Sunday, March 2, 2014

සිංහල උපසිරැසි සමගම චිත්‍රපට Convert කරමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන සුපිරිම මෘදුකාංගයක්. දැන් ගොඩක් අලුත් , පරණ ෆිල්ම් වලට සිංහල උපසිරැසි හම්බ වෙනවානේ. ගොඩ දෙනෙකුට තියන ලොකු ප්‍රශ්ණයක් තමයි මෙහෙම හම්බවෙන උපසිරැසි DvD යන්ත්‍රයක් මගින රූපවාහිනීයෙන්  බලන්න පුලුවන් විදිහට ඒ ෆිල්ම් එක හදාගන්න කොහොමද කියන එක. එහෙම කරගන්න පුලුවන් ඉතා ලෙහෙසි ක්‍රමයක් තමයි අද ලිපියෙන් කියන්නේ.  මේ සඳහා අපිට සිංහල යුනිකෝඩ් අකුරු  වලට සහය දක්වන Video Converter  මෘදුකාංගයක සහය ගෙන ලේසියෙන්ම සිංහල උපසිරැසි සහිත චිත්‍රපට රූපවාහිනී යන්ත්‍රයෙන් බලන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන්. මේ සදහා අපි බාවිතා කරන්නේ WinAVI Video Converter කියන Video Converter  මෘදුකාංගයයි. බොහෝම ලේසි වැඩක් තියෙන්නේ. පහත විදිහට කරන්නකෝ.


ඉස්සෙල්ලම WinAVI Video Converter මෘදුකාංගය මෙතනින් බාගන්න. [ කැමති එකකින් බාගන්න. ]

http://www.firedrive.com/file/FC02FDCD0E23D63B

http://uploadingit.com/file/view/zhzjfvlhoseigsta/WinAVI%20All-In-One%20Converter%20%5B%5B%20JK%20%5D%5D.rar

බාගෙන ඉවරවෙලා සාමාන්‍ය විදිහට මෘදුකාංගය Install කරලා Open කරගන්න.


ඊට පස්සෙ Add File ක්ලික් කරලා හරි සිංහල උපසිරැසි සමග Convert කරගන්න ඕණ ෆිල්ම් එක WinAVI Video Converter එකට Drag & Drop කරලා හරි Movie එක Converter එකට Add කරගන්න.

චිත්‍රපටයේ නම හා අදාල උපසිරැසි ගොනුවේ නම් එක සමාන වෙන්න ඕනේ. ( පහත රූප පරිදි )

.Srt උපසිරැසි

. Idx උපසිරැසි


ඊට පස්සෙ Movie එක Convert කරගන්න ඕණ Format එක තෝරන්න.


ඊට පස්සෙ WinAVI Video Converter " Advanced " ක්ලික් කරලා පහත විදිහට Setting හදන්න.



උපසිරැසි ගොනුව තෝරන්න. [ Srt or Idx ]


අවසාන වශයෙන් " Start " ක්ලික් කරන්න.




දැන් ඉතින් Convert කරගත්තු Movie එක Pen Drive එකක හරි DvD එකකට Burn කරගෙන රූපවාහිනී යන්ත්‍රයෙන්ම බලන්න පුලුවන්.

එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal