Wednesday, September 2, 2015

Windows 10 Dark Theme එක Enable කරගමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන  ආවා  පෝස්ට් එකක්. දැන් නම්  මේ  වෙනකොට ගොඩක් කට්ටිය Windows 10 වලට මාරු වෙලානේ තියෙන්නේ. ඉතින් අද ලිඉපියෙන් කියන්න යන්නේ  Windows 10 වල Dark Theme එක Enable කරගන්නේ කොහොමද කියලා. හැමදාම   Windows 10 සුදුපැහැ පසුබිම දැකලා වෙනසකටත් එක්ක මේක ට්‍රයි කරලා බලන්න. මෙහෙමයි වැඩේ කරගන්නේ.

මේ වැඩේ ක්‍රම කීපයකටම කරන්න පුලුවන්.... ලේසියෙන්ම කරගන්න මෙන්න මේ Reg Key එක ඩබල් ක්ලික් කරන්න.

* Dark Theme එක ගන්න ඕණ උණාම " Make Windows 10 Use Dark Theme.reg " එක ඩබල් ක්ලික් කරන්න.
* ඔයාලට ආයෙමත්  Windows Default Light theme එක ගන් ඕණේ  නම්  " Make Windows 10 Use Light Theme.reg " එක ඩබල් ක්ලික් කරන්න.

මෙතනින් Download කරගන්න.

https://drive.google.com/uc?export=download&id=0BxDmLaskm0MqSDA0bjVxN204TVk


මෙන්න Manual කරගන්න ක්‍රමය.

* Windows Key + R එක ක්ලික් කරලා   " Regedit " ටයිප් කරලා 'Yes' කරන්න.


* මෙන්න මේ Path එකට යන්න.

HKEY_LOCAL_MACHINE \ SOFTWARE \ Microsoft \ Windows \ CurrentVersion \ Themes\ Personalize 

(( Personalize කියලා  එකක් නැත්නම්  Themes ෆොල්ඩර් එක උඩ රයිට්  ක්ලික්  කරලා  New > Key > Personalize කියලා එකක් හදන්න. ))

* හරි දැන්  Personalize ෆෝල්ඩර් එක Select කරලා වම් පැත්තේ හිස් අවකාශයේ රයිට් ක්ලික් කරලා  New > DWORD (32-bit) Value Select කරන්න.  ඒක " AppsUseLightTheme " නමින් Rename කරන්න. ඒක ඩබල් ක්ලික් කරලා Value අගය " 0 " ලෙස දෙන්න.




* හරි දැන් මේ පාත් එකට යන්න.

HKEY_CURRENT_USER \ SOFTWARE \ Microsoft \ Windows \ CurrentVersion \ Themes \ Personalize වෙත යන්න.

හරි දැන්  වම් පැත්තේ හිස් අවකාශයේ රයිට් ක්ලික් කරලා  New > DWORD (32-bit) Value Select කරන්න.  ඒක " AppsUseLightTheme " නමින් Rename කරන්න. ඒක ඩබල් ක්ලික් කරලා Value අගය " 0 " ලෙස දෙන්න.



හරි වැඩේ ඉවරයි.... දැන්  Start menu > Select your photo > Choose 'Sign out' වෙලා නැවත SignIn වෙලා බලන්න.
ඔයාලට ආයෙමත්  Windows Default Light theme එක ගන් ඕණේ  නම් ඔයාලා කලින් හදපු  AppsUseLightTheme DWORD Key වල අගය 0 සිට 1 කරන්න.

මෙන්න Screen Shot

Windows Light Theme

Windows Dark Theme


Windows Light Theme


Windows Dark Theme






2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.