Sunday, May 17, 2015

චිත්‍රපට නිකුත් වන විවිද ආකාර ( මොනාද මේ BRRip , DVDRip . WEB-DL , HDRip කියන්නේ. )


ඔන්න යාලුවනේ අපිට වැදගත් වෙන පොඩි කරුණූ ටිකක් තියන ලිපියක්.  මේ ගැන නම් දැන් ගොඩ දෙනෙක් දන්නවා. ඒත් නැති කිහිප දෙනෙක් හරි ඇතිනේ ඒ නිසා දානවා.  අපි හැමෝම අන්තර්ජාලය හරහා චිත්‍රපට Download කරනවනේ. අනිවාරෙන් ඔයාලා දැකලා ඇති  චිත්‍රපටියක් Download කරන්න යද්දි  DVDscr , DVDrip ,  BRrip වැනි නොයෙකුත් යෙදුම් තියනවා. මේ කෙටි යෙදුම් වලින් චිත්‍රපටයේගුණාත්මක භාවය හඳුනා ගන්නට පුළුවන්. අනිවාරෙන් ඒ කෙටි යෙදු දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඉතින් ඕවා හරියටම දැනගෙන හිටියොත් ඔයාගේ Data වගේම මුදලුත් ඉතුරුයි.



CAM


පොදු බාවිතයේදි කැමරා කොපි කිය හදුන්වයි. චිත්‍රපටය තිරගත්වෙමින් පවතින අතරතුර Digital Camara එකක් බාවිතා කරමින් පටිගත කරයි.  නැරබීමේදි විවිද බාදා ඇතිවේ. සෙලවීම් , මිනිසුන් ඇවිද යාම  , විවිද ශබ්ද ඇතිවේ. ගුණාත්මක භාවයෙන් ඉතාමත් පහළ මට්ටමක පවතියි. චිත්‍රපටයක් තිරගත කිරිම ඇරබූ විගසම පැමිනේන්මේ මේ Cam කොපියයි.


DVDscr


මෙම වර්ගය  (Promotional VHS tape / DVDs) වලින් Rip කරගනු ලැබූ ඒවා වෙනවා. නමුත් මෙහි ප්‍රකාශන අයිතිය සඳහන් වැකි, කොපිකර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය මෙහිදීත් චිත්‍රපටය පුරාවටදර්ශනය විය හැකියි.  සමහර වෙලාවට DvDRip එකක ගුණාත්මක භාවයෙන් යුතු පිටපත්ද තියනවා.


HDRip / HC HDRip


HDRip =  මෙවැනි ආකාරයේ පිටපත් HD රූපවාහිනී යන්ත්‍ර වලින් පිටපත් කරගනු ලැබූ ඒවා වෙනවා. ( TV Capturing ). එම පිටපත්වල ගුණාත්මක භාවය "Source" එකට අනුව වෙනස් වෙනවා.
ගුණාත්මක භාවය ඉහළ වුනත් BDRip වලට වඩා අඩුයි.


HC HDRip = ඉහත් සදහන් කල දේමය. එකම වෙනස මෙහි බොහෝවිට වෙනත් බාශාවක ( Chineese / Korean ) වැනි උපසිරැසි ගොනුවක්  Hard-coded අලවාඅ තිබීමයි. [ Muxed ]


R5 ( R5 DVDrip / R5 CAM )


R5 යනුවෙන් හඳුන්වනු ලබන්නේ Region 5 කියන එකයි. Region 5 වලට අයත් වෙන රටවල් වෙන්නේ   Russia , Indian subcontinent , Africa, North Korea, and Mongolia. සාමාන්‍යයෙන් එහි ගුණාත්මක භාවය හොඳ තත්වයේ පවතිනවා. නමුත්  මෙහි පින්තූර වල ගුණාත්මක භාවයේ අඩුපාඩු තිබීමට හැකියාව තිබෙනවා. ඒ මොකද Rip කල පසුව "Image Processing" එකක් නොකරන නිසා. 

The other regions are:

    R0 =No Region Coding
    R1 = United States of America, Canada
    R2 = Europe, including Turkey, Egypt, Arabia, Japan, Israel and South Africa
    R3 = Korea, Thailand, Vietnam, Borneo and Indonesia
    R4 = Australia and New Zealand, Mexico, the Caribbean, and South America
    R5 = India, Africa (except Egypt, South Africa, Swaziland, and Lesotho), Russia and former USSR countries
    R6 = Peoples Republic of China
    R7 = Reserved for future use, MPAA-related DVDs and "media copies" of pre-releases in Asia
    R8 = Airlines/Cruise Ships
    R9 = Expansion (often used as region free)


WEBrip / WEB-DL


අන්තර්ජාලයේ තිබෙන වීඩියෝ  "Streaming" වෙබ් අඩවි ( iTunes  ) වලින් Download කරගත් චිත්‍රපටි වල පිටපත් තමයි " Webrip " යනුවෙන් හඳුන්වන්නේ. එහි ගුණාත්මක භාවය සාමාන්‍ය DVDrip එකක වීඩියෝ එකකට සමාන කරන්න පුළුවන් වෙනවා. 


DVDRip


මෙය චිත්‍රපටයේ අයිතිකරුවන් විසින් නිකුත් කරයි.  මෙය සාමාන්‍යයෙන් චිත්‍රපටය තිරගත වීම අවසානයේ මිළ දීගැනීම සඳහා නිකුත් කරන DVD තැටි වලින් මේ පිටපත් නිර්මාණය වනවා. හඬ මෙන්ම රූප වලද ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතියි.


BDRip / BluRay Rip


මෙම පිටපත් චිත්‍රපටයේ අයිතිකරුවන් විසින් BluRay තැටියක් තුල නිකුත් කරයි. වර්තමානයේ ජනප්‍රියම Rip එක ලෙස හැදින්විය හැක. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉත් ඉහල මට්ටමක පවතියි. (720p) , FullHD (1080p) , සහ 3D යන අයුරින් නිකුත් වෙයි.

උපුටා ගැනීම්. = Link 01  /  Link 02

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.


4 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.