Wednesday, May 18, 2016

Windows 10 වල Default Font එක වෙනස් කරගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි ට්‍රික්  එකක්. අද කියන්න යන්නේ Windows 10 වල Default Font ලේසියෙන්ම වෙනස් කරලා  වෙනත් අපි කැමති ඕණම Font එකක් දාගන්න පුලුවන් ක්‍රමයකුයි. අපි මේක කරගන්නේ Registry Editor එක හරහායි.  මේ ක්‍රමයෙන් Windows 10 වල  icons, Menus, Title bar text, File Explorer, වගේ තැන් වල Font එක වෙනස් කරගන්න පුලුවන්. හැමදාම එකම Font එක දැකලාම එපා වෙලා මේක කරලා බලන්න. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

මෙහෙමයි වැඩේ කරගන්නේ.

Win + R Key එක  Press කරන්න.

ලැබෙන Run Window එකේ  " regedit " කියලා Type කරලා OK කරන්න.

ලැබෙන Registry Editor Window එකේ File > Export ගිනින්  Registry එකේ Backup එකක් පරිගණකයට Save කරගන්න. 
( මොකක්හරි වැරැද්දක් උනොත් පාවිච්චි කරන්න තමයි Backup එකක් තියාගන්නේ. )

හරි දැන් වැඩේට බහිමු.

අලුත් Notepad එකක් අරගෙන මෙන්න මේ ටික Copy කරගන්න.

Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Fonts]
"Segoe UI (TrueType)"=""
"Segoe UI (TrueType)"=""
"Segoe UI Black (TrueType)"=""
"Segoe UI Black Italic (TrueType)"=""
"Segoe UI Bold (TrueType)"=""
"Segoe UI Bold Italic (TrueType)"=""
"Segoe UI Historic (TrueType)"=""
"Segoe UI Italic (TrueType)"=""
"Segoe UI Light (TrueType)"=""
"Segoe UI Light Italic (TrueType)"=""
"Segoe UI Semibold (TrueType)"=""
"Segoe UI Semibold Italic (TrueType)"=""
"Segoe UI Semilight (TrueType)"=""
"Segoe UI Semilight Italic (TrueType)"=""

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\FontSubstitutes]
"Segoe UI"="Comic Sans MS"


කොපි කරගත්තට පස්සේ යටම පේලියේ තියන " Comic Sans MS " කියන Font එක වෙනුවට ඔයාලා කැමති ඕණේම Font එකක් දෙන්න.
( ලේසියෙන්ම Font එකක් තෝරගන්න Notepad එකේම Format >> Font ගිහින් කැමති Font එකේ නම කොපි කරගන්න.


හරි ඊලගට Notepad එකේ File >> Save As.. ගිහින්  කැමති නමකින්  .reg Extension එකෙන් Save කරගන්න.
( උදා /- Font Change Win 10.reg )


හරි දැන් හදාගත්තු .reg ගොනුව  Double click කරලා Yes > OK කරන්න.



දැන් පරිගණකය Sign Out හෝ  Restart කරන්න.

දැන් ඔයාලට බලාගන්න පුලුවන් Font එක වෙනස් වෙලා තියන විදිහ.



✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