Monday, March 31, 2014

Password එකක් දාලා CD / DvD එකක් Burn කරගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට ගොඩක් වැදගත් වෙන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක්. අපි තවමත් අපිට අත්‍යවශ‍ය වන Data Backup කරගන්න පාවිච්චි කරන ක්‍රමයක්නේ CD / DvD එකකට Burn කරලා තියාගන්න එක. නමුත් නිකම්ම Burn කරන එක එහි ටිකක් ආරක්ශාවට හොද මදිනේ. මොකද කිව්වොත් එහි තිබෙන Data ඕණ කෙනෙකුට බලන්න පුලුවන්නේ. ඒත් දැන් මේ දෙන්න යන්නේ අපි Burn කරන CD / DvD Disc එකකට Password එකක් දාගන්න පුලුවන් මෘදුකාංගයකුයි. මේකෙන් CD / DvD එකකට Password එකක් දාගත්තම අපි Folder Lock මෘදුකාංගයකදි Password එකක් ඇතුලත් කරනවා වගේ CD / DvD එක Open කරන්නටත් Password එකක් දෙන්න ඕනේ. පුද්ගලික දෙයක් CD / DvD එකක Burn කරනවනම් මේ ක්‍රමයෙන් Burn කරන එක ආරක්ශාවටත් ගොඩක් හොදයි. [ Burn වෙන්නේ Data Disc එකක් විදිහට ] අපි මේ වැඩේ කරගන්න පාවිච්චි කරන්නේ GiliSoft Secure Disc Creator කියන මෘදුකාංගයයි. බොහෝම ලේසියෙන්ම වැඩේ කරගන්න පුලුවන්.

Sunday, March 30, 2014

බ්ලොග් එකට Pop Up වෙන FaceBook Like Box එකක් දාමු.


ඔන්න යාලුවනේ ගෙනාවා Blog එකක් කරන අපේ යාලුවන්ට ටිකක් වැදගත් වෙන Post එකක්. FaceBook කියන්නේ ඔයාගේ Blog එකට ලේසියෙන්ම  Traffic ගන්න පුලුවන් තවත් හොද ක්‍රමයක්නේ. ඒ නිසා Facebook Like Box එකක් අනිවාරෙන්ම තිබිය යුතු අංගයක් වෙනවා. දැන් මේ ලිපියෙන් කියන්න යන්නේ ඔයාගේ Blog එකට Pop Up වෙන Facebook Like Box එකක් Blog එකට දාගන්න විදිහකුයි. Pop Up වෙන Like Box එකක් දැම්මම  ඔයාගේ සයිට් එකට එන කට්ටියගේ අවදානය ඒ වෙත යනවනේ. ඒක ඔයාගේ FaceBook Page එකේ Like ප්‍රමාණය වැඩි කරගන්නත් හොද ක්‍රමයක්නේ. මේ දැන් කියන්න යන ක්‍රමයෙන් ලේසියෙන්ම Facebook Pop Up  වන Like Box  එකක් Blog එකට දාගන්න පුලුවන්. Template එක Edit කරන්නත් අවශ්‍ය නෑ. Widget එකක් හරහා තමයි වැඩේ වෙන්නේ. ඔයාගේ Blog එකේ Like Box එකක් නැත්නම් අනිවා දාගන්න.

Saturday, March 29, 2014

MP 3 එකකට Picture එකක් Add කරගමු.


ඔන්න යාලුවනේ තවත් පොඩි ගැජට් කෑල්ලක් ගෙනාවා. අන්තර්ජාලයෙන් බාගන්න Mp 3සින්දු වල ඔයාලා දැකලා ඇති Mp 3 එක Play කරද්දි පොඩි Cover Picture එකක් වගේම Artist , Album , Web Site එක වගේ තොරතුරු ටිකක් Add කරලා තියනවා. ඉතින් දැන් මේ කියන්න යන්නේ අපේ ලග තියන සින්දු වලටත් ලේසියෙන්ම අපේම කියලා Album art එකක් දාගන්නේ කොහොමද කියල කියලා දෙන්නයි. එකෙන්ම කියනවනම් Mp 3 එකේ Info ටික වෙනස් කරලා තමන්ගේම කරගන්න පුලුවන්. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

µTorrent , BitTorrent මෘදුකාංගයේ Ads Bar එක Disable කරමු.


ඔන්න යාලුවනේ අදත් පොඩි Trick එකක් ගෙනාවා. අපි හැමෝම Torrent Download කරනවනේ. ඉතින් ගොඩ දෙනෙක් Torrent Download කරන්න බාවිතා කරන්නේ µTorrent හෝ BitTorrent  මෘදුකාංගයනේ. ඉතින් ඔයාලා දැකලා ඇති මේ  අලුත් µTorrent , BitTorrent Version වල තියන මල කරදර Ads Bar එකක්  තියනවා. ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ කොහොමද මේ µTorrent හෝ BitTorrent  මෘදුකාංගයේ තියන Ads Bar එක Disable කරගන්නේ කොහොමද කියලා. පොඩි දෙයයි කරන්න තියෙන්නේ.

Memory Card එකෙන් Delete කරපුවා ආපහු Recovery කරමු.


