Friday, April 25, 2014

IDM වෙනුවට බාවිතා කල හැකි නොමිලේ ලබා දෙන Download Manager මෘදුකාංග කිහිපයක්.


අන්තර්ජාලය බාවිතා කරන අපි හැමෝම අන්තර්ජාලය හරහා මොනයම් දෙයක් Download කරනවානේ. අපි Download Manager මෘදුකාංගයක්  බාවිතා කරනවානම් අපිට සාමාන්‍ය ක්‍රමයට වඩා වැඩි වේගයකින් අදාල ගොනුව Download කරගන්න පුලුවන්නේ. Download Manager මෘදුකාංග කිව්වමත් ඉතින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ Interner Download Manager [ I D M ] මෘදුකාංගයනේ. ඒත් දැන්නම් ටික දෙනෙකුට IDM එපා වේගෙන යනවදෝ කියලත් හිතෙනවා. ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ IDM වෙනුවට බාවිතා කල හැකි නොමිලේ ලබාදෙන Download Manager කීපයක් ගැන තමයි. ගොඩදෙනෙක් දන්නවා. ඒත් දන්නැති කීපදෙනෙක් හරි ඇතිනේ. ඒකයි කියන්නේ. හොද එකක් සෙට් උනොත් ට්‍රයි කරලා බලන්න.

ඔන්න ඉස්සෙල්ලම දෙන Download Manager මෘදුකාංගය. මං  හිතන්නේ FlashGet කියන්නේ IDM වලට පස්සෙ තියන හොදම Download Manager මෘදුකාංගයක්. මේකෙන් අපිට HTTP Direct Download වලට අමතරව Torrent ගොනුත් මේ හරහාම Download කරගන්න පුලුවන්. මේකේ තියන ලොකුම අඩුපාඩුව තමයි You Tube වැනි Online Videos බාගන්න නොහැකි වීම.

FlashGet Download Manager මෘදුකාංගය මෙතනින් ගන්න.

http://www.flashget.com/index_en.html


Direct Download


Torrent Download



මේ  EagleGet Download Manager මෘදුකාංගය ගැනත් දැන් හැමෝම වගේ දන්නවනේ.


හරි EagleGet Download Manager මෘදුකාංගය මෙතනින් ගන්න.

http://www.eagleget.com/download/

Release Info

Latest Version: EagleGet v1.1.8.3 Stable
Size: 4.95 MB
Updated: April 24, 2014
Licence: Freeware








EagleGet Download Manager මෘදුකාංගය ගැන කලින් දැමු ලිපියක් මෙතනින් බලන්න.

http://podipodidhewal.blogspot.com/2014/03/download-manager.html


හරි දැන් IDM වලට ගොඩක් සමාන Free Download Manager මෘදුකාංගය


Free Download Manager මෘදුකාංගය මෙතනින් ගන්න.

http://www.freedownloadmanager.org/download.htm

Free Download Manager Features




මෙන්න තවත් 100% ක් නොමිලේ දෙන තවත් සුපිරි Download Manager මෘදුකාංගයක්.  Orbit Downloader

Orbit Download Manager මෘදුකාංගය මෙතනින් ගන්න.

http://www.orbitdownloader.com/

Download Social Music
Download Social Video
Super Light and Faster





මෙන්න තවත්  Download Manager මෘදුකාංගයක්. Download Accelerator Plus

Download Accelerator Plus FREE Version එක මෙතනින් ගන්න.

http://www.speedbit.com/dap/




ඔන්න ඉතින් ඔය ටික තමා හොද Download Manager මෘදුකාංග විදිහට කියන්න පුලුවන් ටිකකට තියෙන්නේ. මීට අමතරව තවත් ඔයාලා දන්න හොද  Download Manager මෘදුකාංග තියනවනම් Comment කරන්නකෝ.




ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
https://www.facebook.com/podipodidhewal