Tuesday, March 18, 2014

Portable app එකක් හදමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි වැඩ කෑල්ලක්. මම මීට කලිනුත් ඔයාලට Portable Application එකක් හදාගන්න ක්‍රමයක් ගැන ලිපියක් දුන්නනේ. ඉතින් අද කියන්න යන්නෙත් ලේසියෙන්ම Portable Application එකක් හදාගන්න පුලුවන් තවත් ක්‍රමයක් ගැනයි. Portable Application එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් Application එකක් කියන්නෙ පරිගණකයට මෘදුකාංගය Install කිරීමක් නොකර අදාල මෘදුකාංගය Double Click කරලා Open කරගෙන සාමාන්‍ය විදිහටම වැඩ ටික කරගන්න පුලුවන් විදිහට සකසපු මෘදුකාංග වලට Portable app එකක් කියලා කියනවා. දැන් Portable app එකක් හදන්න අපි පාවිච්චි කරන්නේ  Cameyo කියන මෘදුකාංගයයි. පොඩි වැඩයි කරන්න තියෙන්නේ....




Portable app වල වාසි
* මෘදුකාංගය  පරිගණකයට ස්තාපනය කිරිමට අවශ්‍ය නොවිම .
* USB Device එකක රදවා ඕනැම පරිගණකයක් සමග බාවිතා කිරිමට හැකි විම.
* DropBox වැනි Cloud සේවාවක් සමග බාවිතා කිරිමට හැකි විම.
* පරිගණකය මෘදුකාංග වලින් පිරීනොයෑම නිසා පරිගණකයේ වේගයට බලපෑමක් නොවීම.
ඉස්සරවෙලා මේ Cameyo කියන Software එක බාගන්න.

http://www.cameyo.com/download-app-virtualization-free





හරි මෙහෙමයි Cameyo මෘදුකාංගයෙන් Portable App එකක් හදාගන්නේ.

Cameyo මෘදුකාංගය Open කරගන්න. Cameyo Window එක ආපුවම පලවෙනි එක හරි දෙවෙනි එක හරි කැමති එකක් තෝරගන්න.


Capture App Locally තෝරන්න.


මෙතනදි පොඩි වෙලාවක් යනවා ඔයාගේ  පරිගණකයේ Registry එක Scan වෙන්න.


මෙතනදී ඔබට අවශ්‍ය මෘදුකාංගය Install කර " Install Done "  ක්ලික් කරන්න. මේ ආකාරයට මෘදුකාංග කීපයක් වුනත් install කරන්න පුළුවන්.

Serial numbers , ක්‍රැක් , පැච් කරනවනම් ඒවත් කරන්න. ඊට පස්සෙ Install Done ක්ලික් කරන්න.


මෙතනදි නැවතත් පොඩි වෙලාවක් යනවා ඔබෙ පරිගණකයේ Registry එක නැවතත්  Scan වෙන්න.


දැන් පොඩි වේලාවකින් ඔයාලා දුන්න Program එක Portable app එකක් විදිහට ගන්න පුලුවන්.

ඔයාලට ඕණ කරන Portable App අවශ්‍ය නම් මේ Link එකෙනුත් බාගන්න පුලුවන්. ( Public Virtual Apps  )

http://online.cameyo.com/public




Post එක කියවලා නිකන්ම යන්න එපා. Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.