Monday, February 24, 2014

නොමිලේ ගෙදරටම Mouse පෑඩ් එකක් ගෙන්න ගමුද.

කොහොමද යාලුවනේ... සමහරවිට අද මම කියන්න යන එක ගැන නම් අපේ යාලුවෝ ගොඩ දෙනෙක් දැන් දන්නවත් ඇති. අද කියන්න යන්නේ නොමිලේම Mouse Mat ( මවුස් පෑඩ් ) එකක් අපේ ගෙදරටම ගෙන්න
ගන්න පුලුවන් පොඩි ක්‍රමයක් ගැනයි. මවුස් පෑඩ් එකක් කියන්නේ නම් එච්චර වටිනා දෙයක් නෙමෙයි. ඒත් මේක නොමිලේ ලැබෙන චාන්ස් එකක් නිසා අතාරින්න එපා. මමත් දැන් මවුස් පෑඩ් 2 , 3 ක්ම ගෙන්න ගෙන තියෙන්නේ. ඔයාලත් ගෙන්න ගෙන බලන්නකෝ.
කරන්න තියෙන්නේ පොඩි දෙයයි.



 ඉස්සෙල්ලම බලලා ඉන්නකෝ මට හම්බ උන Mouse පෑඩ් එක.
 
 දැන් බලමු වැඩේ කොහොමද කරගන්නේ කියලා.
හරි ඉස්සෙල්ලම මෙන්න මේ වෙබ් සයිට් එකට යන්න.

http://www.tomtop.com/

 සයිට් එකට ගිහින් Register ක්ලික් කරන්න. ( අපිට මේකේ සයිට් එකේ Reg වෙනවට 70 Point හම්බ වෙනවා. ඒ Point අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා ඉදිරි පියවරකදි විස්තර කරනවා. )


 Register ක්ලික් කරපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ Page එකක් එනවා, එතන පුරවන්න තියන ඒවා ටික පුරවන්න. එහෙම නැත්නම් එතන තියන් Sign In With කියන තැනින් ඔයාලගේ FB , Twitter , Google ගිණුමකට ලොග් වෙන්න. ( පහත රූපය )
 
 හරියට සම්පුර්න කරලා Submit කරාම මෙන්න මේ වගේ Message එකක් එයි.

 ඊලගට ආයෙත් TomTop සයිට් එකේ Home Button    එක ක්ලික් කරන්න
 Home Page එක ආපුවම ඔයාලට පෙනෙයි See All Categories Menu එකට යටින් FREE GIFT කියලා තැනක්. ඒක ක්ලික් කරන්න.
 
 ඒක ක්ලික් කරාම අලුත් Tab එකකින් මේ Page එක එයි. ඒකෙදි ඒකෙ තියන Add To Cart ක්ලික් කරන්න.
 

 ඊලගට එන Page එක වැදගත්.මම කිව්වනේ මේ සයිට් එකේ Register වෙනවට අපිට 70 Point හම්බ වෙනවා කියලා. දැන් තමයි ඒ Point ටික අපිට ඕණ වෙන්නේ.හරි දැන් ඇවිල්ලා තියන Page එකේ තියනවා Tomtop Points කියලා තැනක් එතෙන්ට මතක ඇතුව 70 දාලා Apply ක්ලික් කරන්නම ඕනේ.

 Point ටික Apply කරාට පස්සේ මෙන්න මේ Page එක එනවා. ඒකේදි Proceed To Checkout ක්ලික් කරන්න.
 

 ඊලගට එන්නේ අපිට මේ Billing Information Form එක. ඒකත් නිවැරදිව පරිස්සමට පුරවන්න. ගෙදර ලිපිනය එහෙම ඩබල් චෙක් කරන්න. නැත්නම් අල්ලපු ගෙදරට යයි. තව එකක් ඔයාලගේ ගමේ Postal Code එක දන්නේ නැත්නම් මෙන්න මේ පොඩි Tool එකෙන් Postal Code එක ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.
 

 Postal Code Finding Tool එක මෙතනින් බාගන්න.
 
http://uploadingit.com/file/view/nye9odye05pdvxw6/Postal%20Codes%20Finder.rar

 හරියට සම්පුර්ණ කරාට පස්සේ Continue ක්ලික් කරන්න.
 
 ඊලගට තියෙන්නේ Shipping Method එක තෝරන්න. ඒකයි ඔය පහත රූපේ තියන එව්වා ටිකත් ඒ විදිහටම තෝරලා Continue ක්ලික් කරන්න.


 දැන් අපිට එන Payment Information එකෙන් Pay with points තෝරලා Continue ක්ලික් කරන්න.
 
 ඇති යාන්තම් ඔක්කොම ටික කරලා ඉවරයි. වැඩේ ඉවර උනාම මෙන්න මේ වගේ එකක් එයි........
 
 දැන් ඔයාලගේ E-Mail එකට Mail එකක් එන්න ඕනේ අපේ Order එක Shipped කරා කියලා. මේ Mail එක එන්න සමහර විට දවස් 2ක් විතර යන්නත් පුලුවන්. ඒ නිසා ඒක ගැන නම් කලබල වෙන්න එපා.

Mail එක එන්නේ අපේ Mail එකේ තියනවනේ Primary , Social , Promotions කියලා Categories තුනක්. Mail එක එන්නේ ඒකෙන් Promotions කියන Categori එකට

 මෙන්න තියනවා එන Mail එක......


 එහෙනම් මචන්ලා මේ විදිහට කරාම නොමිලේම මවුස් පෑඩ් එක සති 3 කින් විතර ගෙදරටම එයි...
 
ඉතින් යාලුවනේ මෙම ලිපිය ඔයාලට වැදගත් උනානම් ඔයාලගේ අදහසත් දාලාම යන්න.

එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal
 

2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.