Sunday, April 27, 2014

සිංහල උපසිරැසි සමගම DvD Burn කරමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. දැන් ගොඩක් අලුත් හෝ පරණ චිත්‍රපට වලට සිංහල උපසිරැසි ලබාදෙන ජනප්‍රිය වෙබ් අඩවි කීපයක්ම තියනවනේ. ඒක නිසා දැන් කට්ටිය ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ බලන චිත්‍රපටය සිංහල උපසිරැසි සමගම බලන්නනේ. ඒකත් එක්කම ගොඩ දෙනෙකුට තියන ලොකු ප්‍රශ්ණයක් තමයි මෙහෙම හම්බවෙන උපසිරැසි DvD යන්ත්‍රයක් මගින රූපවාහිනීයෙන්  බලන්න පුලුවන් විදිහට ඒ ෆිල්ම් එක හදාගන්න කොහොමද කියන එක. ඉතින් අද ලිපියෙනුත් කියන්න යන්නේ ලේසියෙන්ම  DVD Player එකේ සිංහල උපසිරැසි සහිතවම  චිත්‍රපටය නැරබීමට හැකි ලෙස  බොහෝම ලේසියෙන්ම සකසා ගන්න පුලුවන් තවත් හොද Video Converter. මේ Converter එක ගැන නම් ගොඩ දෙනෙක් දන්නවත් ඇති නමුත් නොදන්න කට්ටිය ඉන්න නිසයි ලිපියක් ලියන්නේ. මේ Converter එකේ නම ConvertXtoDVD. මේකෙන් පුලුවන් ලේසියෙන්ම DVD Player එකේ සිංහල උපසිරැසි සහිතවම  චිත්‍රපටය බලන්න පුලුවන් විදිහට හදාගන්න. මේකේ නව සංස්කරණ වල නම් ( Version 5 + ) පොඩි අවුලක් තියනවා. මොකද කිව්වොත් සිංහල අකුරු නිවැරදිව පෙන්නුම් කරන්නේ නෑ. Idx උපසිරැසි ගොනු කොහොමටවත් Support කරන්නේ නෑ. නමුත් මෙහි ConvertXtoDVD V 4 සංස්කරණ වල නම් මේ ගැටලු නෑ. .srt . idx උපසිරැසි ගොනු ඕනෑම එකකට හොදින් සහය දක්වනවා. මම දැන් දෙන්නේ ConvertXtoDVD මෘදුකාංගයේ V4  පරණ සංස්කරණයකුයි.



ConvertXtoDVD V4 මෙතනින් බාගන්න.

http://adbla.us/gcDTY




මේ තියෙන්නේ ConvertXtoDVD V 5 සංස්කරණ වල සිංහල උපසිරැසි පෙන්වන දෝශය.


 කොහොමද ෆිල්ම් එකක් සිංහල උපසිරැසි සමග DvD Player එකේ බලන්න පුලුවන් විදිහට හදාගන්නේ.

> ConvertXtoDVD මෘදුකාංගය සාමාන්‍ය විදිහට බාගෙන Install කරගෙන Open කරගන්න.
> + ලකුණ ක්ලික් කරලා Convert කරගන්න Movie එක Add කරගන්න.
( Movie එක සහ උපසිරැසි ගොනුව එකම ෆෝල්ඩර් එකක එකම නමින් තියෙන්න ඕනේ. )


> ඊලගට Setting >> Subtitle Menu එක අරගෙන පහත විදිහට Settings හදන්න.


Subtitle Text Rendering Settings ක්ලික් කරලා පහත විදිහට Settings හදන්න.


Code page : 65001(UTF-8)

Font Window එක අරගෙන  පහත විදිහට Settings හදන්න.


සියලු සැකසුම් නිරැරදිව හදාගෙන අවසානයට " Convert " ක්ලික් කරන්න.


මේ තියෙන්නේ එහෙම DvD වලට Convert කරගත්තු Movie එකක Screen Shot ටිකක්. ( 1GB Size )








ඔන්න වැඩේ ඉවරයි.........
 
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
 
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
 
https://www.facebook.com/podipodidhewal