Tuesday, July 8, 2014

Gmail දැන් සිංහලෙනුත්


පරිගණකය සහ අන්තරජාලය බාවිතා කරන අපිට නැතිවම බැරි දෙයක්නේ Email කියන්නේ. ඉතින් මේ කියන්න යන්නේ ඔයාගේ Gmailගිනූමේ අතුරු මුහුනත ( User Interface ) එක සිංහලට හරව ගන්නේ කොහොමද කියලයි. ලෝක ප්‍රසිද්ද Google සමාගමේ නිල විද්‍යූත් තැපැල් සේවාවනේ Gmail කියන්නේ. ගොඩ දෙනෙක් තමන්ගේ Mail Acc එක මොකක්ද කියලා ඇහුවත් කියන්නේ Gmail කියලනේ. ඉතින් මේ Gmail ගිනූම බාවිතා කරන ශ්‍රි ලාංකිකයන් වන අපිට දැන් පුලුවන් මේ Gmail සේවාව සිංහල භාෂාවෙන්ම පරිශිලනය කරන්න.
Gmail සේවාව ඊයේ වනතුරුම පරිශිලනය කිරිමට හැකියව ලැබුනේ ලොව විවිද රටවලට අයත් භාෂා 58 කින් පමනයි. නමුත් අද සිට එයට Google සමාගම තවත් භාෂා 13 ක් එකකර තියනවා.ඒ භාෂා 13 අතරට සිංහල භාෂාවත් ඇතුලත්. මීට අමතරව එක් කල අනිකුත් භාෂා වන්නේ Afrikaans, Armenian, Azerbaijani (Azeri), Chinese (Hong Kong), French (Canada), Galician, Georgian, Khmer, Lao, Mongolian, Nepali, Sinhala, Zulu යන භාෂා වේ. 

හරි දැන් මෙහෙමයි ඔයාලගේ Gmail ගිනුම සිංහල භාෂාවට වෙනස් කරගන්නේ.

>> Gmail වෙත ගිහින් ඔයාගේ User ID , Password දීලා  Gmail එකට Log වෙන්න.

>> දකුනු පැත්තේ තියන  " Setting " ක්ලික් කරන්න.


>> ඊට පස්සේ Language යටතේ තියන " Gmail display language: " එකට " සිංහල " තෝරන්න.



>> වෙනස්කම කරාට පස්සේ පහලම තියන " Save Change "ක්ලික් කරන්න.





එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░

https://www.facebook.com/podipodidhewal

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by