Wednesday, October 14, 2015

ios 9 , 9.0.2 Jailbreak කරමු.


ඔන්න යාලුවනේ අද ලිපියෙන් කියන්න යන්නේ Apple සමාගමේ නවතම මෙහෙයුම් පද්ද්තිය වන ios 9 , 9.0.2 යන සංස්කරණ Jailrake කරගන්නා ආකාරයයි. මෙම ios 9 , 9.0.2 සංස්කරණ සාර්තකව Untethered jailbreak කිරිමට Tool එකක්  නිකුත් කිරිමට Chinese Hacker කණ්ඩායමක් වන  Pangu Team එක සමත් උණා. කෙටියෙන්ම Jailbreak කිරිම ගැන පැහැදිලි කලොත්   Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක (  iPhone , iPad , iPod touch , ) ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත්  කොට එය අපට අවශ්‍ය විදිහට Customize කරගැනීමයි. හරියට Android Device එකක්  Root කරනවා වගේ. මෙමගින් අපට ඇපල් Store එකේ දී වගේ ම තවත් වෙනස් පහසුකම් සහිත Cydia Tweaks  ලබා ගත හැකි අතර තේමා (Themes) ස්ථාපනය කිරීම , Pirate ඇප්ස් ස්ථාපනය කිරීම වැනි පහසුකම් ද ලබා ගන්න පුළුවන්.

Jailbreak කිරීම යම් තරමක අවධානම් සහගත කාර්යයක් සහ ඔබගේ jailbreak කර තිබෙන iDevice එක තවදුරටත් ආරක්ෂාව අතින් ශක්තිමත් යැයි තහවුරු කළ නොහැකි ය. Jailbreak කිරීම මගින් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් ඇපල් සමාගම වගකියන්නේ නැත.එහෙත් ඔබට ඕනෑම අවස්ථාවක ඔබගේ iDevice එක iTunes මගින් Restore කර jailbreak කිරීම ඉවත් කර ගත හැකි ය.මෙහි දී යම් Errors මතු විය හැකි අතර ඒවායින් බොහොමයක් සාර්ථකව මගහරවා ගත හැකි ය.

අද ( 10/ 12 ) නිකුත් කල Pangu Jailbreak Tool එක දැනට Windows මෙහෙයුම් පද්ධතිය සඳහා පමණයි සහය දක්වන්නේ. ඉතින් ios 9 Jailbreak කරගන්න හැටි පහත තියනවා.

✔✔ Pangu9 Tool එක සහය දක්වන ios අනුවාද..
■ iOS 9, iOS 9.0.1, iOS 9.0.2.
Pangu Tool එක සහය දක්වන ios උපාංග. ✔✔

    ■ iPhone 6s, iPhone 6s Plus, iPhone 6, iPhone 6 Plus, iPhone 5s, iPhone 5c, iPhone 5, iPhone 4S
    ■ iPad Air 2, iPad Air, iPad 4, iPad 3, iPad 2
    ■ iPad mini 4, iPad mini 3, iPad mini 2, iPad mini
    ■ iPod touch 6G, iPod touch 5G


✔✔ Jailbreak කිරීමට පෙර ✔✔

✔ ] ඔබ Jailbreak කිරීමට සැරසෙන iOS උපාංගය iTunes හරහා සම්පූර්ණයෙන් backup කරගන්න.මන්ද යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් නැවත restore කරගත හැකි ය.

✔ ] ඔබගේ ඇපල් උපාංගයේ Settings > iCloud > Find My iPhone වෙත පිවිස Find My iPhone disable කරන්න.

✔ ] ඔබ ඔබගේ ඇපල් උපංගය Unlock කිරීමට Password හෝ Touch ID භාවිත කරනවා නම් settings > Touch ID & Passcode වෙත පිවිස iPhone Unlock
 යන්න disable කර Touch ID ද ඊට පහළින් ඇති Turn Passcode Off යන්න ද tap කොට Unlock කිරීමට යොදා ඇති passcode එක ද ඉවත් කරගන්න.

✔ ] Device එක  Airplane mode " Enable " කරන්න.

