Thursday, July 7, 2016

Torrent වලින් Download කරන Film එක කොලිටි එක බලාගන්න.

ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් කරුණක්. Torrent අපි හැමෝම වගේ Download කරනවනේ.  අද ලිපියෙන් කියන්න යන දේ වැදගත් වෙන්නේ µTorrent / BitTorrent වැනි Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරන කට්ටියටයි. මේ කියන්න යන දේ නම් ගොඩක් දෙනෙක් දන්න දෙයක්. ඒත් ඉතින් නොදන්න පිරිසකුත් ඉන්න නිසා තමයි ලිපිය දාන්නේ. අපේ සමහර යාලුවෝ තවමත් චිත්‍රපටයක් Download කරද්දි පටලව ගන්න දෙයක් තමා ඒ චිත්‍රපටයේ පිටපතේ ගුණාත්මකබාවය. ඒ කිව්වේ චිත්‍රපටය Download කරලා බලද්දි බාලා තියෙන්නේ කැමරා කොපියක්. එහෙම නැත්නම් වැඩි ප්‍රසිද්ද නැති සයිට් එකකින් බාලා Film එක Play කරාම ඒක Fake Movie එකක්. එක එක Error එනවා Download Codec තව මේ වගේ Error කිහියකම එනවා. ඉතින් දැන් කියන්න යන්නේ µTorrent / BitTorrent මෘදුකාංගය  හරහා Torrent එකක් Download කරද්දි ඒකේ කොලිටි එක ලේසියෙනම බලාගන්න පුලුවන් ක්‍රමයක් ගැන.. මෙහෙමයි වැඩේ කරගන්නේ..

 සමහරක් කට්ටියට ෆිම් එක Play කරාම මේ Error එක ඇවිත් ඇතිනේ.


මෙහෙමයි වැඩේ කරගන්නේ..

🌀 µTorrent / BitTorrent මෘදුකාංගය Open කරගෙන ඒකේ  Option >> Preferences ( Ctrl+P ) යන්න.


🌀 ලැබෙන Preferences Window එකේ "  Advanced " ක්ලික් කරන්න.

🌀 දැන් මෙන්න මේක හොයා ගන්න..
[ ලේසියෙනම හොයා ගන්න ඕණනම්  Filter Box එකේ " First " කියලා Type කරන්න. ]
 
 bt.prio_first_last_piece

🌀 ඒක ක්ලික්  කරලා " True " කියන එකත් Select කරලා Apply >> OK කරන්න.

🌀 දැන්  µTorrent / BitTorrent මෘදුකාංගය System Tray එකෙන් Exit කරලා නැවත  µTorrent / BitTorrent මෘදුකාංගය Open කරගන්න.


හරි දැන් ඉතිරි ටික කරගන්නේ මෙහෙමයි.

* දැන් Torrent එකට Film එකක් Download වෙන්න දාලා  5% ක් වගේ Film එක Download උනාට පස්සේ Torrent එක Stop Download කරන්න.


* Right Click On Selected Torrent >> Open Containing Folder


* දැන් අර Download වෙලා තියන Film එකේ කොටස VLC , KM , Klite වගේ Media Player එකකින් Play කරලා බලන්න.


මේවත් බැලුවද ?





Comments (5)

Loading... Logging you in...
  • Logged in as
සාංචිආරච්චි 's avatar

සාංචිආරච්චි · 456 weeks ago

මේ මගුල් කරන්න ඕනේ නෑ ඩෝ K-Lite Codec Pack එක නොමිලේ දෙන software එකක් ඒක දාගත්තම ඒකේ තියන ප්ලේයර් එකෙන් හොඳ කොලිටියට පේනවා.
1 reply · active 456 weeks ago
ඉස්සෙල්ල පෝස්ට් එක කියවපන් බන්...
bro..mama use kre potplayer 1. mama ekata windows 8 aluthen dammama videos play wennha ( potplayer has stopped working. checking for solution ).. audio withrak play wenawa. new and old version serama try kra.. hry ynnha.. plz help....
සමීර's avatar

සමීර · 451 weeks ago

First, "F" Simple මචං
Elz..
Its really Interesting information and helpful, I want to visit again and again your website to see more post/articles thanks for sharing such a cool post.

Post a new comment

Comments by