Wednesday, April 9, 2014

නොමිලේ දෙන සුපිරි Video Converter එකක්.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා Freeware Software කෑල්ලක්. මේක Video Converter එකක්. මේකේ තියන විශේශත්වය තමයි සල්ලි දීලා ගන්න අවශ්‍ය Video Converter එකක තියන සියලුම පහසුකමුත් මේ Free දෙන Video Converter එකේ අඩංගුයි. මේ මගින් AVI, MP4, WMV, MKV, 3GP, DVD, MP3, iPad, iPhone,  Android phones හා තවත් 200+ වැඩි Formats සංඛ්‍යවකට Convert කරගන්නත් පුලුවන්.  මෙහි තියෙන තවත් විශේශතාවක් නම් ඔයාලාට සිංහල උපසිරැසි සමගම චිත්‍රපට Convert කරගන්න අවශ්‍ය නම් මේ Freemake Video Converter එක ඊට හොද එකක් කියලා කියන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.
Freemake Video Converter Intro video


Freemake Video Converter එක මෙතනින් බාගන්න..



http://www.freemake.com/free_video_converter/

Freemake Video Converter හී තවත් විශේශතා කීපයක්.

Convert Online Videos to MP3
Burn Blu-ray Video
Subtitles Support [ SSA/SRT/ASS ]
Upload Photos and MP3 to YouTube
Make Slideshows and Visualizations
Cut, Join, Rotate, Limit file size


ඔයාලට සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් Convert කරගන්න ඕණනම් මෙහෙමයි වැඩේ කරගන්නේ.

Freemake Video Converter එක Open කරගන්න.


දැන් Convert කරගන්න ඕණ ෆිල්ම් එකයි උපසිරැසි ගොනුවයි Select කරන්න.


දැන් පහත් තියන Format වලින් අවශ්‍ය Format එක තෝරන්න.


දැන් Preset යටතේ TV Quality තෝරා ඔයාලට අවශ්‍ය විදිහට Setting හදාගන්න.


Convert ක්ලික් කරන්න.



මෙන්න Screen Shot.




ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal