Friday, December 4, 2015

Software එකක් සම්පුර්ණයෙන්ම Unistall කරමු. ( IObit Uninstaller අලුත් Version එක )


ඔන්න යාලුවනේ අදත් අපිට වැදගත් වෙන පොඩි සොෆ්ට් කෑල්ලක් අරගෙන ආවා. මේ මෘදුකාංගය ගැන නම් කලිනුත් ලිපියක් දාලා තියනවා. අද දෙන්නේ ඒ මෘදුකාංගයේ අලුත්ම Verssion එකකුයි. මේක ගැන කෙටියෙන් කිව්වොත්  මේක පරිගණකයට Install කරලා තියන Program එකක් සම්පුර්ණයෙන්ම Unistall කරලා දෙන වැඩසටහනක්.  සාමාන්‍යයෙන් Windows  වලට එන " Add or Remove Program " එක හරහා අපේ පරිගණකයට Install කරලා තියන වැඩසටහනක් Unistall කරද්දි තිබෙන ප්‍රදාන අවාසියක් තමයි එම වැඩසටහන පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් නොවීම. දිගින් දිගටම එහෙම උනාම  අනවශ්‍ය Files  සහ Registry Entrys එකතු වන නිසා
 පරිගණකයේ වේගය පවා මන්දගාමි වෙනවා. ඉතින් දැන් මේ දෙන මෘදුකාංගය Program එකක් සම්පුරණයෙන්ම Unistall කිරිම සදහාම විශේශයෙන්ම  සකස් කල මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම  "IObit Uninstaller ". මෙය  හරහා Programs වගේම Browser Toolbar , Windows Apps , Startup Items , Process Items , Windows Update වගේ ඒවාත් අපට අවශ්‍ය විදිහට Unnistall කරගන්න පුලුවන්..



හරි IObit Uninstaller මෘදුකාංගය මෙතනින් බාගන්න.
IObit Uninstaller 5

http://linkshrink.net/7Ejxy3
V 5.1.0 | 10.6 MB
    Supports Windows XP/Vista/7/8/8.1/10


<<>> මෙහෙමයි Software එකක් සම්පූර්ණයෙන්ම Unistall කරගන්නේ. <<>>

> IObit Uninstaller  මෘදුකාංගය Open කරගෙන ඔයාලට Unistall කරගන්න අවශ්‍ය  මෘදුකාංගය තෝරලා " Unistall " ක්ලික් කරන්න.


>  Unistall  ක්ලික් කරන්න.


> දැන් ඔයාගේ මෘදුකාංගය සාමාන්‍ය විදිහට Unistall වෙන්න පටන් ගනියි.


>  Unistall වෙලා ඉවර උනාම " Power Scan " ක්ලික් කරන්න.


> Power Scan එක වෙලා  මෘදුකාංගයට අදාල ඒත් Unistall උනේ නැති ඒවා තියනවනම් පෙන්වනවා.


> ඊලගට Unistall උනේ නැති Set එක Select All ක්ලික් කරලා Delete කරලා දාන්න.





Comments (6)

Loading... Logging you in...
  • Logged in as
mama meka thami use karranne godak kal idala pattama matta
1 reply · active 487 weeks ago
අනිවා.
me web eka hodama hoda ekak mama godak eva use karanava eva kochchra software dunnath e vage viras pirila
meka hodama hoda blog ekak
jaya vewa podi podi deval hamadama
2 replies · active 435 weeks ago
බොහෝම ස්තුතියි සහෝ ප්‍රතිචාරයට...
good post keep it up

Post a new comment

Comments by