මේක Recovery සොෆ්ට්වෙයා එකක්. මේකෙන් Recovery කරගන්න පුලුවන් වෙන්නේ අපේ Memory Card වල තිබිලා Delete කරපු , Device එක Factory reset එකක් කරාම , වයිරස් බලපෑමකින් Delete උන දත්ත හා Memory Card එක Format කරාට පස්සේ වැනි අවස්තාවන් වලට පසුව නැති උන දත්ත [ Photo , Audio , Video ] නැවතත් පහසුවෙන් Recovery කරගන්න පුලුවන්. මෙය මුලික වශයෙන් Digital Camara , Mobile Phones , SD Card , Hard Drive , Mp 3 Players වැනි හා එවැනි Memory  Card බාවිතා කරන උපාංග වලට සහය දක්වනවා. මෙම මෘදුකාංගය දැනට බාවිතයේ පවතින සියලු Memory Card වලට සහය දක්වන අතර මෙම මෘදුකාංගය Memory Card Recovery මෘදුකාංගය අතර ජනප්‍රියම මෘදුකාංගයද වනවා.

Friday, March 28, 2014

මන්දගාමී උන පරිගණකය නැවතත් වේගවත් කරගන්න. [ Advanced System Care අලුත්ම එක ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. ඕනෑම පරිගණකයක් මෙහෙයුම් පද්දතිය අලුතින් ස්තාපනය කර ටික කලක් යන විට හා කාලයක් පරිගණකය බාවිතා කරනකොට පරිගණකය මන්දගාමි වෙන බව අපිට හොදටම තේරෙනවානේ. OS එකේ Registry , Software වල තියන පොඩි පොඩි ගැටලු සහ පරිගණකය  කාලයත් සමග බාවිතා කරනකොට එකතු වෙන Temporary Files හා Malware වැනි Virus වර්ගද මෙයට බලපානවා. ඉතින් මේ කරදර ඔක්කොම ලේසියෙන්ම Fix කරගන්න පුලුවන් ලෝකේ තියෙන ජනප්‍රියම පරිගණක වැඩසටහනක් තමයි " Advanced System Care " කියන්නේ. මම දැන් ඔයාලට දෙන්න යන්නේ Advanced System Care වල අලුත්ම සංස්කරණය වන Advanced System Care 7.2 Pro Version එකයි. මෙය හරහා පරිගණකයට Virus ඇතුලු වීමෙන්ද ආරක්ශාවක් ලබාගන්න පුලුවන්. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.

Thursday, March 27, 2014

ඕනෑම පින්තුරයක් පැන්සලෙන් ඇන්ද විදියට හදා ගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි ඒත් සුපිරි සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේක Photo Edit මෘදුකාංගයක්. ඒ කිව්වේ අපිට මේ මෘදුකාංගය හරහා අපි ගාව තියන පින්තූර හරියට පැන්සලෙන් ඇන්ද විදිහට මේ මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්ම මවුස් ක්ලික් කිහිපයකින් හදාගන්න පුලුවන්. අනික පින්තූරයක් පැන්සලෙන් ඇන්ද විදිහට හදාගත්තම අමුතු ලස්සනක් තියනවනේ. මේක කරගන්න අපි බාවිතා කරන්නේ Skecth Drawer කියන මෘදුකාංගයයි. වැඩේ කරලම බලන්නකෝ.

Tuesday, March 25, 2014

Android Device එකටත් Speed Meter එකක් දාගන්න.


 ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට Android App එකක්. මේකෙන් පුලුවන් අපේ Android Device එකේ අන්තර්ජාල සබදතාවයේ Speed Status එක Notification Bar එකෙන්ම බලාගන්න පුලුවන් සුපිරි App එකක්.  මේක ගැන කියනවනම් මේක හරියට අපි පරිගණකයේදි පාවිච්චි කරන Du Meter  සොෆ්ට්වෙයා එක වගේ.  මේ App එක හරහා පුලුවන් Real time speed , Daily traffic usage , සහ අවසාන දින 30 තුල data traffic එකේ වාර්තාවකුත් ගන්න පුලුවන්. මෙය Android  2.3.3 සිට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. එහෙනම් ට්‍රයි එකක් දීලම බලන්නකෝ.

Monday, March 24, 2014

ඉංග්‍රීසි වචනයක සිංහළ තේරුම පහසුවෙන් දැනගන්න.


අපි අන්තර්ජාලය පාවිච්චියේදි බාවිතා කරන ජනප්‍රිය වෙබ් බ්‍රව්සරයක්නේ Google Chrome කියන්න්නේ. හරි මේ තියෙන්නේ Google Chrome ආපු අපුරු Extension එකක්. මෙම Extension එක දාගත්තම
අපිට වෙබ් පිටුවකදි හමුවන ඉංග්‍රීසි වචනවල සිංහළ තේරුම පහසුවෙන් ලබාගත හැකියි. ඒ සදහා අපි කරන්න ඕනේ අදාල ඉංග්‍රීසි වචනය උඩට අපේ Mouse Pointer එක ගෙන යාම පමණයි. එසැනින් අපිට එම ඉංග්‍රීසි වචනයටඅදාළ නිවැරදි සිංහළ තේරුම දැකගත හැකියි. වෙබ් පිටුවල ඇති අමාරු ඉංග්‍රීසි වචනයක තේරුම බලාගන්න මේක අපිට මෙම Sinhala Meaning Extension එක ගොඩක් වැදගත් වෙනවා නොඅනුමානයි.

