Monday, August 10, 2015

මෙහෙමයි Windows 10 කලින් තිබ්බ සංස්කරණයකට Downgrade කරන්නේ.


ඔන්න යාලුවනේ අදත් අරගෙන  ආවා  පෝස්ට් එකක්. දැන් නම්  මේ  වෙනකොට ගොඩක් කට්ටිය Windows 10 වලට මාරු වෙලා ඇතිනේ. අද ලිපිය වැදගත් වෙන්නේ Windows 10 වලට මාරු වෙලා ඉන්න කට්ටියටයි. දැනට Windows 10 වලට මාරු වෙලා ඉන්න සමහරක්  පරිශීලකයන් විවිද වු හේතු නිසා වින්ඩෝස් 10 ගැන තෘප්තිමත් නැති වෙන්න පුලුවන්නේ. පරිගණකය ස්ලෝ වීම , ඩේටා වැඩි පුර කැපෙනවා , ඔය වගේ විවිද හේතු තියෙන්න පුලුවන්නේ. දැනට  වින්ඩෝස් 10 බාවිතා කරන අයට තමන් පෙර බාවිතා කල Windows 7 , 8 ,8.1 වෙත මාසයක් ඇතුලත මාරු වෙන්න පුලුවන්. ඔයාට දැන් මේ කියන්න යන ක්‍රමයෙන් Windows 10 Downgrade කරන්න නම් ඔයා Windows 10 වලට Upgrade කරපුවම හැදුන Windows.old ( C Drive එක බලන්න ) ෆෝල්ඩර් එක අනිවා තියෙන්න ඕණේ. ඒක නැත්නම් ඔයාට Clean Install එකක් හරහා තමයි  OS එක මාරු කරගන්න වෙන්නේ. හරි අපි බලමු කොඔහොමද වැඩේ කරගන්නේ කියලා.

මේ තියෙන්නේ  C Drive එකේ තියන " Windows.old ' ෆෝල්ඩර් එක.


( මේ වැඩේ  කරගන්න කලින් ඔයාගේ C Drive එකේ තියන වැදගත් ගොනු අනිවාරෙන්ම Backup කරගන්න. )

මෙහෙමයි වැඩේ  කරගන්නේ.

1] Start >>> Setting ක්ලික් කරන්න.

2] Update and Security ක්ලික් කරන්න.

3] Recovery >> Go back to Windows 8.1 ක්ලික් කරලා ලැබෙන උපදෙස් අනුගමනය කරන්න.



හොදට  කියවලා  Next කරන්න.



after I downgraded to Windows 8.1 and logged in, the message to upgrade to Windows 10 popped up right away.


මෙන්න වැඩේ කරගන්න හැටි කියලා Video එකක්....




https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png