Saturday, March 29, 2014

µTorrent , BitTorrent මෘදුකාංගයේ Ads Bar එක Disable කරමු.


ඔන්න යාලුවනේ අදත් පොඩි Trick එකක් ගෙනාවා. අපි හැමෝම Torrent Download කරනවනේ. ඉතින් ගොඩ දෙනෙක් Torrent Download කරන්න බාවිතා කරන්නේ µTorrent හෝ BitTorrent  මෘදුකාංගයනේ. ඉතින් ඔයාලා දැකලා ඇති මේ  අලුත් µTorrent , BitTorrent Version වල තියන මල කරදර Ads Bar එකක්  තියනවා. ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ කොහොමද මේ µTorrent හෝ BitTorrent  මෘදුකාංගයේ තියන Ads Bar එක Disable කරගන්නේ කොහොමද කියලා. පොඩි දෙයයි කරන්න තියෙන්නේ.

මේ තියෙන්නේ Ads Bar එක.


හරි මෙහෙමයි Ads Bar එක Disable කරගන්නේ.

හරි ඉස්සෙල්ලම ඔයාගේ µTorrent හෝ BitTorrent  මෘදුකාංගයේ Options >>> Preferences වෙත යන්න.


ඊට පස්සෙ Advanced ක්ලික් කරන්න.
ඊට පස්සෙ මෙන්න මේ Line දෙක හොයාගෙන ඒක Enable වෙලා තියන එක False විදිහට වෙනස් කරන්න.
offers.left_rail_offer_ enabled = False
offers.sponsored_torrent_offer_ enabled = False


OK කරලා ඔයාගේ µTorrent හෝ BitTorrent  මෘදුකාංගය Task Bar එකෙන් Exit කරලා නැවත Open කරගන්න.

දැන් ඔයාලට පෙනෙයි µTorrent හෝ BitTorrent  මෘදුකාංගයේ කලින් තිබුන Ads Bar එක නැති වෙලා කියලා.


Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

12 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.