Sunday, March 23, 2014

Photo වලට පොඩි පොඩි Effect ටිකක් දාලා ලස්සන කරගන්න නියම සොෆ්ට්වෙයා කෑල්ලක්.


ඔන්න යාලුවනේ ගෙනාවා තවත් වැදගත් වෙන මෘදුකාංගයක්. මේකෙන් පුලුවන් අපි ලග තියන ෆොටෝස් වලට පට්ට ලස්සන පොඩි පොඩි Effect ටිකක් දාගන්න. මේකේ නම නම් Funny Photo Maker. ඒ නම තිබ්බට මේකේ ඇත්තටම ලස්සන  Effect වගයක් තියනවා. Serial , Crack ඕනත් නෑ මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්. ෆොටෝස් ටික ලස්සන කරගෙන ඒවා Facebook , Twitter , Flickr වගේ සයිට් එකකට දැම්මමත් අර පොඩි මෙව්වා එකකුත් තියනවනේ. එහෙනම් අරගෙනම බලන්නකෝ.

GIF File Record කරමු.


ඔන්න යාලුවනේ ගෙනාවා තවත් පට්ට පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඔයාලා දැකලා ඇතිනේ සමහර වෙබ් අඩවි වල තියනවා පොඩි පොඩි Animated gif පින්තූර තියනවා. දැන් මේ දෙන්න යන්නේ ඒ වගේ තියන animated gif කෑලි සුපිරියටම Record කරගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් Window , Video එකක් උනත්  gif [ Graphics Interchange Format ] Format එකෙන් Record කරගන්න පුලුවන්. බොහෝම පොඩි සොෆ්ට්වෙයා එකක්. අරගෙනම බලන්නකෝ අනිවා ඔයාලට වැදගත් වෙනවා.

Saturday, March 22, 2014

KMPlayer Android & iOS App එක


KMPlayer කිව්වම ඉතින් කව්ද නොදන්නේ. අපේ පරිගණකයේ අනිවාරෙන්ම තියන Media Player වලින් අංක එකේ ‍Player එකක්නේ.‍‍  ඉතින් දැන් මේ දෙන්න යන්නේ Android සහ iOS Device සදහා නිකුත් උන නිල KMPlayer App එකයි. Android Device එකක් නම් Android 4.0 සිට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. avi, .divx, mkv, .mov, mp4, .mpeg, .webm, . wmv, වැනි ප්‍රදාන පෙලේ File format වලට මෙය හොදින් සහය දක්වනවා. ඔබ iOS Device එකක් බාවිතා කරන කෙනෙක් නම් ඔබට මේ හරහා සිංහල උපසිරැසි සහිත චිත්‍රපට ඉතා හොදින් නරබන්න පුලුවන්. ( idx, srt, ). එහෙනම් ඉතින් KMPlayer App එකත් Download කරගෙනම බලන්නකෝ.

Blog එකට ලස්සන පාට පාට Recent Posts Widget එකක් දාගමු.


ඔන්න යාලුවනේ අද ගෙනාවා අපේ Blog ලියන කට්ටියට ටිකක් වැදගත් වෙන ලිපියක්.  අපි හැමෝම කැමතියිනේ අපේ Blog එක ලස්සන කරගන්න. ඉතින් මේ ලිපියෙන් කියන්න යන්නේ ඔයාගේ Blog අඩවියට ලස්සන පාට පාට Recent Posts Widget එකක් එක් කරගන්න විදිහ ගැනයි. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. කරලා බලන්නකෝ.

Friday, March 21, 2014

Burning වලට පට්ටම බාන්ඩයක් වන Ashampoo ® Burning Studio 14 හී නවතම සංස්කරණය උණූ උණූවෙම Download කරගන්න.


කොහොමද යාලුවනේ. ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක Burning Software එකක්. තාමත් ගොඩක් දෙනාතමන්ට අවශ්‍ය කරන Data Backup කිරීමට යොදා ගන්නේ CD / DvD නේ. කට්ටිය ගොඩක් දෙනෙක් තාමත් CD / DvD එකක් Burnකරන්න යොදා ගන්නේ Nero කියන සොෆ්ට්වෙයා එකේ බොහෝවිට පරණ Version එකක් වෙන්න ඕනේ. මොකද කියනවනම් Nero එකේඅලුත් Version එකක් සාමාන්‍ය් පරිගණකයකට Install කරොත් ඉතින් ආයේ කතා දෙකක් නෑ පරිගණකය අනිවා බර කරත්තයක්වෙනවානේ. තවත් අවාසියක් තමයි CD එකක් Burn වෙද්දි අපිට වෙනත් වැඩක් කරගන්නත් බෑ මොකද Nero එකට ඕණ කරන SyestenRequiment එක ටිකක් විතර වැඩියි. ඒත් මම අද අරගෙන ආව සොෆ්ට්වෙයා කෑල්ල එක ඔය CD / DVD රයිට් කරන වැඩ වලට හා අනිකුත් ඕනම එකක්ලේසියෙන්ම Burn කරගන්න පුලුවන් එකකුයි. මේක ගැන කියනවනම් මේකේ නම ” Ashampoo Burning Studio. මේකේ අලුත්ම Versionඑක වෙන ” Ashampoo ® Burning Studio 14 “. හී Full Version එකයි. මේකේ තියන ප්‍රදාන වාසියක් වන්නේ මේකෙන් වැඩ කරද්දිපරිගණකය ස්ලෝ වෙන්නේ නෑ. වැඩි කතා ඕණ නෑ අර්ගෙනම බලන්නකෝ.