✔ ] Pangu Tool එකට බාදාවකින් තොරව අන්තර්ජාලයට සම්බන්ද වීමට Anti-virus , Firewall එක මදකට Disable කරන්න. *


** හරි දැන් මෙහෙමයි ඔයාගේ iOS 9 – iOS 9.0.2 iPhone , iPad , iPod එක Pangu Jailbreak Tool එක හරහා  Jailbreak කරගන්නේ.

Step 1 ] ඉස්සෙල්ලම  නවතම Pangu Jailbreak Tool එක  මෙතනින් Download කරගන්න.

http://en.pangu.io/

Version:1.0.0   Size:73MB


මම Jailnreak කරන්න යන්නේ Iphone 4s එකක් ios 9 මෙහෙයුම් පද්දතිය තිබෙන.


Step 2 ] USB cable එක හරහා ඔයාගේ Device එක පරිගණකයට සබ්බන්ද කරන්න.

Step 3 ] Enable Airplane mode, Disable Passcode from Settings > Touch ID & Passcode and turn off Find my iPhone from Settings > iCloud > Find my iPhone.

Step 4 ] Download කරගත්තු Pangu Tool එකේ Right Click කරලා  “ Run as Administrator ” යටතේ Tool එක Run කරන්න.


Step 5 ] ඔයාගේ  Device එක Detect උණාට පස්සේ  " Start " ක්ලික් කරන්න.


Step 6 ] අපි කලින් පියවරකදි Device එක Backup කරගත්තනේ. ඒ නිසා " Already Backup " ක්ලික් කරන්න.


Step 7 ]  දැන් Jailbreak වීම පටන් ගනියි.




Step 8 ]  ඔයාගේ Device එක Reboot වෙලා මෙන්න මේ Window එක ආපුවම නැවතත් Device එක  " AirPlane " Mode එකට දාන්න.

Step 9 ] Jailbreak වීම 75% ආපුවම ඔයාගේ Device එකේ Home Screen එකේ තියන " Pangu App " එක  Launch කරන්න.


Step 10 ]  තිරය මත තියන උපදෙස් පිලිපදින්න.
>> Accept ක්ලික් කරන්න.
>> Pangu Would Like To Access Your Photos >> OK කරන්න.



Step 11 ]  progress bar එක 100% වන තුරු ඉන්න. ඊට පස්සේ ඔයාගේ Device එක නැවත Reboot වෙයි.



ඔන්න දැන් Jailbrake වීම සාර්තකව  සිදු වී අවසන්



Step 12  ] සාර්තකව Jailbreak වීම සිදු උනාම " Cydia " Icon එක ඔයාගේ Home Screen එකේ දැකගන්න ලැබෙයි. එසේ  ඔබට Cydia ඇප් එක දැක ගත හැකි අතර ඔබගේ ඇපල් උපාංගය අන්තර්ජාලයට සම්බන්ධ කොට Cydia ඇප් එක Open කර ගන්න. එවිට Preparing file system ලෙස සටහන්ව Cydia ධාවනය වීමට අවශ්‍ය දත්ත ලබාගෙන සකස් වී අවසන් වූ පසු නැවත ඔබගේ ඇපල් උපාංගය Reboot වේ.ඉන් පසු නැවත Cydia ඇප් එක Open කර බලන්න. දැන් ඔබගේ ඇපල් උපාංගය සාර්ථකව Untethered Jailbreak වී ඇත.




Jailbreak කරපු Device එකෙන් දැන් කැමති Cydia Tweaks ටිකක් දාගන්නයි තියෙන්නේ....



4 comments:

  1. mage iphone 6 ekakthiyenawa ekake icloud lock on eke thiyenne
    mekakalin itune eken restore karala 9.1 walata updete karala
    thiyenne
    hebei meke warranty thiyenawa thama
    repaire and service coverage active eke thiyenne

    meka salli gewala harihadaganna puluwan meka hadaganna udaw
    karanna please

    mama meke visthara dannam balala kiyanna mama oyata ganak dennam
    hadagaththoth

    devices IMEI:352075066519493
    serial number:F18NFMQJG5MW
    product description:iphone 6 128gb
    activation status:activated
    telephone technical support:active
    telephone support expiration date:november 15,1016
    warranty(repairs and service coverage) :active
    warranty expiration date:november.15,2016
    estimated purchase date:november.15,2014
    Find my iphone :on
    purchase country:japan
    sim lock status:unknown
    blacklist status:check here for FREE
    advanced IMEI Check :use our paid service to get advanced IMEI info

    ReplyDelete
  2. ICLOUD LOCK EKA BYPASS KARAGANNA WIDIHAK NADDA.. IPHONE 4S 9.2.1

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.