Saturday, June 14, 2014

KMPlayer AdBox එක Disable කරමු.


ඔන්න සහෝලා අදත් ගෙනාවා පොඩි ට්‍රික් එකක්. අපේ පරිගණකයේ අනිවාරෙන්ම තියන සොෆ්ට්වෙයා කෑල්ලක්නේ Media Player කියන්නේ.ඒ Media Player අතරින් ගොඩක් දෙනෙක් කැමති Player එකක්නේ  KMPlayer කියන්නේ. විශේශයෙන් සිංහල උපසිරැසිත් සමග චිත්‍රපටබලන අය වැඩි දෙනෙක් බාවිතා කරන්නේ මේ  KMPlayer එකනේ. ඒ ඕනෑම උපසිරැසි ගොනු වර්ගයක් ඉතා හොදින්  KMPlayer හී සහයදක්වන නිසයි.... හරි හරි දැන් මේ කියන්න යන්නේ  KMPlayer අලුත් Version වලදි අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා සිටින විට KMPlayerOpen කරපුවම KMPlayer හී පැත්තකින් AdBox එකක් එනවනේ. ( ස්ක්‍රින් ශොට් එක බලන්න ) මේක වෙලාවකට හෙන ඇණයක්නේ. ඉතින්දැන් මේ කියලා දෙන්න යන්නේ මේ KMPlayer එකේ AdBox එක පහසුවෙන්ම Block ( Remove ) කරගන්න පහසුක්‍රම දෙකකුයි.


හරි ඔයාලට KMPlayer වල අලුත්ම Version එක ඕණනම් මෙතනින් ගන්න. [ V 3.9 ]

http://cdn.kmplayer.com/KMP/player/download/install/3.9.0.124_20140513022949.exe



හරි දැන් බලමු කොහොමද මේ KMPlayer AdBox එක Remove කරගන්නේ කියලා.

1. වන ක්‍රමය.

>> Control Panel එක අරගෙන Internet Option ක්ලික් කරන්න.


>>  ඊලගට එන Internet Propeties Window එකේ Security Tab එක ක්ලික් කරන්න.


>> Security Tab එකේ Security Setting යටතේ තියන " Restricted Sites " ක්ලික් කරලා පහත තියන " Sites " Button එක ක්ලික් කරන්න.


>> ඊට පස්සෙ ලැබෙන  Restricted Sites Window එකේ Add This WebSite To The Zone: කියන තැනට පහත තියන URL එක Copy >> Paste කරලා " Add " ක්ලික් කරන්න.


player.kmpmedia.net

2 වන ක්‍රමය.

2 වන ක්‍රමය තමා Host File එක Edit කිරීම මගින්

මෙහෙමයි වැඩේ කරගන්නේ
>> හරි මෙන්න මේ Path එකට යන්න.

C:/windows/system32/drivers/etc/hosts

>> ඊලගට hosts File එක Open කරගෙන යටින්ම මෙන්න මේ line එක දාලා Save කරන්න.

127.0.0.1 player.kmpmedia.net


Hosts File එක Open කරද්දි Error එකක් එනවනම් Hosts File එක උඩ Right click කරලා  properties >> security >> users ගිහින් තියන ඔක්කොම Box ටික " Allow " කරන්න.


ඔන්න ඉතින් වැඩේ ඉවරයි. දැන් අන්තර්ජාලයට සම්බන්ද වෙලා KMPlayer එක Open කරලා බලන්න. වෙනදා එක AdBox එක ආයෙත් නම් එන එකක් නෑ.......
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
https://www.facebook.com/podipodidhewal

4 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.