Wednesday, March 19, 2014

Screen Shot එකක් ගැනීමට පට්ටම බාන්ඩය වන Ashampoo Snap හී නවතම සංස්කරණය.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. අපිට අපේ පරිගණකයේ Screen Shot එකක් ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen Shot එකක් පට්ට කොලිටියට ගන්න හොදම සහ ලේසිම මෘදුකාංගය වන Ashampoo Snap මෘදුකාංගයයි. අපිට මේ මෘදුකාංගය මගින් අවශ්‍ය නම් Full Screen , Active Window , Capture Free Region ,  සහ අපි ගන්න Screen Shot කැමති  විදිහට Edit කිරීමේ පහසුකමත් මේ මෘදුකාංගයම සතුයි. ඒවගේම ඔයාලාට Tutorial Videos එකක් උනත් මේ Ashampoo Snap කියන මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්ම හදාගන්න පුලුවන්. Download කරගෙනම බලන්නකෝ මේකෙන් මීට අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්.

Tuesday, March 18, 2014

Portable app එකක් හදමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි වැඩ කෑල්ලක්. මම මීට කලිනුත් ඔයාලට Portable Application එකක් හදාගන්න ක්‍රමයක් ගැන ලිපියක් දුන්නනේ. ඉතින් අද කියන්න යන්නෙත් ලේසියෙන්ම Portable Application එකක් හදාගන්න පුලුවන් තවත් ක්‍රමයක් ගැනයි. Portable Application එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් Application එකක් කියන්නෙ පරිගණකයට මෘදුකාංගය Install කිරීමක් නොකර අදාල මෘදුකාංගය Double Click කරලා Open කරගෙන සාමාන්‍ය විදිහටම වැඩ ටික කරගන්න පුලුවන් විදිහට සකසපු මෘදුකාංග වලට Portable app එකක් කියලා කියනවා. දැන් Portable app එකක් හදන්න අපි පාවිච්චි කරන්නේ  Cameyo කියන මෘදුකාංගයයි. පොඩි වැඩයි කරන්න තියෙන්නේ....

සුපිරි සොෆ්ට්වෙයා එකක්. ( තනි මෘදුකාංගයෙන් 50+ කට වැඩි මෘදුකාංග ගණනක් )


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා තවත් පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක තනි මෘදුකාංගයක්. නමුත් මේ තනි මෘදුකාංගයේ  තියනවා අපිට පරිගණකය බාවිතයේදි  නිතරම අවශ්‍ය කරන මෘදුකාංග රාශියක්. නම් වශයෙන් කියනවනම් YouTube and Internet software ,  video converters for mobiles software , video and audio conversion software  , image and photo software , burning and ripping software , video and audio editing software. Torrent Download Software. ඉතින් මේ වගේ එකිනෙකට වෙනස් මෘදුකාංග 50+ වැඩි ගණනක් මෙම තනි මෘදුකාංගයේ අන්තර්ගතයි. Download කරගෙනම බලන්නකො. මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්

Monday, March 17, 2014

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ BTCloud.io ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන වෙබ් අඩවියක් ගැන ලිපියක්. අපි හැමෝම  Torrent Download කරනවනේ. ඉතින් අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා ( Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් ) බාගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි. Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. ඒක නිසා අපි වගේ Time Base Internet Package බාවිතා කරන අයට මේ වගේ සයිට් ගොඩක් වටිනවා. හරි මේ සයිට් එක ගැන කියනවනම් මේ සයිට් එකෙන් අපිට 1 GB Data Storage එකක් හම්බ වෙනවා. ඒ කිව්වේ දවසටම 1 GB කියලා නෙමෙයි. එක වරකදි Storage කරන්න දෙන්නේ  Torrent size එක 1 GB තමා.කලින් ගොනුව Delete කර කර අපිට මේකෙන් කැමති වාර ගණනක් Download කරගන්න පුලුවන්. මේකේ තියන තවත් විශේශයක් තමයි Free Account එකක උනත් Download Speed එක Limit කරන්නේ නෑ. ඒක නිසා අපිට Full Speed එකෙන්ම බාගන්න පුලුවන්. මේ සයිට් එක btcloud.io. ඔයාලත් ට්‍රයි කරලා බලන්නකෝ...

