Monday, September 5, 2016

Torrent File Search කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.


 ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙය් කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Torrent Search කරන්න පුලුවන් පොඩි Software එකක්. සමහරක් වේලාවට අපිට ඕණ කරන Torrent එකක් හොයාගන්න ET , Piratebay , 1337x , Ahashare වැනි ජනප්‍රිය Torrent සයිට් කිහිපයකටම ගිහින් Search කරනවනේ. ඉතින් අද මේ දෙන " Bit Che " කියන කුඩා මෘදුකාංගය හරහා අපිට අවශ්‍ය Torrent ගොනුවක් බොහෝම පහසුවෙන්ම Search කරලා Torrent සයිට් ගොඩක Search Result එක එකම තැනකින් බලාගන්න පුලුවන්. ඒ වගේම ඒ Torrent එකට අදාල # Hash එක , Seeders & Leechers ප්‍රමාණය , Trackers වගේම Magnet Link එකත් අවශ්‍ය නම් කොපි කරගන්න පුලුවන්.

ඔයලා බයිස්කෝප් සයිට් එකෙන් සිංහල උපසිරැසි ගන්න කෙනෙක් නම් දැන් දන්නවා ඇතිනේ බයිස්කෝප්  සයිට් එකෙන් දැන් Torrent Link දෙන්නේ නෑ කියලා. ඉතින් ඒක නිසා සමහර කට්ටිය උපසිරැසි පිටපතට ගැලපෙන්නේ නැති ඒවත් Download කරගෙන Data ටික නාස්ති කරගන්නවා. ඉතින් ඒ කට්ටියටත් අනිවාරෙන් මේ " Bit Che " කියන කුඩා මෘදුකාංගය වැදගත් වෙනවා. කරන්න තියෙන්නේ බයිස්කෝප් සයිට් එකෙන් දීලා තියන චිත්‍රපටයේ පිටපතේ නම කොපි කරගෙන ( Ex :- Jason.Bourne.2016.HC.HDRip ) Bit Che මෘදුකාංගයෙන්  පොඩි Search එකක් දාන  එක විතරයි.



මෙතනින් " Bit Che " මෘදුකාංගය Download කරගන්න. ( 2.4 MB )

https://convivea.com/download.php?id=2
Direct , Torrent , Magnet


☑ මෙන්න මේකේ තියන වාසි කිහිපයක්.

එකවට Torrent අඩවි රැසකින් අදාල ගොනුව Search කරගැනීමට හැකීවීම.
Torrent එකට අදාල # Hash එක , Seeders & Leechers ප්‍රමාණය බලාගත හැකිවීම.
ලේසියෙන්ම Magnet Link එක හෝ  .torrent ගොනුව පරිගණකයට Save කරගත හැකිවීම.
අදාල Torrent ගොනුවේ ඇති Files ප්‍රමාණය බලාගත හැකිවීම.


හරි මෙහෙමයි මේකෙන් වැඩ කරගන්නේ.

මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරගෙන Open කරගන්න. 

Bit Che >> Script Packs >> Update Scripts >> Update >> Done 

ඊට පස්සේ අවශ්‍ය  දේ Type කරලා Search කරන්න 

ඊට පස්සේ ලැබෙන Seach Result එකෙන් අවශ්‍ය කරන Result එක තෝරගෙන ඒක Double Click කරන්න. 

ඊට පස්සේ PopUp වෙන Torrent Details Window එකෙන් " Open Torrent " ක්ලික් කරන්න. 
එතකොට ඔයාගේ පරිගණකයේ Install කරලා තියන Torrent Client මෘදුකාංගයෙන් ඒක Open වෙයි. 

එහෙම නැත්නම් තියන අනිත් Button වලින් පුලුවන් Torrent එක Save කරගන්න , අදාල Web Page එකට යන්න , Magnet Link එක කොපි කරගැනීම වගේ දේවල් කරගන්න.



Torrent Details



Search කරන Torrent සයිට් ටික අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුලුවන්.


බයිස්කෝප් සයිට් එකේ Torrent එකක් Search කරනවනම් මෙහෙම කරන්න.

බයිස්කෝප් සයිට් එකෙන් දීලා තියන පිටපතේ නම් කොපි කරගෙන Search කරන්න.







7 comments:

  1. උඹ නම් දෙයියෙක් නෙවේ දේවලයක් බං :) කික්ඈස් එකට කෙලෙවුවට පස්සෙ ටොරන්ට් සර්ච් කරන එක මහ වාතයක් වෙලා තිබ්බෙ.
    මේ වගේ එකක් හොය හොයා හිටියෙ බං බලමු මේක ට්‍රයි කරල..

    ReplyDelete
  2. meken software unath serch karanna puluvan
    thnks...

    ReplyDelete
  3. MEKANAM PATTAMA PATTA THNKS DEYIYO

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.