේ ගැටලු නෑ. .srt . idx උපසිරැසි ගොනු ඕනෑම එකකට හොදින් සහය දක්වනවා. මම දැන් දෙන්නේ ConvertXtoDVD මෘදුකාංගයේ V4  පරණ සංස්කරණයකුයි.