Saturday, March 15, 2014

ලේසියෙන්ම සිංහල ටයිප් කරන්න පැන්සල මෘදුකාංගය


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක නම් දැන් ගොඩක් දෙනෙක් දන්න ගොඩක් දෙනෙක් පාවිච්චි කරන සොෆ්ට්වෙයා කෑල්ලක්. මේ තමයි " පැන්සල "  ( Pencil )  කියන  ඉතාමත් පහසුවෙන්ම   සිංහල අකුරු ටයිප්  කරගන්න පුලුවන් මෘදුකාංගයක්. ඇත්තටම පැන්සල මෘදුකාංගය හරහා සිංහල අකුරු ටයිප් කරගන්න පුලුවන්. පැන්සල මෘදුකාංගය හරහා අපිට ඕනෑම තැනක පහසුවෙන්ම සිංහල අකුරු ටයිප් කරගන්න පුලුවන්. තවත් විශේශාන්ගයක් තමයි  අපිට ටයිප් කරන්න ඕණ වචනයේ අකුරු කිහිපයක් ටයිප් කරාම ඒ වචනයට සමාන ආදේශක වචන කීපයක් දෙන එක. ( Auto Words suggestion ) එතකොට පිට කරන්න තියෙන්නෙ එන වචන සෙට් එකෙන් හරි වචනෙට අදාල අංකය ඔබන එක විතරයි. ඒවගේම මේකේ Unicode mode හා Office mode කියලා ක්‍රම 2 ක් තියනවා ඔයාලා Office Application වල වැඩ කරද්දි Office mode ද අනෙක් වේලාවට Unicode mode වලින් ටයිප් කරන්න. ඒවගේම මේකේ ලේසියෙන්ම සිංහල හා English භාශා අතර මාරුවෙන්න පුලුවන්. ඔයාගේ කීබෝඩ් එකෙන සිංහල ටයිප් කරන්න අමාරුයි වගේ නම් මේකේ තියනවා Virtual keyboard එකකුත්. ඉතින් ඔය වගේ විස්තර ගොඩයි. බාගෙනම බලන්නකෝ.

Friday, March 14, 2014

Android Phone එකේ Videos , Photos Hide කරන්න සුපිරි App එකක්.


ඔන්න යාලුවනේ ගෙනාවා  අදත්  වටිනා කියන Android App එකක්. එකක් කිව්වට එකක් නෙමෙයි දෙකක්. ඒ App වලින් පුලුවන් ඔයාගේ  Andrpid Phone එකේ තියන Videos , Photos වලට  Password එකක් යොදලා Hide කරලා ආරක්ශා කරගන්න. නැවතත් Videos , Photos බලන්න පුලුවන් වන්නේ මෙම App හරහා ගිහින් නිවැරදිව Password එක ලබා දුන් පස්සෙ තමයි. ඉතින් ඔයාගේ Android Device එකටත් මෙම App වැදගත් වෙනවනම් අරගන්න. මේ App Google Play එකෙන් ගන්නවනම් $ 2.89 ක් වෙනවා. ඒත් මම දීලා තියෙන්නෙත් මේ App වල PREMIUM Version එකම තමයි. වැදගත් වෙනවනම් අරන් බලන්නකෝ.

සුපිරිම Password Managers Software එකක්. [ Sticky Password Manager ]


ඔන්න යාලුවනේ  අදත් ගෙනාවා පොඩි Trick එකක්. අපි අන්තර්ජාලයේදි නොයෙකුත් වෙබ් අඩවි වල ලියාපදින්චි වෙනවනේ. සමහර කට්ටිය තමන්ගේ සියලුම අන්තර්ජාල ගිණූම් වලට ලබාදෙන්නේ එකම Password එකක්නේ. නැත්නම් මොකක් හරි බොහෝම ලේසියෙන් මතක තියාගන්න පුලුවන් කෙටි වචනයක්නේ. ඇත්තටම ඒක ගොඩක් අනතුරුදායක වැඩක්නේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ Password Manager මෘදුකාංගයක සහයෙන් තවකෙනෙකුට අනුමාන කරන්න බැරි හොද ශක්තිමත් Password එකක්නිර්මාණය කරගෙන අදාල ගිණූම් වල ආරක්ශා කරගන්න එක. මේවායේ තියන ප්‍රදානතම වාසිය තමා අපි නිර්මාණය කරගන්න ශක්තිමත් Password එක අපිට මතක තියාගන්න අවශ්‍ය නොවීම. එම කාර්ය්‍යත් දැන් මේ දෙන්න යන " Sticky Password Manager " යන මෘදුකාංගය විසින්ම කරනවා. මෙවැනි මෘදුකාංගය දාගත් පසු අපිට ආයේ ආයේ සයිට් එකකට Log වෙන්න Password එක නැවත නැවත් Type කර කර ඉන්න අවශ්‍ය නෑ, Log In Automatically වෙනවා. ඒක නිසා දැන් Password ගොඩක් මතක තියා ගන්නවා වෙනුවට එක Password එකක් විතරක් මතක තියාගන්න ඒ මේ Sticky Password Manager මෘදුකාංගයේ Password එකයි. ට්‍රයි කරලම බලන්නකෝ.

Thursday, March 13, 2014

සිංහල උපසිරැසි සමගම චිත්‍රපට Convert කරමු. [ .srt , .ssa ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන සුපිරිම මෘදුකාංගයක්. දැන් ගොඩක් අලුත් , පරණ ෆිල්ම් වලට සිංහල උපසිරැසි හම්බ වෙනවානේ. ගොඩ දෙනෙකුට තියන ලොකු ප්‍රශ්ණයක් තමයි මෙහෙම හම්බවෙන උපසිරැසි DvD යන්ත්‍රයක් මගින රූපවාහිනීයෙන්  බලන්න පුලුවන් විදිහට ඒ ෆිල්ම් එක හදාගන්න කොහොමද කියන එක. ඉතින් දැන් මේ දෙන්න ගෙනාවෙත් .srt , .ssa ගණයේ උපසිරැසි ගොනු සහිත චිත්‍රපට ලේසියෙන්ම  DVD Player එකේ සිංහල උපසිරැසි සහිතවම  නැරබීමට හැකි ලෙස  බොහෝම ලේසියෙන්ම සකසා ගන්න පුලුවන් තවත් හොද Video Converter  මෘදුකාංගයකුයි. මේ Converter එකේ නම  ” ALL Converter PRO  ” . බොහෝම ලේසි වැඩක් තියෙන්නේ කරලම බලන්නකෝ.

