Tuesday, February 25, 2014

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ boxopus ]

Torrent කියන්නේ අපි  කව්රුත් දන්න දෙයක් හා බාන දෙයක්නේ. ඒත් එක්කම හැමෝම කැමති හොද ස්පීඩ් එකකින් ඕනෙම දෙයක් බාගන්නනේ. නමුත් Torrent වල තියන එක් දුරවල කමක්නේ දත්ත Download වීමේ වේගය  අඩු වේගයකින් දත්ත Download වීම. Torrent ගොනුවක Direct Link එකක් තියෙනවා නම් IDM එකෙන් ලේසියෙන්ම බාගන්න පුලුවන්නේ.. ඉතින් මම අද කියන්න යන්නේ කිසිම Torrent Client Software එකක සහයක් නැතුවTorrent ෆයිල් එකක් Internet Download Manager [ i d m ] මෘදුකාංගය හරහා Torrent ගොනුවක් Direct Link එකක් හරහා බාගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි.... මෙවැනි වෙබ් අඩවි කිහිපයක්ම තියනවා. පලමු ලිපියෙන් කියන්නේ " Boxopus සයිට් එක ගැනයි.

Boxopus එක ගැන
* නොමිලේ හම්බ වෙන හිස් ඉඩ ප්‍රමාණය 2.5 GB maximun torrent file
* අපේ Torrent ගොනුවක් රදවා තබා ගන්නා කාල සීමාව 2 day of torrent lifetime
* Http download


Boxopus වල තිබෙන ලොකු අඩුවක් තමයි අපේ Torrent ගොනුවක් ඔවුන්ගේ Server එකට Download වෙන්න යන වෙලාව වැඩිකම. සමහර විට දවසකටත් වඩා යනවා. හැබැයි Download Speed එක හොදයි.



හරි මෙහෙමයි Boxopus එක හරහා Torrent ගොනුවක් Direct බාගන්නේ.

ඉස්සෙල්ලම boxopus.com සයිට් එකට ගිහින් ඔයාලගේ Facebook ID එක බාවිතා කරලා සයිට් එකට Login වෙන්න.
http://boxopus.com/

දැන් මෙන්න මේකෙන් " Add New Torrent " ක්ලික් කරන්න.


1 ] ඔයාලා බාගන්න බලාපොරොත්තු වෙන Torrent එක බාගෙන තියනවනම අන්ක 1 ස්තානය ක්ලික් කරලා අදාල Torrent එක Upload කරන්න.

2 ] ඔයාලා බාගන්න බලාපොරොත්තු වෙන Torrent එකේ Magnant ලින්ක් එක කොපි කරලා අන්ක 2 ස්තානයට [ Magnant Link Or Url ] කියන තැනට කොපි Paste කරන්න.


Start Downloading ක්ලික් කරන්න.


මෙතනදි නම් සෑහෙන වෙලාවක් යනවා අපේ  Torrent එක Boxopus සයිට් එකට Catch වෙන්න. සමහර විට දවසකටත් වැඩි වෙයි... Catch වෙලා ඉවර උනාම ඔයාගේ Email එකට Mail එකක් එයි 100% Download Complete කියලා


දැන් Downloaded torrents යටතේ තියන Torrent එක " Download " ක්ලික් කරලා  බාගන්න.

මෙන්න Download Speed එක



වැඩේ ඉවරයි...

එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.