Tuesday, April 29, 2014

Mkv Video එකකට Subtitle Track එක අලව ( Muxed ) කරගමු.

ඔන්න යාලුවනේ ගෙනාවා අදත් අපිට වැදගත් වෙයි කියලා හිතන සොෆ්ට්වෙයා කෑල්ලක්. අපි හැමෝම අන්තර්ජාලය හරහා චිත්‍රපට බාගත කරගන්නවනේ. ඉතින් ඔහොම බාන චිත්‍රපට .mkv කියන Format එකෙන් තියන තියන චිත්‍රපටත් තියනවනේ. ඔයාලා දැකලා ඇති .mkv Format එකෙන් තියන තියන Film එකක් Play කරාම Film එකේ උපසිරැසියත් ඉබේම වැඩකරනවා. ඒත් උපසිරැසි ගොනුව ෆෝල්ඩර් එකේ තිබ්බේ නෑනේ. එහෙම වෙන්න හේතුව තමයි ඒ Subtitle එක mkv Video එකටම අලවලා (  Muxed ) කරලා තමයි තියෙන්නේ. ඉතින් අද ලිපියෙන් කියලා දෙන්න යන්නේ කොහොමද .mkv Video එකක තියන අලවලා තියන Subtitle එකක් Remove කරගන්නේ සහ .mkv Video එකකට අලුතෙන් Subtitle ෆයිල් එකක් අලව ගන්නේ කොහොමද කියලයි.  කරන්න තියෙන්නෙ පොඩි දෙයක්. මේ වැඩේ කරගන්න ලොකු වේලාවක් යන්නේ නෑ. යන්නේ තත්පර් 10 , 15 ක් වගේ වෙලාවක්. පහල තියන විදිහට කරන්න.


මුලින්ම මේ Software එක බාගන්න ( MKVToolnix )

http://www.free-codecs.com/MKVToolnix_download.htm

ඉස්සෙල්ලම බලමු mkv Video එකක දැනටමත් තියන Subtitle එක Remove කරගන්නේ කොහොමද කියලා.


>> mkv Film එක Add කරගන්න.


>> SubRip/SRT කියන එක UnCheck කරලා " Start Muxing " ක්ලික් කරන්න.



>> දැන් mkv Video එක Play කරලා බලන්න. ඉස්සෙල්ලා පෙන්නපු උපසිරැසි දැන් නැති වෙලා ඇති.



හරි දැන් බලමු අපිගාව තියන උපසිරැසි ගොනුවක් කොහොමද mkv Video එකට අලව ගන්නේ (  Muxed ) කරගන්නේ කොහොමද කියලා.

ඔයාලා ගාව තියෙන්නේ .srt වර්ගයේ උපසිරැසි ගොනුවක් සහිත mkv Movie එකක් නම් ඒ දෙකම mkvmerge GUI මෘදුකාංගයට ( Movie + srt ) Drag & Drop කරන්න.


>> එහෙම කරලා 3 වෙනි Line එකේ තියන SubRip/SRT කියන එක UnCheck කරලා " Start Muxing " ක්ලික් කරන්න.



වැඩේ එච්චරයි... Play කරලා බලන්න දැන් ඔයාලගෝ .srt උපසිරැසි ගොනුව mkv Movie එකටම Muxed වෙලා ඇති..



හරි දැන් බලමු අපිගාව තියන .idx වර්ගයේ උපසිරැසි ගොනුවක් සහිත mkv Video එකට උපසිරැසි ගොනුව අලව ගන්නේ (  Muxed ) කරගන්නේ කොහොමද  කියලා.

>> mkv Video file එකයි IDX එකයි SUB File එකයි Select කරලා Input file එකට Drag & Drop කරන්න.

>> SubRip/SRT කියන එක UnCheck කරලා " Start Muxing " ක්ලික් කරන්න.




වැඩේ එච්චරයි... Play කරලා බලන්න දැන් ඔයාලගෝ .IDX උපසිරැසි ගොනුව mkv Movie එකටම Muxed වෙලා ඇති..

ඉතින් යාලුවනේ මේ විදිහට පුලුවන් ලේසියෙන්ම ඔයාලට .mkv Format එකේ තියන Video එකකට Subtitle Track එක Muxed කරගන්න.






ඔන්න වැඩේ ඉවරයි.........
 
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
 
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
 
https://www.facebook.com/podipodidhewal

4 comments:

  1. Ahh niyamai bro.... :) (y)
    mata awasyama software ekak,
    thanks u' thank u very much.... ^_^ (y)

    ReplyDelete
  2. Mp4 format ekata sub muxed karanna vidihak nadda,
    mp4 format eka wenas karanne natiwa?

    ReplyDelete
  3. THANKS_makan mkv vitarada mux karanna puluwan?
    mp4-avi barida?

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.