Tuesday, March 11, 2014

Desktop එකේ Icon ටික පිලිවෙලකට තියාගන්න.


ඔන්න යාලුවනේ ගෙනාවා අපිට ටිකක් වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අපේ පරිගණකයේ සමහර වෙලාවට අයිකන්  ටික Desktop එක පුරාම තිබුනාම නිකන් ඔලුව කැක්කුම හැදෙන්න වගේනේ. ඉතින් මම අද දෙන්න ගෙනාවේ  desktop organization tool එකකුයි. අපිට මේකෙන් අපේ Desktop එකේ තියන Icon ටික ලස්සනට පිලිවෙලකට  වර්ග කරලා සුපිරියටම organize කරගන්න පුලුවන්.  මේකේ නම Stardock Fences.

Saturday, March 8, 2014

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ filestream.me ]


Post Update :- 2016 / 07 / 17

අපි කවුරුත් අලුත් Movies , Games , Software වගේ ඕනෑම දෙයක් බාගන්න යන්නේ Torrent Site එකකටනේ. ඒ ගිහිල්ලත් ගොඩක් දෙනෙක් Torrent බාන්න කැමති Direct Link හරහානේ. ඒ වෙන මුකුත් නිසා නෙමේ. Torrent එකක් Torrent Client Software එකකට වඩා වැඩි වේගයකින් අපිට ඒ Torrent එක Direct Link ( IDM ) වැනි Download Manager මෘදුකාංගයක් හරහා අපිට බාගන්න පුලුවන් නිසා. දැන් මේ දෙන්න යන්නේ Torrent එකක් Direct Link එකකින් IDM එක හරහා Torrent එකක් Full Speed එකෙන් බාගන්න පුලුවන් තවත් සයිට් එකකියි. සයිට් එක ගැන විස්තර ටිකක් කියනවනම් මේකේදි අපිට දාන්න පුලුවන් එක් Torrent එකක Size එක 1 GB වලට අඩු වෙන්න ඕණේ. Torrent කැමති ගාණක් Add කරගන්න පුලුවන්. ( අපි දාපු Torrent File 2 ක් Site එකට Catch වේවි තියනවනම් ඒ File දෙක Site එකට 100% ක් සම්පූර්ණයෙන්ම Catch වෙලා ඉවරවෙනකම් ආයෙත් අලුතෙන් Torrent Add කරන්න බෑ ) අපි දාපු Torrent ගොනුවක් රදවා ගන්නා කාල සීමාව දින 3යි. ඊට පස්සේ ඒක ස්වයංක්‍රීයවම Delete වෙනවා. Download කරද්දි Download Speed එක නම් Limit කරන්නේ නැතිව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. Resume Support කරනවා. එහෙනම් ට්‍රයි කරලම බලන්නකෝ...

Password අමතක වෙනවද ? එහෙනම් මෙන්න සුපිරිම Password Managers Software එක [ LastPass ]


ඔන්න යාලුවනේ  අදත් ගෙනාවා පොඩි Trick එකක්. ඉස්සෙල්ලම කියන්න ඕනා මේක ගොඩ දෙනෙක් දන්නවත් ඇති පාවිච්චි කරනවත් ඇති ඒත් දන්නේ නැතිකිහිප දෙනෙක් හරි ඇතිනේ. අන්න ඒ අයටයි මේක දාන්නේ. හොදයි අපිට තියනහැටහුටාමාරක් Online Account [ Facebook , Twitter , Gmail , වැනි Log වීමට User name . Password ඉල්ලන ඕනෑම Web අඩවියක් ] සදහා බාවිතාකරන User name , Password ගණනාවක් තියන නිසා සමහර වේලාවට ඒවා මතක තියාගන්න අමාරුයිනේ. ඉතින් Password Managers කියා හදුන්වන් විශේස වැඩසටහන් යොදා ගන්නේ එම Password නැවත පහසුවෙන් ලබාගත හැකිසේ රදවා තබන්නටය. එවැනි Password Managers වැඩසටහන් අතුරින් ජනප්‍රියම වැඩසටහනක් වන්නේ " Last Pass"වැඩසටහනය. මෙම වැඩසටහනේ ප්‍රඳාන වාසියක් වන්නේ නැවත නැවත User name . Password Type කිරීමට සිදු නොවීමයි. එකෙන්ම කියනවනම්  One Click Login. හොදයි ඉස්සෙල්ලා Last pass වැඩසටහන Download කරගන්න.

Friday, March 7, 2014

Android App Windows වල Run කරමුද ?

ඔන්න යාලුවනේ  අදත් ගෙනාවා පොඩි Trick එකක්. මේ දවස්වල Android Smart Phone වසන්ගතයක් වෙලානේ තියෙන්නේ. ගොඩක් දෙනා Andoid වලට කැමති ඒකට දාගන්නපුලුවන් සුපිරිම App තියන නිසා. අනික් කාරණය හොද හොද App නොමිලේම දෙන නිසා. ඒත් දැන් මේ දෙන්න යන්නේ නම් Android App එකක් නෙමෙයි. අපි වගේ Android Phone නැතිකට්ටියට ඒ Android App අපේ PC එකේම රන් කරගන්න පුලුවන් විදිහක් ගැනයි.  මේකේ නම Bluestacks App Player. මේකේන් පුලුවන් සෑහෙන්න Android Apps , Games ප්‍රමාණයක්ඔයාල්ගේ PC එකේම Run කරගන්න. දැනට මෙයට සහය දක්වන App විශාල ප්‍රමාණයක් ඇති අතර මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයකි. මෙය Windows සහ Mac යනමෙහෙයුම් පද්දති වලට සහය දක්වයි.

Android දුරකතන සදහා නොමිලේම ලබාදෙන සුපිරිම PC Manager මෘදුකාංගය.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේක අන්ගසම්පූර්ණ Smartphone PC Manager මෘදුකාංගයක් . මේකේන් පුලුවන් අපේ Android Phone  එකේ සියලුම වැඩ කරගන්න පුලුවන්. ඒ කිව්වේ මේ Mobogenie  කියන Smartphone PC Manager  එක හරහාම Apps download ( App Direct Download To PC )  ,  App Unistall , Manage and edit contacts , Videos . Music . Pictures . Ringing Tones Download කරන්න. Android Phone එක සම්පූර්ණයෙන්ම Back up කරගන්න. ඉතින් ඔය වගේ ඔක්කොම දේවල් මේක හරහා බොහෝම ලේසියෙන්ම කරගන්න පුලුවන්. Mobogenie මෘදුකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන එකක්. Mobogenie මෘදුකාංගය ගැන හොදටම තේරුම් ගන්න මම මේ යටින් දාන Video එක බලන්න.

Thursday, March 6, 2014

නොමිලේ ලබාදෙන සුපිරිම Download Manager මෘදුකාංගයක්


අන්තර්ජාලය බාවිතා කරන අපි හැමෝම අන්තර්ජාලය හරහා මොනයම් දෙයක් Download කරනවානේ. අපි Download Manager මෘදුකාංගයක්  බාවිතා කරනවානම් අපිටසාමාන්‍ය ක්‍රමයට වඩා වැඩි වේගයකින් අදාල ගොනුව Download කරගන්න පුලුවන්නේ.  Download Manager මෘදුකාංග කිව්වමත් ඉතින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ Interner Download Manager [ I D M ] මෘදුකාංගයනේ. ඉතින් මේ IDM මෘදුකාංගය නොමිලේ දෙන මෘදුකාංගයයකුත් නෙමෙයිනේ. ඕක සල්ලි දීලානේ ගන්න ඕනේ. අපේ කට්ටිය ඉතින් ගන්නවයැ සල්ලි දීලා. ඉතින් සමහරු IDM එක Crack , Patch කරන්න ගිහින් ලොවෙත් නැති වයිරස් දාගෙන නාගන්නවනේ. තවත් සමහරු  Crack , Patch එක කොච්චර Clean එකක් උනත් Crack , Patch තමන්ගේ පරිගණකයට දාන්නේ නෑනේ. ඉතින් ඔය එකි මෙකි නොකි ඕනම කෙනෙකුට බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් 100% ක්ම නොමිලේ දෙන සුපිරිම Download Manager මෘදුකාංගයක් තමයි අද ඔයාලට දෙන්න යන්නේ.මේකේ නම EagleGet. IDM එකේ තියෙන හැම Features එකක්ම මේ EagleGet  Download Manager මෘදුකාංගයෙත් ඇතුලත් වෙලා තියෙනවා. පාවිච්චි කරලම බලන්නකෝ.

EagleGet  Download Manager Download Link

http://www.eagleget.com/download/setup.exe



Download online videos from popular sites.




File Download Screen Shotz




එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

Wednesday, March 5, 2014

Pen Drive එකකින් Windows 7 , 8 දාගමුද ?


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා  කෑල්ලක්.  අපි පරිගණකයට සාමාන්‍යයෙන්  Windows Install කරන්නේ Bootable Windows DvD එකකින්නේ. ඒත් Bootable Windows CD / DvD වලට වඩා ලේසියෙන්ම USB Penඑකක් බාවිතා කරලා ලේසියෙන්ම Windows දාගන්න පුලුවන්. අනිත් කාරණය තමයි Note Book පරිගණක සහ පරිගණකයේ CD  / DvD ධාවකයක් නොමැති හෝ ධාවකයයේ  ප්‍රශ්ණ තියන අයට තියන හොදම විසදුම තමා Bootable Pen Drive  එකක් පාවිච්චි කරලා පරිගණකයට Windows දාගන්න එක. මේක කරගන්න අපිට ඕණ කරන්නේ Windows 7 , 8  ස0ස්කරණකයක .iso ගොනුවක් සහ 4 , 8 GB වැනි Pen Drive එකක් සහ Windows 7 USB / DVD Download Tool කියන පොඩි සොෆ්ට්වෙයා  කෑල්ලයි. මෙහෙමයි වැඩේ කරන්නේ.

Monday, March 3, 2014

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු [ Furk.net ]


අපි කවුරුත් අලුත් Movies , Games , Software වගේ ඕනෑම දෙයක් බාගන්න යන්නේ Torrent Site එකකටනේ. ඒ ගිහිල්ලත් ගොඩක් දෙනෙක් Torrent බාන්න කැමති Direct Link හරහානේ. ඒ වෙන මුකුත් නිසා නෙමේ. Torrent එකක් Torrent Client Software එකකට වඩා වැඩි වේගයකින් අපිට ඒ Torrent එක Direct Link ( IDM ) වැනි Download Manager මෘදුකාංගයක් හරහා අපිට බාගන්න පුලුවන් නිසා. දැන් මේ දෙන්න යන්නේ Torrent එකක් Direct Link එකකින් IDM එක හරහා Torrent එකක් Full Speed එකෙන් බාගන්න පුලුවන් තවත් සයිට් එකක් ගැන.  මේකේදි අපිට 5 GB Free Space එකක් හම්බ වෙනවා. Resume Support කරනවා. වැඩි කතා ඕන නෑ කට්ටියත් මේකෙන් Free Account එකක් හදාගන්නකෝ.වැඩේ කරගන්නේ මෙහෙමයි.

Sunday, March 2, 2014

Android උපාංගයෙන් උසස් ශබ්ද රසයකින් යුතුව සංගීතය රසවිදින්න. ” Poweramp Music Player “

ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා සුපිරිම Android App එකක්. ඔබගේ Android උපාංගයෙන් ඉතා උසස් ශබ්ද රසයකින් යුතුව සංගීතය රස වීදීමට හැකි සුපිරිම Android Music Player එකක් තමයි ” Poweramp Music Player ” කියන්නේ. ප්‍රදානතම Audio Format සියල්ලටම සහය දක්වන මෙම Poweramp Music Player එක 10 band optimized graphical equalizer එකකින් සමන්විත නිසා ඉතා උසස් ශබ්ද රසයකින් සමන්විතයි. තවත් අමතර වාසියක් වන්නේ බැටරි බලය අවම වශයෙන් බාවිතයයි. ” Poweramp Music Player ” එක Google Play හි $ 3.99 වන අතර පහත සබැදියෙන් Poweramp Music Player හී PRO Version එක බාගන්න පුලුවන්.

ඇණයක් නොවී සංගීතය රසවිදීමට Rocket Player Premium [ Android App ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා සුපිරිම Android App එකක්. ඔබගේ Android උපාංගයෙන් ඉතාමත් පහසුවෙන් සංගීතය රස වීදීම සදහා බාවිතා කිරීමට හැකි හොද App එකක් තමයි Rocket Player Premium කියන්නේ. මෙහි ඇති තවත් අමතර වාසියක් වන්නේ ඔබගේ Android උපාංගයේ Memory අවම වශයෙන් බාවිතා කිරීමයි. එම නිසා Android උපාංගයේ ක්‍රියාකාරීත්වයට බාදාවක් නොවී හොදින් සංගීතය රස වීදිය හැකියි. Rocket Player Premium මෘදුකාංගය Google Play හී $ 3.99 ක් වන අතර පහත සබැදිය හරහාද Rocket Player හී Premium Version එක ලබාගත හැක.

සිංහල උපසිරැසි සමගම චිත්‍රපට Convert කරමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන සුපිරිම මෘදුකාංගයක්. දැන් ගොඩක් අලුත් , පරණ ෆිල්ම් වලට සිංහල උපසිරැසි හම්බ වෙනවානේ. ගොඩ දෙනෙකුට තියන ලොකු ප්‍රශ්ණයක් තමයි මෙහෙම හම්බවෙන උපසිරැසි DvD යන්ත්‍රයක් මගින රූපවාහිනීයෙන්  බලන්න පුලුවන් විදිහට ඒ ෆිල්ම් එක හදාගන්න කොහොමද කියන එක. එහෙම කරගන්න පුලුවන් ඉතා ලෙහෙසි ක්‍රමයක් තමයි අද ලිපියෙන් කියන්නේ.  මේ සඳහා අපිට සිංහල යුනිකෝඩ් අකුරු  වලට සහය දක්වන Video Converter  මෘදුකාංගයක සහය ගෙන ලේසියෙන්ම සිංහල උපසිරැසි සහිත චිත්‍රපට රූපවාහිනී යන්ත්‍රයෙන් බලන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන්. මේ සදහා අපි බාවිතා කරන්නේ WinAVI Video Converter කියන Video Converter  මෘදුකාංගයයි. බොහෝම ලේසි වැඩක් තියෙන්නේ. පහත විදිහට කරන්නකෝ.

Saturday, March 1, 2014

Android Phone එකෙන් Delete උන File ආපහු Recover කරමුද ?


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන තවත් සුපිරි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් පුලුවන් අපේ  Android Phone එකෙන් Delete කරපු SMS text messages and contacts , Photo & Video Formats ආපහු Recover කරගන්න. අනික Recover කරගන්න ඕණ එකේ Preview එකක් පෙන්වන නිසා අපිට ඕණ කරන එක හරියටම Recover කරගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එක Samsung , HTC , LG, Motorola , Sony , Huawei , ZTE වර්ගයේ Android Smart Phone වලට සහය දක්වනවා.